ඔන්න මට ත් Podi story එකක් මතක් වුණා (මටත් වලතර දෙයියන්ගේ හාල් කැවිලද දන්නෑ
) අර මගේ යාළුවෙක්ගේ මැරෙණ දවස කියපු සිද්ධිය වෙලා මාස හතරකට පහකට පස්සේ තමයි මේ සීන් එක වුණේ. (පරණ සිද්ධිය නොදන්නා අයට ඔන්න ඒ link එකත් මෙතනම දාන්නම්.)
අපේ ගම් පළාතේ අක්කා කෙනෙකුට විවාහ යෝජනාවක් ඇවිත් එයාලගේ ගෙදර අය පොරොන්දම් බලවලා තිබුණා. 85% ක්ම සීහෙන නිසා විවාහය කරමු කියලා දෙපාර්ශවයේ කට්ටිය මඟුල තීන්දු කරගත්තා. ඒ අක්කගේ තාත්තා අපේ තාත්තගේ හොඳ යාළුවෙක් නිසා ඉඳ හිට අපේ ගෙදර එනවා ඒ දවස්වල. ඒ කාලේ වෙනකොට මම ජ්‍යෝතිෂ්‍යය ගැන දන්නවා කියලා හතර දිග්බාගේ පැතිරිලා තිබ්බේ. ඉතින් ඒ uncle අපේ තාත්තට කියලා එයාගේ දුවගෙයි මනමාලයගෙයි කේන්දර දෙක මට කියලා බලවා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. අපේ තාත්තා ඒකට එච්චර සතුටු වුණේ නෑ. ඒත් යාළුවා නිසා බලවා ගනින් කියලා තියෙනවා. ඉතින් දවසක් ඒ uncle මට කේන්දර දෙක දීලා පොරොන්දම් පරික්ෂා කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මමත් පුළුවන් කියලා කේන්දර දෙකේ පොරොන්දම් බැලුවා. 20 න් 17 ක්ම ගැළපෙනවා. ඒ වුණත් මගේ හිතට මහා අමුත්තක් දැනෙනවා වගේ. ඒ නිසා කේන්දර දෙකේ ග්‍රහ බල වෙන වෙනම පරික්ෂා කරලා බැලුවා. එතකොට මට තේරුණා මේ මඟුල වැඩි කලක් පවතින එකක් නෙමෙයි කියලා. දැන් මට මේක අර මනුස්සයාට කියාගන්න විදිහකුත් නෑ. ඇයි ඉතින් වැඩේ තීන්දු කරලත් ඉවරනේ. කළින් පොරොන්දම් බලපු කෙනාත් ප්‍රදේශයේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණු විශ්‍රාමික විදුහල්පති වරයෙක්. ඒ මනුස්සයා කියලා තිබ්බේ පොරොන්දම් හොඳටම ගැළපෙන නිසා කිසිම ගැටළුවක් නෑ විවාහය ශුභයි කියලා. මම මේ A/L කරලා results එනකම් ගෙදරට වෙලා හිටපු පොඩි කොල්ලෙක් නේ. මම ඉතින් දහ අතේ කල්පනා කරලා අන්තිමට ඕන මඟුලක් වෙයන් කියලා හිතාගෙන මිනිහගේ හිතත් නොරිදවා සිද්ධිය ව්‍යංගයෙන් කියලාදානවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ එයා අපේ තාත්තා එක්ක කතාවක් දාගෙන හිටියේ. මම කිවුවේ මෙහෙමයි,
"මාමේ, මේ කේන්දර දෙකේ පොරොන්දම් නම් හොඳටම ගැළපෙනවා. ඒත් ඉතිං පොරොන්දම් කියන්නේ හැම දේම නෙමෙයිනේ නේද!"
කියලා කේන්දර දෙක එයාගේ අතේ තියලා තාත්තා දිහාත් හොර බැල්මක් දාලා හෙමීට එතනින් මාරු වුණා.
uncle ගියායින් පස්සේ මම තාත්තට විස්තරේ කිවුවා. පුතා ඒක කියපු විදිය හොඳයි කියලා තාත්තා මට පොඩි ඇගයීමකුත් දුන්නා.
අන්තිමට විවාහය නම් සිද්ධවුණා. ඒත් විවාහ වෙලා මාස තුන හතරකින් විතර ඒ අක්කගේ මහත්තයා Dubai ගියා job එකකට. ගියා ගියාමයි අදටත් පොර missing
අවුරුදු කීපයකට පස්සේ ඒ අක්කා දෙවෙනි විවාහයක් කරගෙන දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙවෙනි විවාහයේ පොරොන්දම් බැලුවේ මම
ඒ වෙද්දී මම UK වල හිටියේ. කොහොම හරි මටම කියලා බලවා ගන්න ඕන කියලා කේන්දර copies post එකේම එවලා තිබ්බා.
--
පොරොන්දම් පරික්ෂාව කියන්නේ පරික්ෂාව කරන ජ්‍යෝතිර්වේදියාට ලොකු අභියෝගයක්. බැඳපු උන් දෙන්නා මොකක් හරි පිස්සුවක් කෙළගෙන කසාදෙ බිඳ ගත්තත් පොරොන්දම් බලපු මිනිහා ඉවරයි. ඒ නිසා මේක බරපතළ වැඩක්. දැනට ලියාගෙන යන නැකැත් ගැන විස්තර සම්පුර්ණ කළාට පස්සේ පොරොන්දම් බැලීම ගැන ලිපි කීපයක් ලියන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ කාලයත් එක්ක කරගන්න පුළුවන් වෙයිද කියලා.
) අර මගේ යාළුවෙක්ගේ මැරෙණ දවස කියපු සිද්ධිය වෙලා මාස හතරකට පහකට පස්සේ තමයි මේ සීන් එක වුණේ. (පරණ සිද්ධිය නොදන්නා අයට ඔන්න ඒ link එකත් මෙතනම දාන්නම්.)
මැරෙන දවස කලින් කිවහැකි ද?
අපේ ගම් පළාතේ අක්කා කෙනෙකුට විවාහ යෝජනාවක් ඇවිත් එයාලගේ ගෙදර අය පොරොන්දම් බලවලා තිබුණා. 85% ක්ම සීහෙන නිසා විවාහය කරමු කියලා දෙපාර්ශවයේ කට්ටිය මඟුල තීන්දු කරගත්තා. ඒ අක්කගේ තාත්තා අපේ තාත්තගේ හොඳ යාළුවෙක් නිසා ඉඳ හිට අපේ ගෙදර එනවා ඒ දවස්වල. ඒ කාලේ වෙනකොට මම ජ්‍යෝතිෂ්‍යය ගැන දන්නවා කියලා හතර දිග්බාගේ පැතිරිලා තිබ්බේ. ඉතින් ඒ uncle අපේ තාත්තට කියලා එයාගේ දුවගෙයි මනමාලයගෙයි කේන්දර දෙක මට කියලා බලවා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. අපේ තාත්තා ඒකට එච්චර සතුටු වුණේ නෑ. ඒත් යාළුවා නිසා බලවා ගනින් කියලා තියෙනවා. ඉතින් දවසක් ඒ uncle මට කේන්දර දෙක දීලා පොරොන්දම් පරික්ෂා කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මමත් පුළුවන් කියලා කේන්දර දෙකේ පොරොන්දම් බැලුවා. 20 න් 17 ක්ම ගැළපෙනවා. ඒ වුණත් මගේ හිතට මහා අමුත්තක් දැනෙනවා වගේ. ඒ නිසා කේන්දර දෙකේ ග්‍රහ බල වෙන වෙනම පරික්ෂා කරලා බැලුවා. එතකොට මට තේරුණා මේ මඟුල වැඩි කලක් පවතින එකක් නෙමෙයි කියලා. දැන් මට මේක අර මනුස්සයාට කියාගන්න විදිහකුත් නෑ. ඇයි ඉතින් වැඩේ තීන්දු කරලත් ඉවරනේ. කළින් පොරොන්දම් බලපු කෙනාත් ප්‍රදේශයේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණු විශ්‍රාමික විදුහල්පති වරයෙක්. ඒ මනුස්සයා කියලා තිබ්බේ පොරොන්දම් හොඳටම ගැළපෙන නිසා කිසිම ගැටළුවක් නෑ විවාහය ශුභයි කියලා. මම මේ A/L කරලා results එනකම් ගෙදරට වෙලා හිටපු පොඩි කොල්ලෙක් නේ. මම ඉතින් දහ අතේ කල්පනා කරලා අන්තිමට ඕන මඟුලක් වෙයන් කියලා හිතාගෙන මිනිහගේ හිතත් නොරිදවා සිද්ධිය ව්‍යංගයෙන් කියලාදානවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ එයා අපේ තාත්තා එක්ක කතාවක් දාගෙන හිටියේ. මම කිවුවේ මෙහෙමයි,"මාමේ, මේ කේන්දර දෙකේ පොරොන්දම් නම් හොඳටම ගැළපෙනවා. ඒත් ඉතිං පොරොන්දම් කියන්නේ හැම දේම නෙමෙයිනේ නේද!"
කියලා කේන්දර දෙක එයාගේ අතේ තියලා තාත්තා දිහාත් හොර බැල්මක් දාලා හෙමීට එතනින් මාරු වුණා.
uncle ගියායින් පස්සේ මම තාත්තට විස්තරේ කිවුවා. පුතා ඒක කියපු විදිය හොඳයි කියලා තාත්තා මට පොඩි ඇගයීමකුත් දුන්නා.
අන්තිමට විවාහය නම් සිද්ධවුණා. ඒත් විවාහ වෙලා මාස තුන හතරකින් විතර ඒ අක්කගේ මහත්තයා Dubai ගියා job එකකට. ගියා ගියාමයි අදටත් පොර missing

අවුරුදු කීපයකට පස්සේ ඒ අක්කා දෙවෙනි විවාහයක් කරගෙන දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙවෙනි විවාහයේ පොරොන්දම් බැලුවේ මම
ඒ වෙද්දී මම UK වල හිටියේ. කොහොම හරි මටම කියලා බලවා ගන්න ඕන කියලා කේන්දර copies post එකේම එවලා තිබ්බා.--