🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබ හිතන්නේ උන් නිකන් උඩ බලාගෙන ඉන්න ඇති කියලද
    උන්ට ඒවා ගැන හොද අවබෝධයක් තියෙන්න ඇති. පොඩි පොඩි උපකරන , වෙනස් වීම් තීරණය කරන ක්‍රම හදාගෙන තියන්න ඇති, දත්ත පාවිච්චි කරන්න ඇති. ඕව එක්ක උන්ට වෙනස් නිරීක්ෂණයක් ආවම නිකන්ම තේරෙනව. අවුරුදු කීදාහක් ඕක කරන්න ඇතිද.
    හැබැයි ඒ දනුම නැතුව ඒ දේවල් පාවිච්චි කරන උන්ට ඒක මැජික්.

    නිකන් හිතපන් උන් දවසට පැය කියක් කළුවරේ අහසත් එක්ක ඉන්නවද. අද ඉන්න සමාන්‍ය එකෙක්ට අහස එක්ක තියන සම්බන්දය නෙවෙයි උන්ට තියෙන්නේ. අහස කියන්නේ අවට පරිසරේ වගේ ම එකක්.
    උබලගෙ සීයගෙකාලෙ කරන්ට් තිබුනෙ නෑනෙ. උබලගෙ ගමේ එවුන් තරු රටා කීයක් හොයගෙන තියෙනවද?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට බනින එක නෙමෙයි කරන්න ඕන, එහෙම ඒ දේ ඇත්ත කියන අය විද්‍යාත්මක ක්‍රමේකට ඒක පැහැදිලි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
    උදාහරනයක් විදියට මට කියන්න පුලුවන් මේ විශ්වය හතරැස් පෙට්ටියක් කියලා, හැබැයි දැනට හොයාගෙන තියන දේවල් වලින් විද්‍යාවට ඒක පැහැදිලි කරන්න බැහැ කියලා විද්‍යාවට බනින එක මේ විශ්වය හතරැස් කියලා ඔප්පු කරන්න පුලුවන් දෙක් නෙමයි. මම මේ විශ්ව හතරැස් කිවුවා නං මට ඒක හරියට පැහැදිලි කරගන්න පුලුවන් විදියක් තියෙන්න ඕන, අනෙක් අයටත් ඒක තනියම හොයලා කන්ෆර්ම් කරන්න විදියකුත් තියෙන්න ඕන.
    කියන දෙයක් ඇත්ත නං ඕනම ක්‍රමේකට ඒක ඇත්ත කියලා පෙන්නන්න පුලුවන් වෙන්න එපැයි.

    ග්‍රහ චලිත විද්‍යාවෙන් මුල් කාලෙ ඇහෙන් බලලා ඒව තියන තැන සහ එකම රටාවකට ඒව ආයෙ පේන්න ගන්න නිසා ඒවා ආයෙත් පේන දවස සහ තැන ගනනය කරන එක මහා ලොකු සංකීර්න දෙයක් නෙමයි.
    මම දන්න විදියට ඔය කේන්දර වල තියෙන්නෙ ඒ කෙනා ඉපදෙන වෙලාවෙ ග්‍රහලෝක වල පොසිශන් එක නේද. ඒක හොයා ගන්න අතිශය සංකීර්න ගනිත ක්‍රම ඕන නැහැ.
    ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ

    දාල තියන පොයින්ට් ටික බැලුවම

    1. ග්‍රහ ලෝක 9 තියනව කියලා ජ්‍යෝතිෂයෙ කියනවද. ගොඩක් පස්සෙ කාලෙක හොයාගනිපු යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වලට ජ්‍යෝතිෂයෙ කියන නම් මොනවද. එතකොට දැනගන්න පුලුවන් ඒව කලින් හොයාගත්තෙ ජ්‍යෝතිෂයෙන්ද බටහර විද්‍යාවෙන්ද කියලා. මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ තියෙන්නෙ අපිට ඇහැට ලේසියෙන්ම පේන ග්‍රහලෝක ටික, සූර්යා සහ හඳ. පසු කාලීනව සමහර ජ්‍යෝතිෂය වලදි අර අනෙක් ග්‍රහලෝක ගැන තිබුනට ඒවට කෙලින්ම බටහර අය දීපු නම් ටික ඒ විදියටම යූස් කරලා තියෙන්නෙ.

    2. මේ කියන්නෙ ග්‍රහලෝක සූර්යා වටා යන්න ගතවෙන කාලය වගේ දේවල් නං, මම දන්න විදියට ඒව මුල් කාලීනව ඒව හෙවුවෙ කෙප්ලර්ගෙ සමීකරන වලින්. දැන් නං ඊට වඩා ගොඩක් දියුනු ක්‍රම ඇති. ජ්‍යෝතිෂයෙ මේව කැල්කියුලේට් කරන සමීකරන එහෙම තියනවා නං දැම්මොතින් අපිට කම්පෙයා කරලා බලන්න පුලුවන්.

    3. රාහු කේතු කියලා දෙකක් ඉරට සහ හඳට නම් කරන එක ඒ තරම් දෙයක් නෙමයි මොකද ඒ දෙක තමයි අපිට හොඳටම පේන වස්තු දෙක. හඳ පොලව වටේ යනවා කියන එකත් ඒ තරං හිතන්නෙ නැතිව හොයන්න පුලුවන්. හැබැයි පුතේ ඉර වටේ පොලව යනවා කියන එක නං මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ නැහැ. පසු කාළිනව ඒව එකුතු වෙලා තියෙන්න පුලුවන්
    පොලව ඉර වටේ යනවා කියන එක මූලිකවම කොපර්නිකස් ගෙ අයිඩියා එකක් මට මතක විදියට 1500 විතරදි තමයි ඔය අයිඩියා එක ආවෙ
    ඒ දෙකට නං දෙකක් තියනවා කියන එකෙන් කොහොමද කියන්නෙ පොලව ඉර වටේ යනවා කියලා

    4. ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ ග්‍රහක මිලියන ගානක් තියනවා ඇයි 28ක් ගැන විතරක් කියන්නෙ. ලොකුම ඒව 28ක් තියනවා කියලා කියන්නත් බැහැ මොකද, සෙරස් වගේ ලොකුම ඒව කිහිපයයි තියෙන්නෙ ඊට පස්සෙ ගොඩක් සමාන සයිස් වල ඒව සිය දහස් ගානක් තියෙනවා. මම නිකමට දැනට හොයාගෙන තියන ඇස්ටරොයිඩ් වල සයිස් වලින් ඕඩර කරලා බැලුවා එතකොට 28 වෙනියට තියන එක කිලෝමීටර් 186-190Km සයිස් එකක්, 29 වෙනියට තියන එක කිලෝමීටර් 174-200 ක විතර සයිස් එකක්. ඊලඟට තියන 10ක් විතරම ගත්තත් සයිස් එක ඔය රේන්ජ් එකේමයි. එතකොට ඇයි 28ක් විතරක්

    පෙරදිග පඬිවරුම ඕක හොයාගත්තා කියලා කියන්න අමාරුයි. ගොඩක් පුරාන ශිශ්ඨාචාර වල ගොඩක් ග්‍රහ වස්තු ගැන හොදට අධ්‍යනය කරලා ඒවයෙ ගමන් මාර්ග ගැන එහෙම හොඳ අවබෝධයක් තිබුනු අය ඉදලා තියනවා. මට මතක විදියට බැබිලෝනියානු/සුමේරියානු/ග්‍රීක වගේ ශිශ්ඨාචාර වල ඔය ගැන හොඳට අධ්‍යනය කරපු අය ඉඳලා තියනවා. හැම ශිශ්ඨාචාරෙකම ඔය ග්‍රහ වස්තු වලට දේවත්වයෙන් සලකපු එක සහ එක එක ග්‍රහ වස්තු මගින් විවිධාකාර දේවල් පාලනය වෙනවා කියන එක ටිකක් පොදුවෙ තිබුනු දෙයක්
    ඒ දැනුම තැනින් තැනට ගිහින් ඒකම වෙනස් වෙලා පෙරදිග ජ්‍යෝතිෂය හැදුනා වෙන්නත් පුලුවන්.
    @Lovtus mekata uttara dianko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය තරු රටා කියන ඒවා පෘතුවියට පැතලියට පෙනුනට ඇත්තටම ඕවා එකිනෙකට ආලෝකවර්ශ බිලියන ගානක් ඈතින් තියෙන ග්රහලෝක සමූහයක්නෙ. එහෙම එකක් ලග්නයක් විදියට ගන්නෙ ඇයි?
    අනෙක තමයි ඔය රටා වල තියන සමහර තරු විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නත් ලොකු චාන්ස් එකක් තියනවා.

    නිරක්ෂයට කිට්ටු ඝර්ම කලාපයේ ජීවී පරිසරය, ධ්‍රැවාසන්න ජීවී පරිසරයෙන් වෙනස් වෙන්නේ මොන හේතුවක් නිසාද?
    මේකට වෙන ග්‍රහලෝක වලින් තියන සම්බන්දෙ කියපන්කෝ.
    අහල තියන එකට නං සරල හේතුව උෂ්නත්ව වෙනස. උෂ්නත්ව වෙනසට ප්‍රධාන හේතුව poles වලට හිරු එලිය වැටෙන විදිය වෙනස්. මේක පැහැදිලි කරන්න ජෝතිෂ්‍යයක් ඕන වෙන්නෙ නැහැ.

    චන්ද්‍ර කක්‍ෂය පෘථිවි කක්‍ෂයෙන් ජේදනය වෙන ලක්ෂ්‍ය දෙක නිරීක්ෂනය කරන්න උඹ කියන විදිහට උන් කොච්චර කාලයක් උඩබලාගෙන ඉන්න ඇති කියලා හිතනවද?
    උඹට ශුවර්ද ඔය කියන්නෙ පෘතුවි කක්ශයෙන් ජේදනය වෙන තැන ගැන කියන්නෙ කියලා

    මට පේන විදියට ඔය කියන්නනෙ lunar nodes ගැන, ඒ කියන්නෙ අපිට ඇහැට පේන විදියට සූර්යා පොලව වටේ යනවා කියලා හිතුවොතින්(Sun's apparent yearly path) ඒ පාත් එක සහ හඳ පොලව වටේ ගමන් කරන පාත් එක කැපෙන තැන. worst case මේක කරන්න අවුරුද්දක් සූර්යාගේ පාත් එක ඇහෙන බැලුවා නං හරි.
    ඔන නං එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්නත් පුලුවන් වෙයි බිම කෝටුවක් හිටවලා ඒකෙ හෙවනැල්ල වෙනස් වෙන විදිය ඉර එලියට සහ හඳ එලියට සාපේකශව
     
    • Haha
    Reactions: Lovtus

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    https://www.astroyogi.com
    https://www.indastro.com

    මේ වගේ ඉන්දියන් සයිට් එකකින් හෝ ඉන්දියන් සොෆ්ට්වෙයා එකකින් මුලින්ම උබේ ලග්නේ බලා ගනිල්ලා. ලංකාවේ ජෝතිෂ්‍යයේ වැරදි තියනවා,සොෆ්ට්වෙයාත් වැරදියි. උදාහරණෙකට මෙච්චරකල් උබේ ලග්නේ වෘෂභ නම් , ඉන්දියන් ක්‍රමයේදී උබේ ලග්නේ මේෂ හෝ මිථුන වීමේ වැඩී සම්බාවිතාවයක් තියනවා. මුලින්ම ඉන්දියන් ක්‍රමයට ලග්නේ චෙක් කර ගනින්. මෙච්චර කල් උබලා ලග්න පලාඵල බැලුවට, ඒවා ඇත්ත වෙලා නෑනේද. දැන් උබලා ඉන්දියන් ක්‍රමයට ආපු ලග්නේ පලාපල ටික පහු ගිය අවුරුදු කීපයේ බලපන්කෝ. මම ලින්ක් එක දාලා තිය්න සයිට් වලින් බලන්න. නැත්නම් යූටියුබ් එකෙත් හොද චැනල් තියනවා. ඉතුරු ටික උබලටම බාරයි. වෙනස උබලම තේරුම් ගනිල්ලා. ලංකාවේ පාවිච්චි කරන ජෝතිෂ්‍යයේ ලග්නේ හදන ක්‍රමයේ ඉදන්ම වැරදි තියනවා මචන්.

    හැබැයි ජෝතිෂ්‍ය පස්සේ නැහෙන්න එපා. ඕනැවට වඩා විශ්වාස කරන්නත් එපා
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    පුද්ගලික මතය ප්‍රකාශ කිරීමක්..

    ඉස්සර මිනිස්සු පෘථිවිය පැතලියි කියල හිතාගෙන හිටියා.. ඊට පස්සෙ එහෙම පැතලි නැතිය, පෘථිවිය ගෝලාකාරය කියල විද්‍යාත්මකව ඔප්පු කරා.. වර්තමානයේ කවුරුත් කියන්නෙ නෑ නෙ පෘථිවිය පැතලියි කියලා..

    ජ්‍යෝතිෂය ඈත අතීතයේ ඉඳල මේ දක්වා පැවතගෙන එන දෙයක්.. මේ වෙනකම් කවුරුත් ඔප්පු කරල නෑ ජ්‍යෝතිෂය වැරදියි කියලා.. ඒක නිසා මිනිස්සු තාම ඒක විශ්වාස කරනවා ඇති..

    මමත් ජ්‍යෝතිෂය මිත්‍යාවක් ය කියන තැන නෑ.. ඒත් මට ජ්‍යෝතිෂය විශ්වාස කරන්නත් අමාරුයි.. ඒකට හේතුව මේ හැම පලාපලයකටම මූලික වෙන්නෙ උපන් වෙලාව (මම හිතන විදියට).. උපන් වෙලාව අනුව තමයි කේන්දරය වගේ දේවල් ගොඩනගන්නෙ.. ඉතින් මේ උපන් වෙලාව ගණනය කරන විදිය මට අපැහැදිලියි.. කෙනෙක් උපන් වෙලාව කියල ගන්නෙ මොකක්ද? මවු යෝනියෙන් මුලින්ම ඇඟේ කොටසක් එළියට ආපු වෙලාවද? සම්පූර්ණයෙන්ම එළියට ආපු වෙලාවද? එහෙමත් නැත්නම් පෙකණිය කපන, මුලින්ම අඬන වගේ අවස්ථාවක වෙලාවද? ඒ වගේම මේ වෙලාව සටහන් කරන ඔරලෝසුවෙ තාක්‍ෂණික ගැටළු තියෙන්නෙ පුළුවන් (පරමාණු ඔරලෝසුවට සාපේක්ෂව වෙලාව හෙමින් යන, අක්ෂාංශ දේෂාංශ වගේ කාරණා).. ඊට අමතරව වෙලාව බලන පුද්ගලයට සිද්ධ වෙන්න පුළුවන් human errors...

    මේ වගේ ගැටළු වලින් මගඇරෙන්න විනාඩි 8ක් ද කොහෙද දෙපැත්තට බලනවලු.. (මම අහල තියෙන දෙයක්) උදාහරණයකට හිතමු මම උපදින්නෙ හරියටම උදේ 8.05ට (කිසිම human or mechanical error එකක් නැතුව).. උදේ 8.00ට මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා.. එතකොට මට හරියට ලැබෙන්න ඕනි ලග්නය මේෂ.. ඒත් අර විනාඩි 8 අඩු කරොත් මට ලැබෙන්නෙ මීන.. එතකොට මට ලැබෙන ලග්නය වැරදියි නෙ (මේ මගේ උපකල්පනයක් මත ගොඩනලපු තර්කයක් විතරයි.. බොහෝ දුරට මම 99.9%ක් ම වැරදි ඇති).. මට ජීවිත කාලෙටම අහන්න වෙන්නෙ වැරදි ලග්නයකට අදාල පලාපල..

    ඒ වගේම අපි මේ ගන්න වෙලාවයි, පැරැන්නො ජ්‍යෝතිෂමය මූලධර්ම ගොඩනගිද්දි භාවිතා කරපු වෙලාවයි හරියටම සමාන ද? පෘථීවියේ භ්‍රමණය හා පරිභ්‍රමණයේ වේගයන් වෙනස් වෙද්දි, විශ්වය මීට අවුරුදු 3000ක ඉඳල ප්‍රසාරණය වෙද්දි වගේ කාරණා නිසා කාලය (වෙලාව) වෙනස් වීම් වෙලා නැතිද? (ෆුල් පිස්සු අයිඩියා තමයි මගේ හොඳේ)..

    තව දෙයක්.. විශේෂයෙන් ඉන්දියාවෙ එක එක වේදයන් අනුව පලාපල කියන්නෙ.. සමහර විට ඒ පුරෝකථන එකිනෙකට වෙනස්.. කෙනෙක් අථර්වන් වේද ශාස්ත්‍රයෙන් කියන දේට හාත්පසින් ම වෙනස් දෙයක් තත්කාලයෙන් කියවෙන්න පුළුවන්.. මෙන්න මෙතනදිත් මම කොර වෙනවා මොකක්ද පිළිගන්නෙ කියලා..

    මේ අපැහැදිලිතාවයන් මඟඇරුණොත් ජ්‍යෝතිෂය වැරදියි කියල ඔප්පුකරනතාක් මමත් ඒක හරියි කියල විශ්වාස කරාවි..

    මම එකපාරක් ගියා නාඩි වාක්‍ය අහන්න... මට තාම හිතාගන්න බෑ ඒක කොහොමද උනේ කියල (මගේ වර්තමාන විස්තර සහ අතීතය ගැන කියවුනු මම දැනන් ඉන්න කාරණා සේරම ඒ විදියටම කියවුනා).. ඉතින් පැරැන්නොන් ගෙ සමහර දේවල් තියෙනව මගේ බුද්ධියට ගොචර නොවෙන..

    ඒක නිසා මම ජ්‍යෝතිෂය බැහැර කරන්නෙ නෑ.. ඉහතින් කියපු කාරණා නිසා මම මගේ පලාපල හෝ වෙනත් ජ්‍යෝතිෂමය පුරෝකථනයන් විශ්වාස කරන්නෙත් නෑ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං කිව්වේ කොරියා යන්න බැරිව බෙල්ලේ වැල දා ගත්ත කියල නිකන් බොරුවට දුක් වෙන්න එපා
    මුන් තමා ඡන්දේ දෙන යක්ක පුත්තු
    ඔය වගේ එව්වා අහන උන්ගෙන් මම මුලින්ම අහන්නෙ
    "ගිය පාර කාටද ඡන්දෙ දුන්නෙ?"

    90%ක් විතර කියන්නෙ ගෝටට කියලා. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hkiz and topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    උබලගෙ සීයගෙකාලෙ කරන්ට් තිබුනෙ නෑනෙ. උබලගෙ ගමේ එවුන් තරු රටා කීයක් හොයගෙන තියෙනවද?
    උන්ට කරන්ට් එක තිබ්බේ නැති උනාට එලියට වෙලා අහස දිහා බලන් ඉන්න ඕන කමක් තියෙන්න නැතුව ඇති.
    උන්ට ගෙවල් තියනව , පහන් තියනව.
    මම මේ කියන්නේ ඊට ගොඩක් කාලයකට කලින්.
    ඔය උබ කියන අවුරුදු 100 -200 ඉස්සර උන්ටත් ඕවා නිකන් කරුණු විතරයි දැන් ඉන්න උන්ට වගේ.
    ඊට ගොඩක් ඉස්සර මිනිස්සු අහස දිහා බලාගෙන සමනය ජිවිතේ ගොඩක් ගොඩක් තීරණ ගන්න ඇති.
     
    • Haha
    Reactions: Galvatron

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෙනෙක් උපන් වෙලාව කියල ගන්නෙ මොකක්ද? මවු යෝනියෙන් මුලින්ම ඇඟේ කොටසක් එළියට ආපු වෙලාවද? සම්පූර්ණයෙන්ම එළියට ආපු වෙලාවද? එහෙමත් නැත්නම් පෙකණිය කපන, මුලින්ම අඬන වගේ අවස්ථාවක වෙලාවද?
    ඔක්කොම වැඩ ටික ඉවර කරලා 'ආ.. මේ ළමයා උපන් වෙලාව දාන්න ඕනා නේද' කියලා මතක් වෙන වෙලාවෙන් විනාඩි කීපයකට කලින් වෙලාව.

    ඉස්සරම කියන්නෙ ඔරලෝසු නැතිකාලෙ කෙහෙල් ගහක් කපලයි වෙලාව බැලුවෙ කියලා. ඒකත් වරදින්න පුලුවන් ඔයිට වැඩිය.
     
    • Like
    Reactions: SLHodahitha

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබ හිතන්නේ උන් නිකන් උඩ බලාගෙන ඉන්න ඇති කියලද
    උන්ට ඒවා ගැන හොද අවබෝධයක් තියෙන්න ඇති. පොඩි පොඩි උපකරන , වෙනස් වීම් තීරණය කරන ක්‍රම හදාගෙන තියන්න ඇති, දත්ත පාවිච්චි කරන්න ඇති. ඕව එක්ක උන්ට වෙනස් නිරීක්ෂණයක් ආවම නිකන්ම තේරෙනව. අවුරුදු කීදාහක් ඕක කරන්න ඇතිද.
    හැබැයි ඒ දනුම නැතුව ඒ දේවල් පාවිච්චි කරන උන්ට ඒක මැජික්.

    නිකන් හිතපන් උන් දවසට පැය කියක් කළුවරේ අහසත් එක්ක ඉන්නවද. අද ඉන්න සමාන්‍ය එකෙක්ට අහස එක්ක තියන සම්බන්දය නෙවෙයි උන්ට තියෙන්නේ. අහස කියන්නේ අවට පරිසරේ වගේ ම එකක්.
    ඒක එහෙමමයි කියමු. ඒ තරම් කට්ටක් කාලා ඒ වගේ ගැඹුරු දැනුමක් ලබාගත්ත ඒක ශ්‍රේෂ්ට නැද්ද? අද ඉන්න විද්‍යාඥයෝ කියන අය මොනවද කරන්නේ? කාර්යබහුලයි වෙන වැඩ තියෙනවා කියලා ඒ අය පරීක්‍ෂණ නොකර ඉන්නවද?
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ජෝතිෂ්‍යය බොරුවක්, මිත්‍යාවක් කියලා පොළොවේ හැපෙන බුද්ධිමතුන් පිරිසක් ඉන්නවානේ. විශේෂයෙන් අර 'දවල් නිරාගමික කල්ලිය'. මේ එළකිරියෙත් එහෙම සෙට් එකක් ඉන්නවා. අන්ධ භක්තියෙන් තොරව විචාර බුද්ධියෙන් මේ ගැන සංවාදයක් ආරම්භ කරන්න හිතුවා. උගතුන්ට, බුද්ධිමතුන්ට, දාර්ශනිකයන්ට වගේම විෂයය ගැන උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට එකතුවෙන්න පුළුවන්. 🙏🙏
    මම දකින විදිහට ජෝතිෂ්‍යය යනු අවශ්‍යයෙන්ම විද්‍යාවක්. මෙයට ඉතා ගැඹුරු ශාස්ත්‍රිය පදනමක් තියෙනවා. එහි එන ග්‍රහ චලිත වගේ දේවල් බොහොමයක් නූතන තාරකා විද්‍යාවෙන් සනාථ වෙනවා. එහෙත් එහිම ඇති පාරභෞතික කරුණු නූතන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් ඔප්පුකර පෙන්වීමට නොහැකි තත්වයක් තියෙන්නේ. බටහිර විද්‍යාවේ ම එන අසත්‍යකරණ මුලධර්මයන් යෙදීමෙන් ජෝතිෂ්‍යය අසත්‍යක් හෝ මිත්‍යාවක් ලෙස නිශ්චය කරලත් නෑ. සරළව, ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ යම් කොටසක් (50%ක් කියමු) නූතන විද්‍යාවෙන් ඔප්පුකර ඇති බවට ත් අනෙක් 50% එසේ ඔප්පුකර පෙන්වා නැති බවට ත් පිළිගන්නේ නම් තත්වය කෙබඳු වේද? ඔප්පුකර පෙන්වා නැති කොටස එසේ ඔප්පුකර පෙන්වා නැත්තේ ජෝතිෂ්‍යයේ වරදක් හෝ අඩුපාඩුවක් හෝ නිසාද, නැතිනම් විද්‍යාවේ අඩුපාඩුවක් හෝ නොහැකියාවක් නිසාද කියා සිතිය යුතුයි. භාගයක් ඔප්පුකර සත්‍ය බවට පිළිගත්තායින් පසුව ඔප්පුකර ගත නොහැකිව ඉතුරුවන භාගය අසත්‍යයක් යයි නිගමනයකට එළඹීම කොයිතරම් දුරට විද්‍යාත්මක ද? සත්‍ය බවට ඔප්පුවෙලා තියෙන කරුණු කීපයක් පමණක් සැලකිල්ලට ගනිමු. (මේ කරුණු ජෝතිෂ්‍යයේ සාකච්චා කරලා තියෙන්නේ දළ වශයෙන් දැනට අවුරුදු 3000කට විතර පෙරාතුව දැනට අපි දන්නා කිසිදු නුතන තාක්‍ෂණයක් වත් තාක්‍ෂණික මෙවලමක් වත් නොතිබූ, බටහිර ඇසින් ඉතාම ප්‍රාථමික නොදියුණු යුගයක කියන දේ අමතක කරන්න එපා.)

    1. සුර්යයා ද ඇතුළුව ග්‍රහයන් 9 දෙනෙකුගේ පැවැත්ම නම් වශයෙන් නිශ්චිතව දැන සිටීම.
    2. ග්‍රහයන්ගේ චලිතය අනුවර්තියව සිදුවන බව හා ඒවාට ගතවන කාලය පිළිබඳ නිශ්චිත දැනුම.
    3. චන්ද්‍රයා පෘථිවිය වටේත්, පෘථිවිය චන්ද්‍රයාද සමඟ සුර්යයා වටේත් ගමන් කරන බව දැනසිටීම (රාහු සහ කේතු නමින් චින්තනමාත්‍රික ග්‍රහයන් දෙදෙනෙකූ පිළිබඳ දක්වා ඇති කරුණු වලින් මෙය ඉතා හොඳින් සනාථ වෙනවා).
    4. නැකත් පිළිබඳ දැනුම (නැකත් 28ක් ගැන සඳහන් වෙනවා. මේ නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති කක්‍ෂ අතර ඇති ග්‍රහක කොටස් 28 කි. - in the asteroid belt)

    ඒ සා ඈත යුගයක පෙරදිග පඬිවරු (ඍෂිවරු) කිසිදු තාක්ෂණික මෙවළමක් භාවිතා නොකොට මෙවැනි දැනුමක් ලබාගත්තේ කෙසේද කොහොමද? පියවි ඇසින් අහස නිරීක්ෂණය කර තාර්කික බුද්ධිය මෙහෙයවා ලබාගත් දැනුමක් ද? Asteroid belt එකේ ග්‍රහක 28ක් පියවි ඇසින් බලලා හඳුනාගත්තා ද? පෘථිවි කක්‍ෂය සහ චන්ද්‍ර කක්‍ෂය එකිනෙක ජේදනය වන ලක්ෂ්‍ය දෙක පියවි ඇසින් බලලා හඳුනාගත්තා? WHAT?? :o
    එහෙනම් මේ දැනුම ඔවුනට ලැබුණේ කොහොමද? භාවනා කරලා මනස දියුණු කරලා අධ්‍යාත්මික ශක්තියෙන් මේවා දැනගත්තා ද? නැතිනම් වෙනත් ලෝකයක සිට පැමිණි යම් ජීවින් (දෙවියන් / පිටසක්වළ ජීවින්) කොටසක ගෙන් මේ දැනුම ඔවුනට ලැබුණාද? (සංවාදයට විවෘත යි). මොකක් හරි අපි නොදන්නා අසාමාන්‍ය ක්‍රමයකින් ඔවුන් ඒ නිවැරදි දැනුම ලබාගෙන තිබෙනවා. ඒ අසාමාන්‍ය දැනුම ලබාගන්නා ක්‍රමයෙන් ම තමයි නූතන විද්‍යාවට ඔප්පුකරගන්නට බැරිවෙලා තියෙන ඉතිරි 50% (පාරභෞතික කොටස) ඉදිරිපත් කරලා තියෙන්නේ. 50% ක් ඇත්ත කියලා 50% බොරු කියන්නේ මොකටද? නොබෙල් තෑග්ග දිනාගන්න ද? :P

    Reactions: weer 11

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔක්කොම වැඩ ටික ඉවර කරලා 'ආ.. මේ ළමයා උපන් වෙලාව දාන්න ඕනා නේද' කියලා මතක් වෙන වෙලාවෙන් විනාඩි කීපයකට කලින් වෙලාව.

    ඉස්සරම කියන්නෙ ඔරලෝසු නැතිකාලෙ කෙහෙල් ගහක් කපලයි වෙලාව බැලුවෙ කියලා. ඒකත් වරදින්න පුලුවන් ඔයිට වැඩිය.
    ඒක තමයි මචං.. ජ්‍යෝතිෂය නෙවෙයි, එකට අදාල කරගන්නා මූලධර්මයන් තමයි මට අවුල්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඒක එහෙමමයි කියමු. ඒ තරම් කට්ටක් කාලා ඒ වගේ ගැඹුරු දැනුමක් ලබාගත්ත ඒක ශ්‍රේෂ්ට නැද්ද? අද ඉන්න විද්‍යාඥයෝ කියන අය මොනවද කරන්නේ? කාර්යබහුලයි වෙන වැඩ තියෙනවා කියලා ඒ අය පරීක්‍ෂණ නොකර ඉන්නවද?
    අන්න දැක්කද උබට ඒක ශ්‍රේෂ්ට දෙයක් උනා.
    ඔය වගේ තමයි ඕව දිහා හස්කම් , විශ්වකර්ම විදියට දැකපු උන්ට පෙනුනේ.
    අවබෝධ කරගන්න යන්නේ නැතුව දැනුම මැජික් එකක් ගානට , මාර දෙයක් විදියට ගන්නවා.

    අද ඉන්න මිනිස්සුත් දවස ගානේ අලුත් දැනුම එකතු කරන්නේ බන්.
    උබයි මමයි මේ තැන් දෙකක ඉදන් රිප්ලයි කරගන්න එක කොම්පියුටරයක් ජීවිතේට දැකල නැති එකකට මැජික් විදියට තේරෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: topkollek

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    man me aththak kiyanne boru neme me kiyanne. matai ape paule ayatai keendara walin kiyapu ekk wath atta une na. kattiyak mage lagne mithunalu kattiyak wrushabhalu. ammalath pau. api thama duk widinawa . mata oone ekama de mallita hariyata ugannana eka. apita pala denne giya aathme pau. eewa walak wanna ba. inna kaale anik un wada dunnath paduwe inna oone . eeka niwata kamak neme
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනෙක තමයි ඔය රටා වල තියන සමහර තරු විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නත් ලොකු චාන්ස් එකක් තියනවා.

    මේකට වෙන ග්‍රහලෝක වලින් තියන සම්බන්දෙ කියපන්කෝ.
    අහල තියන එකට නං සරල හේතුව උෂ්නත්ව වෙනස. උෂ්නත්ව වෙනසට ප්‍රධාන හේතුව poles වලට හිරු එලිය වැටෙන විදිය වෙනස්. මේක පැහැදිලි කරන්න ජෝතිෂ්‍යයක් ඕන වෙන්නෙ නැහැ.

    උඹට ශුවර්ද ඔය කියන්නෙ පෘතුවි කක්ශයෙන් ජේදනය වෙන තැන ගැන කියන්නෙ කියලා

    මට පේන විදියට ඔය කියන්නනෙ lunar nodes ගැන, ඒ කියන්නෙ අපිට ඇහැට පේන විදියට සූර්යා පොලව වටේ යනවා කියලා හිතුවොතින්(Sun's apparent yearly path) ඒ පාත් එක සහ හඳ පොලව වටේ ගමන් කරන පාත් එක කැපෙන තැන. worst case මේක කරන්න අවුරුද්දක් සූර්යාගේ පාත් එක ඇහෙන බැලුවා නං හරි.
    ඔන නං එක්ස්පෙරිමන්ට් එකක් ඩිසයින් කරන්නත් පුලුවන් වෙයි බිම කෝටුවක් හිටවලා ඒකෙ හෙවනැල්ල වෙනස් වෙන විදිය ඉර එලියට සහ හඳ එලියට සාපේකශව
    අමෝ අමෝ :rofl: හිරු කියන්නෙත් ජෝතිෂ්‍යයේ එන ප්‍රධානග්‍රහයෙක් තමයි. එතකොට සඳෙන් (චන්ද්‍රයාගෙන්) පෘථිවියේ ජීවී පරිණාමයට බලපෑමක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවාද?
    පෘතුවි කක්ශයෙන් ජේදනය වෙන තැන ගැන මට වඩා පට්ට ෂුවර් එකක් ඔය බටහිර තාරකා විද්‍යාඥයන්ට තියෙනවා. උන් එක්ස්පෙරිමන්ට් කරලා තියෙන්නේ. ගහගනින් කොටුව ලබ්බේ :lol: මම හිතුවේ යමක් දන්න එකෙක් කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Dislike නම්, dislike දානවා. ඒකට තමා ඒක තියෙන්නෙ. උඹට රිදුන එකට මට කරන්න දෙයක් නෑ. ඒවා තමා මේකෙ තියන features. Personally ගන්න ඕන නෑ උඹ.
    මම නම් හිතන්නේ දිස්ලයික් එකක් දැම්මම ඇයි දැම්මේ කියල කියන එක නිකන් රීතියක් වගේ වෙන්න ඕනේ කියල. මොකද උබේ විව් එකට අනුව උගේ මතයේ ප්‍රශ්නයක් තියනවා. එක පැහැදිලි කරලා දෙන ඒක හොද වැඩක්. හෝ ඇයි එහෙම දැම්මේ කියල අහන එකත් අරුගේ අයිතියක්. ශිෂ්ට සමාජයක ලක්ෂණ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒක එහෙමමයි කියමු. ඒ තරම් කට්ටක් කාලා ඒ වගේ ගැඹුරු දැනුමක් ලබාගත්ත ඒක ශ්‍රේෂ්ට නැද්ද? අද ඉන්න විද්‍යාඥයෝ කියන අය මොනවද කරන්නේ? කාර්යබහුලයි වෙන වැඩ තියෙනවා කියලා ඒ අය පරීක්‍ෂණ නොකර ඉන්නවද?
    ඔය ඇහැට පේන දේවල් ඔය තරම් ශ්‍රේෂ්ටයි කියලා හිතනවා නං අද ඉන්න විද්‍යාඥයෝ ඔයිට වඩා සෑහෙන්න දේවල් විශ්වය ගැන හොයාගන්නවා ඒව ගැන හොයලා බලලා කියවන්නෙ නැතතං ඒ කාලෙ එවුං මෙහෙම කරා අද ඉන්න එවුන් මොනවද කරන්නෙ කියලා හිතෙන්න පුලුවන්
    ඉස්සර ගොඩක් වෙලාවට මොනවා හරි දෙයක් හොයාගෙන ඒකට පස්සෙ විද්‍යාත්මක සහ ගනිතමය පැහැදිලි කිරීම් දුන්නා. අද ගොඩක් වෙලාවට ගනිතමය පැහැදිලි කිරිම් කලින් කරලා පස්සෙ ඇත්තටම ඒක තියනවා කියලා හොයා ගන්න තරමට විද්‍යාව දියුනුයි.
    අද නෙමයි නෙප්චූන් එහෙම 1800 ගනන් වල හොයා ගත්තෙත් එහෙම තමයි, අනෙක් ග්‍රහලෝක වල පාත් බලලා ඒව එහෙම තියෙන්න නං මෙන්ම මෙතන තව ග්‍රහ ලෝකයක් තියෙන්න ඕන පොලවෙ ඉඳන් බැලුවම ඒක මෙන්ම මෙතන තියෙන්න ඕන කියලත් හොයා ගත්තා. හරියටම එතන ග්‍රහලෝකෙ තිබුනා
    1800 ගනන් වල ඒ වගේ දෙයක් කරන්න තරං විද්‍යාව සහ ගනිතය දියුනු තත්වෙක තිබුනා
     
    • Like
    Reactions: Honda.putha

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජෝතිෂය කියන්නෙ මිත්‍යාවක්. ඒ ගැන තර්ක කරන්න තරම් දෙයක් නෑ.

    ඕක විද්‍යාවක් නම් අනාවැකි 100ක් කිව්වොත් 50කට වැඩියෙන් හරියන්න ඕන. එහෙම නෑ. අනාවැකි 100ක් කිව්වොත් 5ක් විතර හරියයි.

    සමහරු කියනවා එහෙම අනාවැකි කියන්න පුළුවන් අය පිටිසර ගම්වල හැංගිලා අප්‍රසිද්ධියේ ඉන්නවා කියල. ඒවාට හිනාවෙන්න එක පුකක් මදි
    අන්තිම කැල්ල නම් වැරදි. එහෙම උන් ඉන්නවා
     
    • Haha
    • Like
    Reactions: topkollek and S_M_S