මම නම් දවසට විනාඩි විස්සක් Treadmill එකේ 6 km/h ස්පීඩ් එකෙන් ඇවිදලා තව විනාඩි 30 ක් හෝ 35 ක් විතර Full Body Workout කරනවා.
පලවෙනි දවසේ Arms (biceps) , Chest , Legs , Abs.
දෙවෙනි දවසේ Arms (triceps) , Back , Shoulder/Traps , Abs
තුන්වෙනි දවසේ විනාඩි විස්ස ඇවිදිනවා විතරයි.
ආපහු මේකම repeat කරනවා.
Oily කෑම අඩුකලා.
පාන් පිටි , fast food , පැණි රස කෑම අඩුකලා.
සතියට බිත්තර 3 ක් විතරයි.
උදේට පලතුරු ටිකක් කනවා ( work out එකට කලින් )
උදේ නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොනවා.
කිරිපිටි බීම සම්පුර්ණයෙන්ම අතහැරියා.
තේ, කෝපි බොන්නේ සීනි නැතුව.
ඉදල හිටලා රතු බත් / ඕට්ස් කනවා.
සාමාන්‍ය පරිදි මස් , මාළු , කරවල කනවා.
එච්චරයි කලේ.
මාසෙක දී බර කිලෝ 6 කින් අඩුවුනා.
දැන් BMI එකේ ඉන්නවා.
තට්ට වන්නකුගේ විදිහට මීකිරියි , පොල් සම්බෝල පිගන් කාලකුයි කාල කොලෙස්ටරෝල් හදා ගන්න තමයි වෙන්නේ.