ඔය ගැටළුව දැනටමත් විසඳිලා තියෙන්නේ.
@stasia @NRTG @kkroxc
මුලින්ම ඔයාලා සිදු කරලා තියෙන වෙනස්කම් මුල් තත්‍වයට ගේන්න. මේ ගැටළුව විසඳගන්න විවිධ අය විවිධ දේවල් කරලා ඇති, එම නිසා මෙම ගැටළුව සමනය වන යාවත්කාලය ස්ථාපනය වුවත් දෝෂ සහිතව තිබේවි.
පරණ සංස්කරණයක් භාවිතා කරනවා නම් අඩුම තරමින් අවසාන 22.04 LTS සංස්කරණයට හෝ ඉහළ සංස්කරණයකට උත්ශ්‍රේණි කරන්න. මෙය දකින කෙනෙක් එය සිදු කරන ආකාරය දන්නේ නැතිනම් අහන්න. ඉන් පහළ ඒවාට ලැබෙන්නේ නැහැ. ඕනෙම නම් මූලාශ්‍ර කේතය සොයාගෙන තනා ගන්න පුළුවන්.
ප්‍රධාන මෙනුවෙන් (start menu) පද්ධති මෙවලම් (system utilities) වෙත ගොස් මෘදුකාංග යාවතකාල (software update) යෙදුම විවෘත කරන්න. ස්වයංක්‍රීය පරීක්‍ෂාව අවසන් වූ පසු
සැකසුම් බොත්තම මත ඔබා සංවර්ධක විකල්ප (developer options) වෙත යන්න. ඉන්පසු, 22.04 LTS නම් jammy-proposed හෝ 22.10 නම් kinetic-proposed යන්නට හරි ලකුණ යොදා
වසන්න යන බොත්තම ඔබන්න.
සැ.යු. තව මාස කිහිපයකට පසු මෙම පියවර හෝ මෙහි සඳහන් කිසිවක් අනුගමනය කිරීමට සිදු නොවනු ඇත.
දෙවනුව අග්‍රය (terminal) විවෘත කර පහත විධාන ලබා දෙන්න.
සැ.යු. ඔබ අස්ථාපනය කර නැතිනම් language-selector-gnome හා language-selector-common යනු මෙහෙයුම් පද්ධතිය සමඟම ලැබෙන ඇසුරුම් (packages) වේ. දැනටමත් ස්ථාපිත නම්, පහත විධාන ලබාදුන් විට ඒවා 0.219.1 ට හෝ ඉහළ අනුවාදයකට යාවත්කාල වනු ඇත.
(අ). sudo apt update
(ආ). sudo apt install language-selector-gnome
(ඇ). sudo apt install language-selector-common
(ඈ). sudo fc-cache -r
ඊළඟට, ආපසු සංවර්ධක විකල්ප (developer options) වෙත ගොස් යෙදු හරි ලකුණ ඉවත් කර වසන්න.
දැන් ඔබගේ උපාංගය යළි අරඹන්න (restart)
තවමත් පරණ අකුරු වර්ගය තිබේ නම් පහත විධානය ලබා දී උපාංගයෙන් නික්මෙන්න (logout) හෝ යළි අරඹන්න (restart)
sudo apt install fonts-noto-core
ලෙඩේ තවත් තියෙන්න පුළුවන් ද?

බෑ ඉතිං.
