උදාහරණෙකට ගන්නකො පෘථිවිය පැතලිද ගෝලාකරද කියන එක.
ඔප්පු කිරීම් කොච්චර තිබුනත් පෘථිවිය පැතලියි කියලා විශ්වාස කරන අය අදටත් ඉන්නවනෙ. පැතලියි කියලා විශ්වාස කරන කෙනෙක්ට, ගණිතය ඉගෙන ගත්තොත් මේක ඔප්පු කරලා තියෙන හැටි තේරේවි කිව්වොත් ඒ කෙනා ගණිතය ඉගෙනගෙන අඩුම තරමෙ මේ කියන්නෙ මොකක්ද කියලා හොයලා බලාවි කියලා උබලා හිතනවද? නැහැ ඒ අය එහෙම කරන්නෙ නෑ. හිතන්නෙ ගණිතය නොදන්න ගොබ්බ මට පෘථිවිය ගෝලාකාර නම් එක මට තේරෙන්න ඕන කියලයි හිතන්නෙ. නොතේරෙන්නෙ ගෝලාකාර නැති නිසයි. ෆ්ලැට් නිසයි කියලා හිතන්නෙ.
නැවත ඉපදීම සාමාන්‍ය ඇහැට කනට ගෝචර වෙන්නෙ නෑ ඒ නිසා කලින් ගණිතය පාවිච්චි කරා වගේ මේකටත් ඇඩ්වාන්ස් දෙයක් පාවිච්චි කරන්නම වෙනවා. අපි ඒකට සිත දියුණු කිරීම කිව්වොත්, පුනර්භවය ප්‍රතික්ශේප කරන අය කීයට වත් හිත දියුණු කරන්න යන්නෙ නෑ. පිලිගන්න අය උත්සහ කරත් 99.999999999999999999%කටම ඒ මට්ටමට දියුණු කරන්නත් බෑ. සමහරු උත්සහ කරල දැනගෙන කියපු කෙනෙක්ව විශ්වාස කරනවා.
ඇත නැත අන්තදෙකේ ඉඳන් වාද කරනවා. වාදයට යන්නෙම ඕක කිසිම ආකාරයකින් ඇත හෝ නැත කියලා ඔප්පු නොකරගත්තු අයයි.
මේක නම් ගැලපෙන්නේ නෑ.... භෞතික ලෝකයේ තියෙන දෙයක් පිලිගත්තේ නෑ කියලා කිසි ප්‍රශ්නයක් නෑ මොකද ඒවා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.
පිළිගන්න බැරිම එකෙක්ව ඕනේ නම් වියදම් කරවලා අභ්‍යවකාශයට යවලා ඌට පෙන්නන්න පුලූවන්.
නැවත ඉපදෙනවා කියන එක හෙන මොට්ට සංකල්පයක්...විද්‍යාත්මක නෑ...ඔප්පු කරන්න බෑ...නිකන් හිතලුවක් විතරයි. පිලිගන්න කෙනෙක්ට පිලිගන්න පුලුවන්... තේරුමක් නෑ ඉතින්
