උබලා මේක විශ්වාසකරයිද මන්දා. මමත් එළිවගයක් දැකල තියනව බන්. ඒවා දේවතා එලියක්මද කියලා කියන්න මම දන්නෙ නැහැ . අපේ ගමේ රජමහා විහාරයක්තියනවා. ඒක තියෙන්නෙ කන්දක. අපේ අම්මයි මමයි විභාගයක් ළංවෙලා බෝධිපූජවක් තියන්න පන්සලට ගියා. පන්සලේ එවෙලාවේ කවුරුත් නැ, වෙලාව 8ට විතර ඇති. පන්සලේ වැඩීය ලයිට් එහෙමත් නැ. බෝධිය ළග බල්බ් එකක් තිබුනා. කෙළවරට වෙන්න ලොකු නා ගහක් තිබුනා.එතන දේවාලයක් තිබුනා. ඒකත් ඒවෙලාවේ වහලා තිබුනේ. කොහොම හරි මම ම්ල් වට්ටියක් බුදු මැදුරෙන් තියලා එද්දි නාගහ ළග රතු පාට එක එක ජාතියේ එලි කැරකෙනවා. ඒක කැරකෙන්නෙ ගහ වටේට. දේවලේ වහලා නිසා ලයිට් දාල තිබ්බෙත් නැ,, කලුවර නිසා ඒ එළි හොදට පෙනුනා. මම නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා .අම්ම ඇහුවා මොකද බයවෙලාවගේ බලාගෙන ඉන්නෙ කියලා. මම අම්මගෙන් අහුවා මොකක් හරි එලියක් පේනවද කියලා. ඒ එලිය අම්මට පෙනිලත් නැහැ. මම ගහ ළගටත් ගිහින් බැලුවා. ඒත් ඒ එලි කැරකෙනවා. ඒ එලියට බයක් හිතෙන්නෙ නැහැ. ඒ එලිය මාර ලස්සනයි. රතු පාටයි. ඊට පස්සේ මම ඇවිත් පහන් පත්තු කරලා ගාථා කියන්න හදනකොට ඒ එලි ටික නැති වෙලා තිබුනා. මොකක් ද දැක්කේ කියලා අදටත් තේරුමක් නැහැ .සමහරු කියනවනේ ඇස්වල දෝෂනිසත් එලි පේනවා කියලා. ඒත් බන් නාගහදිහා බලනකොට විතරක් එළි පෙනුනේ මොකද. ඒ ළගම සල් ගහක්, කුඹුක් ගහක් එහෙමත් තියනවා. මම ඒ දිහා බැලුවත් ඒ ගස් වටේ එලි කැරකුනේ නැහැ.