ලංකාව ඕක බ්ලොක් කරන්න යන්නෙත් නැහැ රටකම සිග්නල් බ්ලොක් කරන්න තරං ටෙක්නොලොජියක් දියුනු රටකට තියෙයිද කියන්නත් බැහැඑ්ක හරි. හැබැයි එහෙම connect නොවී ඉන්න දෙන්න විදියක් නෑ. දැනටමත් signal එක තියෙනවා. අපිට starlink ground devices තියෙනවා නම් පාවිච්චි කරන්න කිසිම බාධාවක් නෑ. නීතියෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ විතරක් නෙවෙයි, මයින්දගෙ කාලෙ broadcast beam වගේ dynamic key based end to end handshake signal එකක් jamming වුණත් ලේසි නෑ. රුසියාවත් යුක්රේනය අස්සෙ connectivity නවත්තන්න බැරිව හිකිලා ඉන්නෙ ඕකනෙ. අපි කොරයි පක.![]()
මම කිවුව සීන් එක ලංකාවෙ approval දුන්නෙ නැත්තං starlink එක ලංකාවෙන් කනෙක්ට් වෙන්න බැරි කරාවි. මොකද ඕක ලංකාවෙ approval නැතුව ලංකාවෙන් එහෙම කනෙක්ට් වෙන්න දුන්නා කියන්නෙ ලෝකෙ අනෙක් රටවල් වලටත් ඒක කේස් එකක් සහ උන් අනවාර්යෙන් කේස් අදිනවා. උඹ හිතනවද චීනෙ එහෙම කොහොම රෙස්පොන්ඩ් කරයි කියලා ඒ වගේ සිටුවේශන් එකකදි (අපිට මොනවා උනත් චීනෙට අදාල නැහැ හැබැයි ඒ වගේම චීනෙට උනත් එහෙම කනෙක්ටිවිටි දෙන්න පුලුවන් නේ අන්න එතනදි කේස් එකක් එනවා ).
ඒක නිසා කිසිම කම්පැනියක් ඒ වගේ ඩිප්ලොමැටික් කේස් එකක් වෙන්න පුලුවන් තැනට එන්නෙ නැහැ
අනික කලින් ගනිපු සැටලයිට් ඉමේජ් පෙන්නන google earth පවා ලංකාවෙ සමහර තැන් blur කරලා තියෙන්නෙ(මම දන්න විදියට ලොකු ජජ් ලාගෙ ගෙවල් පවා එහෙම blur කරලා තියෙන්නෙ තාමත් ), ඒ වගේ තමයි.
අනික් එක තමයි මට තියන ප්‍රශ්නෙ ලංකාවෙ ඉන්න අය හිතන්නෙ ඕකආවම පට්ට අඩුවට ඉන්ටෙනෙට් ගන්න පුලුවන් සහ අනෙක් ISP ලා නැති වෙලා යනවා කියලානේ
ඕකෙ ගාන හැටියට කීයෙන් කී දෙනාටද ඕක ගන්න පුලුවන් මාසෙට රුපියල් හතලිස් දාහක් විතර ඉන්ටෙනෙට් බිලක් ගෙවන්න පුලුවන් කෙනෙක්ට ස්ටාර්ලින්ක් ඕන නැහැ දැනට තියන ISP කෙනෙක්ගෙන පට්ට ස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්න පුලුවන්නේ