මම පටලුවේ නැහැ මහත්තය, තර්කයෙන් අර්ථකතනයක් දීම කියල දෙයක් නැහැනෙ මහත්තය, තර්කයෙන් සනාථ කිරීමනෙ තියෙන්නේ. ඉතින් තර්කයෙන් සනාථ කල හැකි දෙයක් තර්කයට ගෝචරයි කියන අදහස මම කිව්වේ. මේකේ මොකකක්ද තියෙන පැටලීම? ඔබතුමා චතුරාර්ය සත්‍ය න්‍යායත්, චතුරාර්ය සත්‍ය අවබෝධයත් යන දෙක පටලවාගෙන වගෙ
මෙන්න මේක තමා පැටලීම. ගෝචර වීම කියන වචනයේ පටලැවිල්ල.
ඔයා පිලිගන්න චතුරාර්ය සත්‍ය තර්කයෙන් අන්‍ය අයට සනාත කරන්න පුලුවන්.අපි පිලිගන්න චතුරාර්ය සත්‍ය අන්‍යන්ට තර්කයෙන් සනාත කරන්න බැහැ. ගෝචර වීමයි(සනාත වීම), යම්දුරකට පහදන්න පුලුවන් කියන්නෙ දෙකක්.
ඔයා කියන විදිහට චතුරාර්ය සත්‍ය තර්කයටත් ගෝචරයි, ප්‍රඥාවටත් ගෝචරයි. ඒක හරියට ශබ්දය ඇසටත් කනටත් යන දෙකටම ගෝචරයි කියනවා වගේ. ඒක වෙන්න බැහැ අපි පිලිගන්න ධර්මයට අනුව.
මල්සෙවන්ව මම ෆෝරම් එක තුලදි දැකලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි නෙ. ඒ නිසා මම කාලෙකට කලින් වෙන් කොනොකුට දාපු කමෙන්ට් එකක් මෙතනට දානවා. මොකද ඒකෙ වචනෙන් වචනෙ ඔයාට අදාල නැතත්. සමස්තයක් විදිහට අරගන්න පුළුවන් අර්ථය ඔයාට අදාලයි කියලා තමා මම විශ්වාස කරන්නෙ.
මේ භික්ෂුව අර "බුදුන් ලංකාවේ උපන්නා" කියන අයගෙන් කෙනෙක්ද? එහෙමනම් එවැන්නන් ගෙන් බණ අහනකොට පරිස්සම් වෙන්න වෙයි. නාහන තරමට හොඳයි. ඔයා ඒ ව්‍යාකරණ, අර්ථ විවරණ නිවැරදිමයී කියන මතයේ ඉන්නවානම් මට ඔයත් එක්ක තවදුරටත් කතාකරන්න අපහසුයි. මොකද පාලිය ගැන බුරුම, චීන, තායිලන්ත, බටහිර, ලාංකික ස්කොලර්ස්ලා දෙන ව්‍යාකරණ නීතිරීති සහ අර්ථ විවරණ වලට සහමුලින්ම පටහැනි එක්සෙන්ට්‍රික් අර්ථ විවරණ තමා ඔය ක්රමයේ තියෙන්නෙ. ඉතින් ඔයයි මමයි කතාකළොත් අපි දෙදෙනා එකම දෙයක් ගැන කතාකරනවා වගේ පෙනුනත් ඇත්තටම වෙන්නෙ වෙනස්ම දේකක් ගැන කතා කිරීමක්.
Edited - removed few sentences.
Last edited:
.
