ඕක තමයි මම කියන්නේ . ඕව ඔහොම බොරුවට නීති දාගෙන මේව පව් , මේවා කරොත් පින් කියලා හිතල වඩක් නෑ .
තමන්ම උපමාවට අරගෙන , අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් නම් එච්චරයි.
නැත්නම් ඔය මත්පැන් කියන එක මිනිස්සු හොයාගත්ත දෙයක් . ඕක පන්සිල් වලට එකතු උනේ කවදද කියලා ඇහුවොත් කියන්න උත්තර නෑ .
දැන් ඔයා කියන එකෙත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන දේ තියනවනේ.
මේ දේවල් ඔයා කියන්නේ ඔයා දැකලා අහලා විශ්වාස කරන දේවල් එක්ක.
තමන්ව උපමාවට ගත්තොත් අපි කැමතිද අපි රකින දෙයක් අපෙන් අහන් නැතුව ගන්නවට?
ඔය පන්සිල් පද පහ රකින එකෙන් කිසිම වරදක් වෙන් නැහැ කාටවත්.
ඒ නිසා ඕක හරිද වැරදිද කියලා පන්නලා තර්ක කරනවට වඩා රකින්න උත්සාහ කරන එක වටිනවා මන් දකින විදියට.
මන් මේ කිව්වේ බුද්ධ දර්ශනයේ තියන අනිත් සංකල්ප ඔක්කොම අමතක කරලා, පන්සිල් විතරක් අදාල කරගෙන.
සමහර ඔයා වගේ මිනිස්සු ඉන්නව තමන් තේරුම් අරන් වරදින් ඈත් වෙන්න.
සමහර අය පවතින නීති නිසා,
තවත් සමහර අය තමන් අදහන ආගම නිසා.
මේකත් ආගමික සංකල්පයකින් මිනිසුන් වරදින් ඈත් කරන තැනක් විදියට දකින්න එතනින් එහාට හිතන්න අකමැති නම්.