🥺අපිට ලීටර් 5ක් මදි 10ක් වත් දෙන්න

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    සතියකට ලීටර් 10ක් ත්‍රී විල් එකකට මදි. මේක ඇයි මංදා මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ.

    නිකමට බැලුවොත් පෝලිමේ ඉන්න ලීටර් බාගයක් වගේ යනවා. පෝලිමේ නිවුටල්ම යන්න බැහැනේ කඳු එහෙම සෙට් වෙනවා. තල්ලු කරන්න එන්න කියන්නත් බැහැ මිනිස්සුන්ට. ඒ අයත් හාමත් වෙලා ඉන්නේ.

    එතකොට ගෙදර වැඩ වලට ලීටර් 1ක් වගේ වැය වෙනවා කියලා හිතමු. ඇත්තටම මීට වඩා යනවා මොකද කඩේකින් බඩුවක් උනත් අපිට මාසෙකට හරියන්න ගෙනත් තියාගන්න පුළුවන් වත්කමක් නැහැ.

    පාක් එකට යන්නයි එන්නයි තව ලීටර් බාගයක් අයින් කරමු.මොකද උදේ යද්දී හෝ හවස එද්දී හයර් සෙට් වෙන්නේ නැහැනේ. දවල්ට කන්න ගෙදර එන එක අත ඇරලා දාමු. වතුර එකක් බීලා හිටිය හැකි.

    එතකොට හයර් යන්න ලීටර් 3යි ඉතුරු. මේ ලීටර් තුනෙන් කදු පැති වල ෆස්ට් එකේ යන්න ඕනේ.ඔය යන අතර තුර පාරේ බ්ලොක් එකක් සෙට් වෙලා තෙල් පිච්චෙන්න පුළුවං. ලීටර් තුනක් නිසා දුර හයර් ඔක්කොම නවත්තන්න වෙනවා.

    පොඩි දුර හයර් එකක් ගියත් එද්දී තව කෙනෙක් සෙට් වෙන්නේ නැහැනේ බොහෝ දුරට. ගියපු තැන ඉන්නත් බැහැ එහේ පාක් වලින් කේස් දානවා.එතකොට ආයේ පාක් එකට එද්දී එතන තෙල් ටික අපතේ යනවා.

    දැන් තේරෙනවා ඇතිනේ ලීටර් තුනෙන් අපි මොනවා කරන්නද කියලා. මේ ලීටර් තුන 1000හා ගානේ විකුණලා සතියට 3000ක් හොයන්න එක තමා එකම විසදුම. ඒකත් සාර්ථක නැහැ දැං පෙට්‍රල් තියෙන නිසා.

    අනික තව සමහරු කියනව අපි 1km 250ක් ගන්නවා කියලා. එහෙම ගත්තාම මිනිස්සු නගිනවද? අනික මනුස්සයෙක්ගේ මූණ බලං එහෙම අසාධාරණ ගානක් කිවහැකි ද? එහෙම කරන අය ඇති සුවල්ප ප්‍රමාණයක් .

    කාර් වලට ලීටර් 20ක් මොකටද? එයාලට ලීටර් 5ක් ඇතිනේ ගෙදර වැඩ ටික කරගන්න. Office එකට/ඉස්කෝලෙට බස් වල යන්න පුළුවං ඒ අයට.

    අපිට බස් ඒකේ යන්න බැහැනේ මේක අපේ රස්සාව. අපිට වෙන විකල්ප නැහැ. ඒ නිසා අපිට ලීටර් 8ක් වත් ඕනේ.

    අපි මෙහෙම ඉල්ලීම් කරන්නේ තව දවස් කිහිපයක් විතරයි. අපේ ඉල්ලීම් වලට ඇහුම් කම් නොදුන්නොත් අපිත් අරගලයක් පටන් ගන්නවා.

    QR කේත ක්‍රමය අති සාර්ථක බව අපි දන්නවා. අපිට මේ ප්‍රමාණය මදි උනත් හැමොටම ටිකක් හරි ගන්න පුලුවන් මේ ක්‍රමේ නිසා . මේ අර්බුදය අවස්තාවාදී නොවී සදාරනව තෙල් බෙදා ගන්න අපිත් කැමැති. ඒත් ලීටර් 5කින් අපි කොහොමද පවුලක් නඩත්තු කරන්නේ .

    අනික තමා අපිට මඩ ගහන්න එපා.හැම ත්‍රී විල් කාරයම එක වගේ නැහැ.පාර්ක් වල නවත්තගෙන වටේම ඕප දූප හොය හොය ගෑනියෙකුට පාරෙ යන්න නැහැ කුපාඩි කතා කියන, මාර්ග නීති කඩන, අශීලාචාර , මැර , තක්කඩි ත්‍රීවීලර් වලට අපිත් කැමැති නැහැ.

    අපි මහන්සි වෙලා තමා කීයක් හරි හොයා ගන්නේ. අපි කාලකන්නි නෙවේ.කාලකන්නි කිසිම වැඩක් නොකර පින් පඩි ගන්න රජයෙ සේවකයෝ.

    බුදු සරණයි 🙏
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,599
    53,847
    113
    Colombo
    අපිට අඩුම ලීටර් අටක් වත් නොදුන්නොත් අපිත් අරගලයක් පටන් ගන්නවා.

    රනිල් ස ට කියල ඇට තලාගන්න වගේ හදන්නෙ :(
     
    • Haha
    Reactions: kasunkaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    දැන් තේරෙනවා ඇතිනේ ලීටර් තුනෙන් අපි මොනවා කරන්නද කියලා. මේ ලීටර් තුන 1000හා ගානේ විකුණලා සතියට 3000ක් හොයන්න එක තමා එකම විසදුම.

    ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ ත්‍රීවිල් වලට හයර් නෑ කියල. පවු ඉතින් ඒ සෙට් එක.

    දුවා ගන්න බැරි තරමට හයර් තියනව.මේ ටිකේ හයර් දුවපු අය හොදට හම්බ කර ගත්ත.

    හැබැයි ඉතින් හයර් දුවල පාඩුයි කියල ලීටරේ 2000ට 3000ට විකුනපු සෙට් එකට කියන්න තියෙන්නෙ ඇත්තටම උබල තමා පාඩු විදල තියෙන්නෙ
    😂


    Pick me 5 Km Ride එකට 960 ඒ මහත්තයා 1200ක් දුන්න මේ ටිකේම හයර් යන මිනිස්සු වැඩිපුර 100, 200 දුන්න දුවා ගන්න බැරි තරමට හයර්.

    මන් කියන්න හැදුවේ 5km යන්න මට තෙල් කාලක් පිච්චෙන්න ඇති ඒ වගේ හයර් 4ක් මට ලීටරේකින් යන්න පුළුවන් එතකොට මට ලීටරේකින් ආසන්න වශයෙන් 4000ක් ලැබෙනව (ඇත්තටම ඊට වැඩී waiting එක්ක බැළුවම).

    ඒ විතරක් නෙමේ හයර් 5ක් දිවුවම දිරි දීමනා රු 500ක් හම්බ වෙනව.

    තෙල් වික්ක එක ලාභද හයර් දුවපු එක ලාභද කියල හිතා ගනිල ඉතින්.

    ඉස්සරහට තමා හයර් යන්න ත්‍රීවිල් නැති වෙන්නෙ මෙච්චර කල් නම් හයර් යන්න ත්‍රීවිල් තිබ්බ.

    pick me uber use කරන්නෙ නැති අය ටිපර් වෙන්න එපා.ඉදල හිටල ගමේ වීල් එහෙක හංදියට යන අයත් ටිපර් වෙන්න එපා
    හැමදාම pick me uber භාවිතා කරන කට්ටියක් ඉන්නව.

    කොළඹ,මාළබේ,කිරිබත්ගො,කඩවත,අතුරුගිරිය,නුගේගොඩ.

    මේ අවට තමා මේ ඇප් භාවිතා කරන ගොඩක් අය ඉන්නෙ.

    මන් නම් කියන්නෙ හැමකෙනෙක් අතේම smart phone එකක් තියනවනෙ හැමෝම වගේ මේ ඇප් එක දාගන්න.

    වෘතියක් විදිහට ත්‍රීවිල් දුවන අයත් pick me එකත් එක්ක rejister වෙන්න.

    දෙපාර්ශවයටම හොදක් වගේම ඉක්මන් සේවයක් සිද්ද වෙයි කියල හිතනවා.

    ZKoE8C2.jpg



    Source
     
    • Like
    Reactions: salitha22

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    දැන් අනික් වාහන කරදර නැතිව තෙල් ගන්නව.ත්‍රී රෝද රථ වලට සතියකට ලීටර් 08ක වත් කෝටාවක් දෙන්න ඕන.

    මෙච්චර කල් ඇදපුවගෙන් දුවන්න කියමු
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මෙච්චර කල් ඇදපුවගෙන් දුවන්න කියමු
    හැම එකාම ඇද්දේ නැහැනේ බං? පොලිස් කාරයොයි. ලොකු ලොක්කොයි තෙල් කොච්චර විනාශ කරාද? පොdi මිනිහගේ කකුල කඩන්න එපා බං.
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    හැම එකාම ඇද්දේ නැහැනේ බං? පොලිස් කාරයොයි. ලොකු ලොක්කොයි තෙල් කොච්චර විනාශ කරාද? පොdi මිනිහගේ කකුල කඩන්න එපා බං.

    ඔය පොඩි මිනිහ තමයි මේ ඉලව් රටෙ හැම පස්නෙටම මුල.

    දැන් බලපන්, පොඩි මිනිහ කියන එවුන් පදින වාහන.
    වීල්, බට්ට ලොරි, සීටී 100, දෙකයි පනහෙ එක එක වෑන් කෑලි

    ඕකුන් නිසා පාරවල් බ්ලොක් වෙනවා. අපිට ගමනක් යන්නත් නෑ.

    රෙද්ද
     
    • Like
    Reactions: analytics