ITN එකේ sexual harassment

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    444545-2.jpg



    මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම
    ගරුත්වය වෙනුවෙන්..

    මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

    නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ
    කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන
    නිසා මේ කතාව මම අද කියනවා....

    2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස
    මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ
    මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ
    ලොකු කලකිරීමක් දුකක් එක්ක.

    මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම
    ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු
    කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන
    පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ
    කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය
    ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක්
    මවාගෙන.

    මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

    නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ
    ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට
    යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන
    වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ.
    කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන්
    පිහිටට බලෙන් එන බොස්ලා...

    මම මේ ගැන සාක්ශි එක්ක audio video recording
    එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම
    කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන
    දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

    TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ
    ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ
    කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන
    තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා
    නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම
    නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.
    ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double
    meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක
    විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන්
    කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන්
    ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

    කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක්
    නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ
    ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු
    15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

    මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි ,
    මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන්
    සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත්
    මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල
    තියෙන්නේ ලොකු සැකයක්.

    ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ
    වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට
    වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,
    බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න
    දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු
    බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට
    වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

    "ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක්
    කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට
    ඔබට ස්තූතියි....🙏🏻🙏🏻



    -https://www.facebook.com/ishara.dewendra.5/posts/6120405754716986
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕකේ ඉන්න උන්ට තියෙන මෝල් අමාරුව හිතාගන්න පුළුවන් උන්ගේ youtube channel ඵක බැලුවහම
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හ්ම්
    දැන් ඉන්න ගෑනු සේරම එලියේ දාගෙන ඇදුම් අදින්නේ
    හොඳ වැඩේ
    මම එහෙම මනුස්සයෙක්ගෙ පුද්ගලික ජීවිතේ ගැන එක එක දේවල් කියන්න කැමති නෑ. ඒත් මෙයා පර්ෆෙක්ට් කෙනෙක් නෙමෙයි මම දන්න විදියට. දන්න අය දන්නව ඇති
    කොහොමහරි මේ වගේ දේවල් හැමතැනම වෙනව ඉතිං මේ ෆීල්ඩ් එකේ. පරිස්සමෙන් ගණුදෙනු කරන්න ඕන තැනක්.
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata thiyena awula... oya case wala hamoma waten gahanawa misak kawuda kiyala hariyata kiyanne na...
    kiwwa nam, meya kiyana widiyata sakkith thiyenawa nam un apahasa nadu dammoth eth awulak na... ane manda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ ගැන සාක්ශි එක්ක audio video recording
    එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම
    කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන
    දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.
    පොලිසියට/උසාවියට යන්නෙ නැතුව ආයතනයේ ලොක්කන්ට පැමිණිලි කරාට වැඩක් නෑ. ☝️ :-D
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේව නම් සාධාරණීකරණය කරන්න හොද නෑ. අසහනේ තියනව නම් බඩු ගැහුවට ,ස්පා ගියාට කමක් නැ. ඒත් ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට කරදර කරන්න හොදනෑනේ. මුන් මෙහෙම හැසිරුනාම කෙල්ලො රස්සා කරන්න එන්නෙ නැ. ඊට පස්සේ ඉතින් ඔතන වැඩ කරන අනිත් උන්ගෙත් නම් බුව ලෙෆ්ට්