ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා.
මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම ඇන්දේ Q&Q එකක්. ඒ මගුල මට allergic. ඒකට අතේ rash එකකුත් ආවා. ඒක හින්දද කොහෙද මුන් ටික ඒ ගිෆ්ට් වවුචර් එක දුන්නෙ. මම වවුචර් එකත් අරන් W.A. de Silva එකට ගියා. බලල බලල බැරිම තැන, බජට් එකටයි පෙනුමටයි හැමදේටම හරියන්න සෙට් උනේ Citizen Eagle එකක්. Proposal එකකින් කරගත්ත කසාදයක් වගේ මම එක අරන් ආවා. ඒ ලවු එක තාම තියෙනවා. වෙඩිං එකට අන්දෙත් ඒ වොච් එක.
2010 වගේ කාලේ Eagle එක සර්විස් කරන්න ඩාලි පාරේ Citizen Service Centre එකට අරන් ගියාම එතන සර්විස් වලට ආපු පරණ වොච් ටික දැක්කම තමයි වොච් උණ තදටම ගැහුවේ. ඒ අතරේ ecozilla එකකුත් bullhead එකකුත් තිබුණා. එහෙ චැට් එකක් දාගෙන ඉද්දි පරණ වොච් එකතු කරන එක ගැන ලොකු විස්තරයක් එකේ රෙපයාර් කරන කෙනා කිව්වා. එදා ගහපු වොච් පිස්සුව අදටත් සනීප වුනේ නෑ.
වොච් එකතුව පටන් ගත්තේ අතේ පිච්චියක් නැති කාලේ. eBay එකෙනුත් වොච් කිහිපයක් ගෙන්න ගත්තා. ඒවා Mumbai Special කියල දැනගත්තේ පස්සේ. සමහර Mumbai Special ඒවා මම ගත්තේ $0.99 - $5 වලට ඔක්ෂන් එකෙන්. Caseback ඇරලා බැලුවම නිකන් හතර අපාය වගේ. ටෞකන්ඩ දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් ඒවා විකුණගන්න පුළුවන් වුනා. සමහර ඒවා නිකන් දීල දැම්මා.
එක HMT වොච් එකකට මට මතක හැටියට $5ක වගේ බිඩ් එකක් දැම්මා. ඒකත් Mumbai වලින් ආපු එකක්. package එක ඇරලා බැලුවම 'ටහුඩු.... අලුත්ම අලුත් බ්රෑන්ඩ් නිවු HMT Karan එකක්! ඒක නම් දුන්නේ නෑ. තාම තියෙනවා.
වොච් පිස්සුව හැදිච්ච මුල් කාලේ වොච් රෙපයාර් කරන තැන් කිහිපයක් සෙට් කරගත්තා. බම්බලපිටියේ කුලතුංග, කොටුවේ විතානගේ, නුගේගොඩ සුපර් මාර්කට් එකේ කෙනෙක් (මට නම මතක නෑ), බත්තරමුල්ලේ තව ෂොප් එකක් සෙට් වුනා. සමහර mumbai special එවයි, ebay එකෙන් ගෙන්නගත්ත ස්විස් කෑලිබෑලියි මං නිකන් දීල සෙට් කරගත්තා.
මට ඒ දවස් වල ඕන වුනේ low budget එකට ටිකක් වෙනසක් ඇති වොච් එකතු කරන්න. වොච් එකක් වෙනුවෙන් වියදම් කරන්න තියාගත්තේ උපරිම 4,000යි. Mumbai Special වලට අහුවුණ හින්ද රෂියන් පැත්තට මාරු වුනා. Vostok, Poljot, Zim, Pobeda වගේ බ්රෑන්ඩ් වල වොච් එකතු කළා. මම දන්නා විදිහට රෂියන් වොච් ගැන දැනුමක් තියෙන්නෙ කුලතුංගට විතරයි. එක සැරයක් කුලතුංග ගේ shop එකට කවුරු හරි Vostok Amfibia එකක් විකුනන්න ගෙනත් දීල තිබ්බා. ගැන ඇහුවම 3,000 ලු! ඒ කන්ඩිෂන් එකේ amfibia එකක් ebay ගන්න ගියොත් ඩොලර් 80කට වැඩිය යනවා (ඒකාලේ ඩොලර් එක 125 විතර ඇතී). රෂියන් කෑලි එපා වුනාට පස්සේ, amfibia එක ඇරෙන්න අනිත් ඔක්කොම විකුණලා දැම්මා (active eBay අකවුන්ට් එකක් තිබ්බ එක වාසිදායක වුනා).
Part 2 follows:
බත්තරමුල්ලේ වොච් කඩේට ගිය වෙලාවක ඒකේ හිටපු එකා ඇහුවා " සුපිරි වොච් එකක් හම්බවුනා ගන්නවද... හැබැයි 7,500යි ගාන කියලා".... මොකද්ද කියල බැලුවම 1964 Seiko Skyliner (Tonneau case) එකක්. ඕනෑම Seiko එකක serial number එක බලල production year එක කියන්න පුළුවන් (google කරන්න). වොච් එක වැඩකරන්නේ නෑ. රෙපයාර් කරන්න ඒ කොල්ලා දන්නෙත් නෑ. පස්සේ 4,500 ට අරගෙන විතානගේ ගාවට ගෙනිච්චා (seiko නම් විතානගේ, විතානගේ නම් seiko). විතානගේ ගාව ඔකේ එන 6220 movement එකේ ඔරිජිනල් පාර්ට්ස් තිබ්බා. එකත් ගොඩ.
ඒ වගේම සැරයක් පිටකොටුවේ පොලිසිය ඉස්සරහ වොච් මාකට් එකේදී මට Royal Orient එකක් සෙට් වුනා. Royal Orient කියන්නේ 60-ගණන් වල ආපු මිල අධිකම ජපන් වොච් එකක්. ඒකෙ කේස් කන්ඩිෂන් එක ටිකක් අවුල් ඒ වුනාට එක සැරයක් වයින් කලාම පැය 36ම දිව්වා.
පරණ වොච් interest එක අඩුවෙද්දී ඒ දෙකත් ebay එකෙන් වික්කා. මට මතක හැටියට skyliner එකට රුපියල් 30,000 විතර ලැබුනා.
එක දවසක් වොච් කඩේක කෙනෙක් කෝල් කරලා කිව්වා - "මහත්තයා මරු omega වොච් එකක් ආවා. එකේ තප්පර කටු දෙකක්ම තියෙනවා" කියල... මම හිතුවා GMT එකක් වෙන්නැති කියල. කඩේ පැත්තට ගිහිල්ල වොච් එක බැලුවම ... ලාම්පුරේ ප්යාර්කරේ කිව්වලු... omega rattrapante chronograph එකක්! (google කරලා බලන්න). එත් 37mm කේස් එක. ඒ මදිවට dial එක පේන්ට් කරලා කොළ පාටින්! නිකන් පකිස්තාන් කොඩිය වගේ. chronograph එක සුපිරියටම වැඩ. ඉල්ලුවෙත් 15,000යි! මම මෝඩය වගේ ඒක ගත්තේ නෑ. Rattrapante chronograph වල අද මිල $2,000ට වැඩියි.
තව සැරයක් ebay auction එකක Tissot Quickster (non-chronograph) එකක් අඩු ගානට යනවා දැක්කා. Listing එක තිබ්බේ "non-working" කියල. dial, bracelet කන්ඩිෂන් හොඳට තිබ්බා. දැන් එන quickster එක එන්නේ නයිලෝන් බෙල්ට් එකක් එක්ක. නමුත් මේකේ තිබ්බේ stainless steel එකක්. වොච් එක දුවන්නේ නෑ. අලුත් Tissot වල මැෂින් රෙපයාර් කරන්න බැරි හින්ද මම නිකමට ඩොලර් 30ටත් අඩු බිඩ් එකක් දැම්මා (හරිම ගාන මතක නෑ). ඒක win!. Shop and Ship හරහා ලංකාවට ගෙන්න ගන්න සම්පූර්ණ වියදම (bid එකත් එක්ක) ගියේ රු. 9,000 ට අඩුවෙන්. කුලතුංග ගාවට ගෙනිච්චා මැෂින් එක හදන්න පුලුවන්ද බලන්න. බැටරිය හොඳයි. මැෂින් එක දුවන්නේ නෑ. හොඳ වෙලාට සීල්-ටයිප් නෙමෙයි. සර්විස් කරලා බලමු කියල වොච් එක තියල ආවා. 10,000ක් විතර සල්ලිත් අරගෙන ඊලග සතියේ කඩේට ගියාම වොච් එක හදලා.
ඉතින් මම ඇහුව මොකද්ද අවුල කියල.
"සර්විස් කළා විතරයි. දැන් වැඩ. මේකට නම් 700ක් වත් ඕනේ" ලු!
Techno Times හරි W.A. de Silva හරි දුන්න නම් 10,000ත් දීල *ට දෙකත් දීල තමයි එන්න වෙන්නෙ.
2016 විතර ගත්ත ඒ tissot එක අවුරුදු ගානක් මගේ daily beater එක. ගිය මාසේ මම eBay දාල ඒකත් වික්කා.සම්පූර්ණ ගැනුම් වියදම 9,700යි විකුණුම් මිල $75යි. Quickster එකේ steel bracelet එක එන මොඩල් එක දැන් rare.
වොච් හොබී එක අතින් ගොඩක් වියදම් වෙන එකක්. ඒත් ගොඩක් ෆන්. ඉස්සර වගේ ලොකු PMW (poor man's watches) කලෙක්ෂන් එකක් දැන් මගේ ළඟ නෑ. midrange ($500 - $2500) පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා.
End of story
------ Post added on Oct 26, 2022 at 2:59 PM

Last edited: