ළමයි හදන එක

ළමයෙක් හදන එක

  • ළමයි හදනවා

    Votes: 26 41.3%
  • ළමයි හදන්න කැමති නෑ

    Votes: 30 47.6%
  • ළමයි හදන්න කැමතියි ඒත් ළමයි නෑ.

    Votes: 7 11.1%

  • Total voters
    63

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    මොකටද බන් ලමයි හදන්නේ?
    මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ලමයෙක් හදලා?
    උඹගෙයි වයිෆ්ගෙයි සතුටද?
    උඹලගෙ සතුට වෙනුවෙන් තව ජීවිතයක් මේ ලෝකෙට ගෙනල්ල අතාරින එක අවුලක් නැද්ද උඹලට?
    සිරාවට උඹල කැමතිද තව එකෙක් උඹලා විඳපු දුකම විඳිනවට ජීවිතේ?
    ඔව් මේ ජීවිතේ දුකක්.
    මොකද්ද බන් මේක?
    නිකම් රේස් එකක්නෙ තියෙන්නේ.
    ඔව් සතුටත් තියෙනව තමයි.ඒත් සමස්තය දුකක්නේ.
    ඇයි ඒක තව කෙනෙක් පිටත් පටවන්නේ.
    පටවන් නැතුව ඉන්න පුලුවන්කමත් තියෙද්දි?
    ඔය ලමයා අඩු වයසින් මැරෙන්න පුලුවන්.ජීවිත කාලෙම අබ්බගාතයෙක් වෙන්න පුලුවන්.පිස්සෙක් වෙන්න පුලුවන්.ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්න පුලුවන්.කැන්සර් එකක් හැදෙන්න පුලුවන්.කවුරු හරි එකෙක්ට රැවටිලා ඌ එක්ක ගිහින් ජීවිතේම අපායක් කරගන්න පුලුවන්.වීඩියෝ එකක් ලීක් වෙන්න පුලුවන්(කෙල්ලෙක් නම්).ඇක්සිඩන්ට් වෙලා චප්ප වෙලා යන්න පුලුවන්.
    හරි එහෙම නොවෙන්නත් පුලුවන් තමා.
    ඒත් උඹලට හිතෙනවද ඒක ගන්න වටින රිස්ක් එකක් කියලා?
    විශේෂයෙන් උඹලගෙ තනි කැමැත්තට?
    ලමයගෙ කැමැත්ත හෝ අකමැත්ත ගන්න බෑනෙ.
    තනිකරම උඹල දෙන්නගෙ කැමැත්තටනෙ ඔය තීරණේ ගන්නේ.
    ඒක හරි කියල හිතනවද?
    මේ ලෝකෙ කිසිම නරකක් නැති පැරඩයිස් එකක් නම් තව ජීවිතයක් මේ ලෝකෙට ගේන එකේ අවුලක් නෑ කියන්න පුලුවන්.ඒත් එහෙම නෑනෙ.
    මට නම් ඔය ලමයෙක් හදන ලොජික් එක තේරෙන්නෙම නෑ.මම කවදාවත් ලමයෙක් හදන්නෙත් නෑ.
    මං හිතන්නෙ අපි ලමයෙක්ට ආදරෙයි නම් කරන්න ඕන හොඳම දේ තමයි ඌව මේ ලෝකෙට ගේන් නැතුව ඉන්න එක කියලා.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ළමයි හදන්න කැමති නැති අයයි ළමයි නැති අයයි ලයිෆ් එක ප්ලෑන් කරගෙන තියෙන්නෙ කොහොමද කියල idea 1 k දෙන්න. මට ළමයි හදන්න කැමැත්තක් නෑ. ඒක pros and cons දැනගන්න ඕනා ඔයලගෙ opinion විදිහට

    මම හිතන්නේ ඒක තීරණය කරන්න ඕනේ ඔබල දෙන්න තමයි.

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තමන් ඇත්තටම දරුවෙක්ට ආස නම්, දරු සුරතල් බලන්න ඕන නම් හදපන් දෙන්නම කැමතිනම්.

    වටේ පිටේ උන්, නෑදැයෝ කියනවට හදන්න එපා. උන් නෙමෙයි නේ බලාගන්න එන්නේ, කන්න බොන්න දෙන්නේ.

    විශ්‍රාම සැලසුමක් විදියට නං හදන්න එපා. ගොඩක් අය කියන්නේ වයසට ගියොත් බලාගනිවී කියලනේ. මේක ටික දුරකට ඇත්ත ආදී කාලේ. දැනුත් යම්තාක් දුරකට හරි ලංකාව වගේ රටවල. හැබැයි ඉස්සරහට මේක මෙහෙම වෙයි කියල හිතන්න එපා.

    ඔප්ෂන් කීපයක් බලමු වෙන්න පුළුවන්.

    A) ගොඩක් උන් රට යනවා ළමයි වෙනුවෙන් කියල. රට ගියාම ළමයි හැදෙන්නේ ඒ සංස්කෘතියට. ඒ සංස්කෘති වල ළමයි දෙමාපියන්ව බලාගන්නේ නැහැ. වැඩිහිටි නිවාස වලට යන එක තමයි කොහොමත් කරන්නේ. ඒ රටවල උන් කොහොමත් ළමයින්ට ගොඩක් වියදම් කරන්නේ නැහැ, ළමයි වෙනුවෙන් නහන්නේ නැහැ, ළමයි වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරන්නේ නැහැ. ඉතින් එක අතකට සාදාරනයි සිස්ටම් එක. හැබැයි ලංකාවේ එකෙක් එහෙට ගියාම ඌ තමන්ගේ ජීවිතේම ළමය වෙනුවෙන් කට්ට කාලා. හැබැයි ළමය එහෙ සිස්ටම් එකට තමයි දෙමාපියන්ට සලකන්නේ. ඉතින් එක අතකට අසාධාරණයි දෙමව්පියන්ට.

    B) සමහර වෙලාවට ළමයින්ව රට යවනවා ඉගෙන ගන්න, ජොබ් කරන්න. ඉතින් ළමයා ලංකාවේ සංස්කෘතියෙන් හැදුනත්, ඌ අන්තිමට පිටරටකට ගිහින්, හැබැයි දෙමව්පියන් ලංකාවේ. ඉතින් ළමයට සමහර විට උදව් කරන්න ඕන වුනත් එයාගේ කොමිට්මන්ට්ස්, වැඩ එක්ක මුකුත් කරන්න බැහැ. අන්තිමට දෙමව්පියෝ දුක් වෙනවා අවුරුදු ගානකට සැරයක්වත් තමන්ගේ ළමයා හම්බෙන්නේ වත් නැතුව.

    C) ලංකාවේම හිටියා කියමු. ලංකාවෙත් එන්න එන්නම ටික ටික දෙමව්පියන්ට සලකන බලාගන්න ගතිය අඩු වේගෙන එන්නේ. ඒ කාලේ වගේ බැඳලා අම්මලා තාත්තලා එක්ක නෙමෙයි දැන් ඉන්නේ. ඕන නං සතියකට, මාසෙකට සැරයක් ඇවිල්ලා බලලා යාවි. අනික උනුත් බිසී, ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් මහන්සි වෙන්න වෙලාව අඩුයි ඕනෑකම තිබ්බත්.


    උඹලා ඇත්තටම ළමයින්ට ආස නැත්තන්, හැබැයි වයසට ගියාම මොකක් වෙයිද කියලා බයයි නම්, ඉන්වෙස්ට් කරපන්. ළමයෙක් හදලා ළමයෙක් වෙනුවෙන් වියදන් වෙන මුදල ඒ කාලෙදිම ඉන්වෙස්ට් කරපන්. ළමයාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාබයට වැඩි ගානක් උඹට ඉතුරු වෙයි.

    හැබැයි ආපහු කියන්නේ ඇත්තටම ළමයෙක්ට ආස නම් හදපන්!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,511
    1
    51,158
    113
    ප*යාගල
    sorry.com
    ලමයි නැති අය ඉන්නවනම් PM එකක් දාන්න.ඩොකෙක් ගෙ විස්තර දෙන්නම්

    නැත්නම් මාව කෝට් කරපන් ම්න් මෙතනම දාන්නම්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ලමයි නැති අය ඉන්නවනම් PM එකක් දාන්න.ඩොකෙක් ගෙ විස්තර දෙන්නම්

    නැත්නම් මාව කෝට් කරපන් ම්න් මෙතනම දාන්නම්.
    dahan ithin kata hari wedagath weine
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,720
    113
    පෘථිවිය
    සිංහලලු - ළමයි හදන්නේ නැහැ
    දෙමල්ලු - ළමයි දෙන්නෙක් ඇති හදනවා
    මුස්ලිම් - ළමයි බුරුතු පිටින් හදනවා,


    හරි දැන්
     
    • Like
    Reactions: Jihadi john