තමන් ඇත්තටම දරුවෙක්ට ආස නම්, දරු සුරතල් බලන්න ඕන නම් හදපන් දෙන්නම කැමතිනම්.
වටේ පිටේ උන්, නෑදැයෝ කියනවට හදන්න එපා. උන් නෙමෙයි නේ බලාගන්න එන්නේ, කන්න බොන්න දෙන්නේ.
විශ්‍රාම සැලසුමක් විදියට නං හදන්න එපා. ගොඩක් අය කියන්නේ වයසට ගියොත් බලාගනිවී කියලනේ. මේක ටික දුරකට ඇත්ත ආදී කාලේ. දැනුත් යම්තාක් දුරකට හරි ලංකාව වගේ රටවල. හැබැයි ඉස්සරහට මේක මෙහෙම වෙයි කියල හිතන්න එපා.
ඔප්ෂන් කීපයක් බලමු වෙන්න පුළුවන්.
A) ගොඩක් උන් රට යනවා ළමයි වෙනුවෙන් කියල. රට ගියාම ළමයි හැදෙන්නේ ඒ සංස්කෘතියට. ඒ සංස්කෘති වල ළමයි දෙමාපියන්ව බලාගන්නේ නැහැ. වැඩිහිටි නිවාස වලට යන එක තමයි කොහොමත් කරන්නේ. ඒ රටවල උන් කොහොමත් ළමයින්ට ගොඩක් වියදම් කරන්නේ නැහැ, ළමයි වෙනුවෙන් නහන්නේ නැහැ, ළමයි වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරන්නේ නැහැ. ඉතින් එක අතකට සාදාරනයි සිස්ටම් එක. හැබැයි ලංකාවේ එකෙක් එහෙට ගියාම ඌ තමන්ගේ ජීවිතේම ළමය වෙනුවෙන් කට්ට කාලා. හැබැයි ළමය එහෙ සිස්ටම් එකට තමයි දෙමාපියන්ට සලකන්නේ. ඉතින් එක අතකට අසාධාරණයි දෙමව්පියන්ට.
B) සමහර වෙලාවට ළමයින්ව රට යවනවා ඉගෙන ගන්න, ජොබ් කරන්න. ඉතින් ළමයා ලංකාවේ සංස්කෘතියෙන් හැදුනත්, ඌ අන්තිමට පිටරටකට ගිහින්, හැබැයි දෙමව්පියන් ලංකාවේ. ඉතින් ළමයට සමහර විට උදව් කරන්න ඕන වුනත් එයාගේ කොමිට්මන්ට්ස්, වැඩ එක්ක මුකුත් කරන්න බැහැ. අන්තිමට දෙමව්පියෝ දුක් වෙනවා අවුරුදු ගානකට සැරයක්වත් තමන්ගේ ළමයා හම්බෙන්නේ වත් නැතුව.
C) ලංකාවේම හිටියා කියමු. ලංකාවෙත් එන්න එන්නම ටික ටික දෙමව්පියන්ට සලකන බලාගන්න ගතිය අඩු වේගෙන එන්නේ. ඒ කාලේ වගේ බැඳලා අම්මලා තාත්තලා එක්ක නෙමෙයි දැන් ඉන්නේ. ඕන නං සතියකට, මාසෙකට සැරයක් ඇවිල්ලා බලලා යාවි. අනික උනුත් බිසී, ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් මහන්සි වෙන්න වෙලාව අඩුයි ඕනෑකම තිබ්බත්.
උඹලා ඇත්තටම ළමයින්ට ආස නැත්තන්, හැබැයි වයසට ගියාම මොකක් වෙයිද කියලා බයයි නම්, ඉන්වෙස්ට් කරපන්. ළමයෙක් හදලා ළමයෙක් වෙනුවෙන් වියදන් වෙන මුදල ඒ කාලෙදිම ඉන්වෙස්ට් කරපන්. ළමයාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාබයට වැඩි ගානක් උඹට ඉතුරු වෙයි.
හැබැයි ආපහු කියන්නේ ඇත්තටම ළමයෙක්ට ආස නම් හදපන්!