මේකත් රූකාගෙ පද රචනයක් තමා
සුපිරිම වැඩ්ඩෙක් තමා. රූක අපි හෙනට ආස සිංදු ගොඩකට වෙන අයට මියුසික් කරල දීල තියෙනව. "මුහුද හඬන වෙලාවේ" ගීතය එහෙම මම ආසම ස්ංදුවක්. ඒක රූකගෙ මෙලඩි එකක් කියල දැනගත්තෙ ලගදි.
මේවගෙ තවත් වැඩ්ඩෙක් තමා විකටර් රත්නායක මහත්මයත්, ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුනාට කොයි තරම් හොද මෙලඩි අනිත් අයට හදල දීල තියෙනවද කියල ගොඩක් අය දන්නෙ නෑ. Underappreciated genius ල
මේ වගේ රූක වෙන අයට කරල දීපු සිංදු/ "රූ නොගැයූ ගී"ත් මේකෙම දාන්න තියෙනව නම්.
මධුමාධවට දීපු අනික් තනුව තමා සිත් සිත් සිත් එක. නිකං මයිකල් ජැක්සන්ගෙ සින්දුවක වගේ. ඒකෙ පදරචනයත් රූකගෙ මං හිතන්නේ.
මර්වින් පෙරේර මහත්තයත් එහෙමයි. තව ග්‍රේෂන් ආනන්ද මහත්තයත් සෑහෙන තනු හදල තියෙනව මං හිතන්නෙ.
රූ හැදූ රූ නොගැයූ ගී තමා මචං මේ. මං ටයිට්ල් එක වැරදියට දාල තියෙන්නේ. රූ හැදූ ගී වෙන්න ඕනේ
------ Post added on Sep 22, 2022 at 12:54 AM
මම එකපාරක් fb පොස්ට් එකක් දැක්ක, රූකාන්ත ලියල දීපු සින්දු, සංගීතය නිර්මාණය කරපු සින්දු පට්ට සෙට් එකක් ගැන දාල තිබ්බ. හොද හිට් වෙච්ච සින්දු ඒවායින් ගොඩක්ම සින්දු..
screenshot එකක් ගහගන්න එපෑ
එහෙම සින්දු පට්ට ලිස්ට් එකක් තියෙනවා. මටත් උවමනාවක් තියෙනවා ඒ සේරම ටික එකතු කරගන්න. වැඩේ තියෙන්නෙ හරියට හොයාගන්න නෑ කොහෙවත්. සන්න එක්ක කරපු ඉන්ටවිව් එකේදියි මම දැනගත්තෙ මොහොතක සුව දෙන සින්දුවත් රූකා ලියපු එකක් කියලා. 1983දි ලු. අවුරුදු 24දි
------ Post added on Sep 22, 2022 at 12:56 AM
ඕකනං හොරෙන් උස්සපු මියුසික් එකක් බන්.
හැබැයි ඒ කාලෙ මෙහේ එවුන්ට හිතාගන්නවත් බැරි විදියට රූකාන්ත මියුසික් කරපුවා තියනවා
ඔජායේ එක රූකාන්ත හදපු එකක් නෙමේ බං, ගායනයෙන් විතරයි සිංදුවට සම්බන්ධ වෙලා තියෙන්නෙ රූකාන්ත.
------ Post added on Sep 22, 2022 at 12:58 AM


