මටත් මේකම තමයි හිතෙන්නෙ මචං. Temporary ඩවුන් උනොත් Long term බලද්දි ආයිත් මේ ගානට එයි. හැබැයි මේක Crisis එකත් එක්ක සංචිත වල ප්රශ්න නිසා වුණ දෙයක් නිසා පොඩි බයක් තියෙනව බං. මොකද මේක ලංකාවෙ ෆස්ට් ටයිම් නේ උනේ. ටිකක් ප්රෙඩික්ට් කරන්න අමාරු ගතියක් තියෙනව හැබැයි
Yes mcn, It's possible. Ask the bank.
BOC බං
3Months auto renewal
FD එක ඇපේට තියල ගත්තෙ බං. BOCම තමයි.
ඔව් IMF ලෝන් එක ඇපෲ උන ගමන් ඒක නිකංම නිකං සහනාදාරයක් නෙමෙයි අර ඉන්දියාවෙන් දුන්න වගේ. ගොඩක් ඉන්වෙස්ටර්ස්ලගෙ විශ්වාසය හැදෙයි. ලෝන්ස් ලැබෙයි. මිනිස්සු පැනික් වෙලා ඩොලර් එවයි. අන්න ඒ වගේ සිද්දි ප්රෙඩික්ට් කරන්න අමාරුයි ඉතිං
------
Post added on Feb 28, 2023 at 12:03 PM
ගෝල්ඩ් නම් ටිකක් අමාරුයි නේ බං. ඕව ආරක්ෂා කරගන්නත් එපැයි ඊට පස්සෙ. Convenient නෑ වගේ.
උඹ අහන්නෙ රුපියල් ගැනද? රුපියල් වලට වැඩිම රේට්ස් දෙන්නෙ දැන් BOC තමයි. 400Days එක. 25% රේට් එක. අනිත් බෑන්ක් ඔක්කොගේම වගේ රේට්ස් අඩු කරල හොඳටම.
------
Post added on Feb 28, 2023 at 12:04 PM
හැබැයි මට මේ කාරණාව මීටර් උනේ උඹ කිව්වයින් පස්සෙ. එහෙමත් සීන් එකක් තියෙනව නේ

------
Post added on Feb 28, 2023 at 12:05 PM
සල්ලි අච්චු ගහන්න දෙන්නෙ නෑ නේ බං. ඒකයි මේ කන්ට්රෝල් වෙලා තියෙන්නෙ. අර ගහපු විදියට දිගටම ගැහුව නම් හොඳටම කෙලවෙනව. දැන් මිනිස්සුන්ට ප්රෙශර් එක වැඩියි ඒත් ආර්ථිකයට හොඳයි සල්ලි අච්චු ගහන්නෙ නැති නිසා.
ඔව් Import Restrictions අයින් කරොත් නම් ඉවරයි බං. කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. දැන් මෙහෙම තියෙන්නෙ Import restrictions & soft peg එක නිසා.
BOC 400days 25% දෙනව බං. හැබැයි ඕක අනිවාර්යෙන් 20% අඩුවෙනව තව මාසයක් දෙකක් යන්න කලින්. බැංකු පොලිය අඩු කරන්න කියල හැමපැත්තෙන් ප්රෙශර් එක දැන්.
------
Post added on Feb 28, 2023 at 12:09 PM
ඔය සබ්ජෙක්ට් අපිට සෙට් වෙන්නෙ නෑ බං. ඕව කරන්න වෙනම ලයින් එකක් තියෙන්න ඕන. අපේ නෑදැවෙන අය ඉන්නව ඔය පොළී සීන් එකේ ඉන්න. උන් ටිකක් තග දාල ඒ වගේ වෙනම ලයින් එකක ඉන්නෙ. අපිට ඕව සෙට් නෑ බං

------
Post added on Feb 28, 2023 at 12:10 PM