මේක වැරදියි. රිය අනතුරකදි ඇප දෙන්න අදාල වෙන්නෙත් සාමාන්‍ය ඇප වලට අදාල වෙන ඇප පනතේ 14 වගන්තියම තමයි. ඒක අනුව,
- ඇප පිට ඉද්දි වරදක් කරන්න හේතුවක් නැත්නම්
- අධිකරණය මගහරී කියලා සැකයක් නැත්නම්
- සාක්ෂිකරුවන්ට බලපෑම් කරාවි කියලා අවධානමක් නැත්නම්
- අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවයක් නැත්නම් ඇප නියම කරන්න මහේස්ත්‍රාත් වරයාට පුලුවන්.
මේ වගේ එකකදි පොලීසිය කියනවා විමර්ශණ ඉවර නැති නිසා ඇප වලට විරුද්ධයි කියලා. හැබැයි නීතිය අනුව ඒක ඇප නොදෙන්න හේතුවක් නෙමෙයි. ඒක මහේස්ත්‍රාත්වරයාට පෙන්නලා දෙන්න ඕන.
සාමාන්‍ය තත්ත්ව යටතේ මරණීය රිය අනතුරකට වුනත් ඇප ගන්න පුලුවන්. නීතීඥවරයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හරියට නීතිය දන්න නීතීඥවරයෙකුට ඕක සාමාන්‍ය දෙයක්.
ඔය වන්දි ගෙවන කථාවට කියන්නේ සානුකම්පිත දීමනාව කියලා. ඒක අදාල වෙන්නේ තුවාල කරුවෙක් රෝහල් ගතවෙලා ඉන්න අවස්ථා වලට. එහෙම නැතුව මරණ වලට ඒක අදාල නෑ. හැබැයි සාමාන්‍ය භාවිතාව ඇතුලේ මරණ කරුගෙ පැත්තට කිසියම් මුදලක් ගෙවන්න එකඟතා ඇතිවෙනවා. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි.
ඒ වගේම තමයි මහේස්ත්‍රාත් තීරණ ගන්නේ දෙපැත්තෙන් ඉදිරිපත් වෙන කරුණු සලකා බලලා. දෙපැත්ත කියන්නේ පැමිණිල්ල වෙන පොලීසිය සහ අනතුර කරපු සැකකරු කියන දෙපාර්ශවය. මැරිච්ච කෙනාගේ නෑදෑයින්ට පුලුවන් අවශ්‍ය නම් අගතියට පත් පාර්ශවය කියලා නඩුවට මැදිහත් වෙන්න. හැබැයි ඒ අයගේ කැමැත්ත අකමැත්ත අදාල නෑ ඇප දෙන්න. සරලවම කියනවා නම් ඇප වලට විරුද්ධ වෙන්න නීතිමය අයිතියක් තියෙන්නේ පැමිණිල්ලට විතරයි.
ඒක තමා මචං මම මුලම මෙහෙම කියල තියෙන්නේ.
මම හිතන විදියට මේ වගේ සිද්ධියකදි ක්‍රියාත්මක වෙන්න ඕන විදිය කියන ප්‍රොටොකෝල් එකක් SOP එකක් පොලිසියට නෑ. එහෙම කියන්නෙ මොකද මේ වගේ සිද්ධියක් උනාම එක එක පොලිස් ස්ථාන වල වැඩ කෙරෙන හැටි විවිධයි. නමුත් ජෙනරලි මේ යට කියන වැඩ ටික තමා වෙන්නේ
එක එක උසාවි වල එක එක පොලිසි වල ක්‍රමය වෙනස්. අනික මම නීතිය ගැන ලොකු දැනුමැත්තෙක් නෙමෙයි. මගෙ හිතවතුන්ට උන සිද්ධි ඇසුරින් ඉගෙනගත්තු දේවල් මේ. ඇප දීම සම්බන්ධව නීති පොත්වල තියෙන දේ මම දන්නෙ නෑ.
අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවය
මෙන්න මේ කරුන නිසයි අගතියට පත් පාර්ශවයෙත් අනුදැනුම ඇතුව ඇප දීම සිද්ධ කරන්නේ.
සානුකම්පිත දීමනාව මරණ වලටත් අදාලයි. මරණයෙ වැඩ කටයුතු වලට කියල දෙන්නෙ ඒක.
නීතිය ගැන හොඳ දැනුමක් තියෙනව වගේ, රිය අනතුරක් වෙලා මරණයක් හෝ බරපතල තුවාල උනාම නඩුව යන විදිය ගැන ලොකු රතු අකුරෙන් ත්‍රෙඩ් එකක් දාන්න කියල මම ආරාධනා කරනවා.
Tfs මචෝ..
මට ඩ්‍රයිවිං පුරුදු කරපු කෙනා, කහ ඉරක් දකිනකොට,
"පරිස්සමෙන්, පොඩ්ඩ මිස්වුනොත් දවස් 14ක් ඇතුලේ" කියනව...
ඔව්. මටත් කහ ඉරක් දකිනකොට බ්‍රේක් එකට කකුල යනවා

------
Post added on Aug 12, 2022 at 7:40 PM
අපි වාහනයක් එලවගෙන යද්දී එකෙක් යටවෙලා මැරුනොත්..උසාවි දාපුවම යටවෙලා මැරුන එකාගේ නෑයොන්ගෙන් අහලා ඇප දෙන සීන් එකක් නෑනේ බන්..අපේ ලෝයර් කතාකරලා ඇප ගන්නවා අපේ අතේ වැරැද්දක් නැත්තම්..අපේ ගෙවල් පැත්තේ එකෙක් පාරේ අයිනේ හිටපු ගෑනු කෙනෙක් යටකරලා ඒ ගෑනි මැරුනා..මූ බීලා අනම් මනම් හිටියෙත් නෑ..කොහොමහරි පාරේ අයිනේ හිටපු තරුණ ගෑනු කෙනෙක්..මූ පොලිස් කූඩුවේ විතරයි හිටියේ උසාවි දාපු ගමන් ඇප හම්බුනා..
පොලිසිය අනුව මහේස්ත්‍රාත් වරයා අනුව වෙනස් වෙනවා
------
Post added on Aug 12, 2022 at 7:41 PM