ගංජා පැළ 06 ක් වවන්න අවසර

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක නිවෙස්වල ගංජා පැළ 06 ක් වවන්න අවසර​


    1687239424094.png


    පුද්ගලික භාවිතය සඳහා ගංජා නීතිගත කිරීමේ යෝජනාව වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවලට අද ඉදිරිපත් කෙරෙනවා.

    එකම පණතක් මෙම ප්‍රාන්ත සභා 03 ට එකම දිනයකදී ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

    පුද්ගලික භාවිතය සඳහා නිවස තුළ ගංජා පැළ 06 ක උපරිමයක් දක්වා වගා කිරීමටද අවස්ථාව හිමිවනු ඇති.

    එමෙන්ම ගංජා ඉතා සුලු ප්‍රමාණයක් වෙනත් අයෙකුට ත්‍යාගයක් ලෙස පිරිනැමීමටද මෙම පණත සම්මත වුවහොත් අවසර හිමිවනවා.

    වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා පමණක් මෙම අවසරය හිමිවන අතර ගංජා භාවිත කර රිය ධාවනයට කිසිදු අනුමැතියක් හිමිවන්නේ නැහැ.

    පසුගිය වසර 13 තුළදී මෙම ප්‍රාන්ත 03 තුළදී ගොණු කර ඇති ගංජා සම්බන්ධ නඩු සංඛ්‍යාව ලක්ෂ 07 කට අධික බවයි පැවසෙන්නේ.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මන් අමාරුවෙන් පැල තුනක් හදාගත්තා. ටිකක් අතුදාල ලොකු වෙලා එනකොට වයිෆ් ඒ ටික උගුල්ලල ඩස්ට්බින් දාලා. ආයේ හැදුවෙ නෑ ඉතින්.
     
    • Haha
    Reactions: Ulti and NRTG