Asexual අයව නම් ෆාදර් ල වෙන්න ගන්නේ නැහැ...නපුන්සක / ලිංගික බෙලහීනතා තියෙන අය ගන්නෙත් නැහැ...මම අහල තියෙන විදිහට නම් ඒවාට කොන්දේසි තියෙනවා...
අපි වගේ නෙමෙයි සාමානයෙන් ෆාදර් කෙනෙක් වුනාම සෑහෙන්න අධ්‍යාත්මික ජීවන රටාවක් ගත කරන්නේ...අපි දවස පුරා වැල බලනවා, කෙල්ලෝ එක්ක එහෙම කරාට එයාල දවසෙන් වැඩි හරියක් යාක්චා කරනවා..සෑහෙන්න අධ්‍යාත්මිකව දියුණු අය ඉන්නවා..
ජේසු ඇන පාර කෑවද මොකක්ද කියන එක උඩ නෙමෙයි අධ්‍යාත්මය ගොඩ නැගල තියෙන්නේ...තමන්ගේ අරමුණ මොකක්ද, තමන් මොකක්ද මේ ලෝගුව දාගෙන කරන්නේ කියන ස්වයං අවබෝදය මත...ජේසු ඇන පාර කෑවා නිසා එයා ලෝගුවක් දාගෙන ඉන්නවා නෙමෙයි නේ.

..ඕකට කියන්නේ self awareness කියල..ගොඩක් මිනිස්සුන්ට නැති දෙයක්..බාවනා කරලා, හිත එක අරමුණක පිහිටලා, ස්වයං හික්මීම සහ අරමුණක ඉන්න කෙනෙක්ට ලිංගික හැගීම් පාලනය කරගෙන යටපත් කරගෙන ඉන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව...ලිංගික බෙලහීනතාවය තිබුනා කියල ලිංගික හැගීම් අඩපන කරන්න බැනේ...එකට ඕනේ හොඳ ශක්තිමත් මනසක්.
කොටින්ම ෆාදර් ල පැත්තක දාපන්කෝ..මම දන්න කොල්ලෝ ඉන්නවා ඌට වැලක් පෙන්නුවත් හැගීම් යටපත් කරගෙන, පාලනය කරගෙන මාර විදිහ ෆෝකස් එකේ ජීවත් වෙන උන්..පට්ට මීටර් එකක්..
අපේ මිම්මෙන් හැමදේම මනින්න බැහැ..මම සාමන්යෙන් කතෝලික පල්ලිය, එකේ තියෙන සමහර ගොන් පාට වලට විරුදැයි..හැබැයි සිරාවටම ෆාදර්ස් සහ සිස්ටර්ස් ලා සිරාවට කරන කැපකිරීම් ගැන පැහැදීමක් තියෙනවා...මොනවා උනත් අපි දැකල තියෙන අය නම් මාර ජෙනුයින්
හාමුදුරුවොන්ට වඩා ෆාදර් ලා ගෑනු එක්ක ගැවසෙනවා මගේ අදහස සහ අත්දැකීම් අනුව නම්..
දවල් වෙලාවට පල්ලියට ගියොත් ෆාදර් ඔෆිස් එකේ ඉන්නේ වෙලාවට ගොඩක් වෙලාවට ගෑනු පස්සෙන්මයි...සමහර ෆාදර් ල බලෙන් උන්ව ඈත් කරගෙන ඉන්නවත් දැකල තියෙනවා..කරේ නගින්න ගිය ගෑනු ගැනත් දන්නවා...සම්බන්දකම් තිබුන කියල කට කතා පැතිරුණ ෆාදර්ලත් ඉන්නවා...හැබැයි කතාවක් පැතිරුණ ගමන් මිනිහව මාරු කරනවා..නටන්න නම් බැහැ..එහෙම නටනවා දැකලත් නැහැ අවන්කවම..
මීසම් ඔක්කොම එක තැනකින් පාලනය වෙන්නේ බන්..පන්සල් වගේ නෙමෙයි...සල්ලි / වියදම් ඔක්කොම පාලනය වෙනවා..
හොඳ උන් වගේම චාටර් උනුත් ඉන්නවා...එකම හොද දේ මේවා කොහොමහරි පාලනය වෙනවා...ආවට ගියාට වෙන්නේ නැහැ කිසි දෙයක්..
------
Post added on Oct 28, 2022 at 12:45 PM