ලංකාවෙ චාරිත්‍ර කියන උට්ටවල් ඔහොමම තමා බං මිනිස්සුන්ට උපරිම වදයක් දෙන්න හදලා තියෙන්නෙ. දැන් යන්තන් වෙඩින් හෝල් වල ගන්න හින්දා ඒකෙ වදේ අඩුයි. නැත්තං ලගම නෑයෙක්ගෙ එකක් ගෙවල් වල ගද්දි ගෙවල් අස් කරලා පේන්ට් කරලා තොරන් ගහලා හට් ගහලා මල දුකක් විදින්න ඕන අනිත් උන්. හැබැයි මල ගෙවල් වල ඒ කරුමෙ තාම ගෙවන්න ඕන නෑදෑයොයි අහල පහල උනුයි. දවස් ගනන් නිවාඩු දාගෙන හට් ගහලා තොරන් ගහලා බැනර් ඇදලා කැරම් බෝඩ් තියලා කෑම දෙන්න අල්ලපු ගෙදරක් සෙට් කරලා අත හෝදන්න ටැප් සෙට් කරලා කෑම උයලා. වෙන රටවල්වල බලහන්කො වෙඩින් ප්ලෑනර්ස්ලා වගේ funeral directorsla ඉන්නවා උන් ඔක්කොම තිතටම කරනවා. එම්බාම් කරන එකේ ඉදලා ගෙනල්ලා උන්ගෙ සුපිරියටම හදපු funeral hall වල තියලා මලගෙදර එන අයට කන්න වෙනම area එකක් හදලා. Drinks සර්ව් කරන්න වෙනම උන්ගෙ සෙට් එකක් දම්මලා වෙඩින් එකක වගේ සුපිරියටම කරනවා. කාටවත් කරදරයක් නෑ සල්ලි විතරයි වියදම් වෙන්නෙ. ලංකාවෙත් එහෙම කරන්න පුලුවන් ජයරත්න එකේ එහෙම ගොඩක් උන් නොදැන හිටියට. හැබැයි ඉතිං හතරවරිගෙන්ම කතා අහන්න වෙනවා එහෙම කරොත්. අපේ ලගම නෑදෑ අයියා කෙනෙක් එහෙම කරා. පොර Tech lead කෙනෙක් software company එකක බැදපු අක්කත් Senior BA කෙනෙක්. හොදට සල්ලි තියනවා වැඩි සමාජ ආශ්‍රයක් නෑ introvert type. හැබැයි මාර හොද පොරක්. පොරගෙ තාත්තා නැති උනාම ජයරත්න එකට කතා කරලා මිනියත් ඒකෙම හෝල් එකක තියලා. කන්න වෙනම area එකක බුෆේ දාල තිබ්බෙ වෙඩිමක වගේ කෑමත් හොදට තිබ්බා. කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ දශමෙකින්වත්. හාමුදුරුවොත් ජයරත්න එකටම ගෙන්නලා ඒ වැඩ ටිකත් කරලා luxury funeral vehicle එකකින් අරං ගිහිං හොදම විදිහට කරා. කාටවත් කරදරයක් උනෙත් නෑ දශමෙකවත්. මටත් මලගෙදර ආරංචි උන ගමන් හිතුනෙ ටහිකෙයි දැන් දවස් දෙකක් විතර නිවාඩු දාලා ගිහිං හට් ගහගෙන ගස් බඩගාලා බැනර් ගහගෙන හැමිනෙන්න වෙයි කියලා. හැබැයි හොදම සීන් එක කියන්නෙ නෑදෑයො ඔක්කොම උට බැන්නා මලගෙදර ජයරත්න එකේ ගත්තට. අහල පහල උනුත් ඇවිල්ලා හොදට බුෆේ එකේ කන ගමන් ඒවා මේවා කිය කිය හිටියා. නෑදෑයො තාම උට බනිනවා ඔය සීන් එකට අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් ඔහොම නවනිංගිරා විදිහට මලගෙදරක් කරේ නෑ. ආතක් පාතක් නටති එකෙක්ට වගේ... see more කිය කිය. හැබැයි ලොකු තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙත් ඒ අයියා උපරිම සැලකුවා. ප්‍රයිවට් හොස්පිට්ල් වල නවත්තලා බෙහෙත් කරා ලෙඩ උනාම. ලොකු තාත්තා අසනීප උනාම ලොකු තාත්තා බලාගන්නයි ගෙදර වැඩට උදව්වටයි වෙනම පඩියක් ගෙවලා servent කෙනෙකුත් ගත්තා. මලගෙදරත් උපරිම හොදට ගත්තා ඒත් නෑදෑ පක්කු බනිනවා කාටවත් කරදරයක් නොවෙන විදිහට ගත්ත නිසා.
අනික නිකමට හිතපන්කො ගෙදර husband wife දෙන්නම ජොබ් කරන ෆැමිලි එකක husband ගෙ පවුලෙයි වයිෆ්ගෙ පවුලෙයි මලගෙවල්, මගුල් ගෙවල්, පිංකන් ගෙවල්, දානෙ ගෙවල්, පිරිත් ගෙවල්, ජම්බු සීන් ඔක්කොම කවර් කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට වැඩ කරන එකයි ඔය උට්ටවල් කවර් කරන එකයි ඇරෙන්න වෙන ජීවිතේ enjoy කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑනෙ? ඕවට ගියෙ නැති උනාම තරහ වෙනවා. ආය හම්බුනාම ආහ් දැන් ලොකු මිනිස්සුනෙ වගේ හින්ට් ගහනවා. ආ උබලට අපේ පිංකම් ගෙවල් වල තමා එන්න වෙලාවක් නැත්තෙ නේ? අපි දැක්කා ගෑනියි යාලුවො සෙට් එකකුයි එක්ක දවස් ගනන් නුවරඑලියෙ ට්‍රිප් ගිහිං ෆොටෝ දාල තිබ්බා... See more වගේ කතා අහන්න වෙනවා
Migrate වෙන්න හිත හදාගන්න ඔය නෑදෑ හැතිකරේ සහ ගොබ්බ චාරිත්‍රත් හොද හේතුවක්