මීයාගේ බය

hpalpola

Well-known member
  • එක්තරා භික්ෂුවක් ගසක් මුල නිදහසේ වාඩි වී සිටින වෙලාවක දැක්කා ඒ අසල පොළොවෙ තිබුණු ගුලකින් ඔළුව එළියට දාලා එබි එබි බලන මීයෙක්. භික්ෂුවට තේරුනා තමුන් එතන ඉන්න නිසා බයේ තමයි මීයා ඔළුව දදා බලන්නෙ කියලා. ඉතින් මේ භික්ෂුව කරුණාවෙන් මීයාට කතා කරලා කිව්වා මන් නුඹට කරදරයක් කරන්නෙ නෑ යන ගමනක් යන්න කියලා. මීයා භික්ෂුවට උත්තර දුන්නා අනේ මං මේ ගුලෙන් එළියට එන්නෙ නැත්තෙ ඔබ වහන්සේට බයේ නෙවෙයි. ඔය හරියේ ඉන්නවා පූසෙක් අන්න ඌට බයේ කියලා. භික්ෂුව මීයාට කිව්වා දැන් මෙතන පූසෙක් නෑනෙ ඒ නිසා එළියට එන්න කියලා. ඒත් මීයා එළියට ආවේ නෑ. ඒ වෙනුවට මීයා භික්ෂුවගෙන් ඉල්ලීමක් කළා.

    ස්වාමීනි, මන් පූසන්ට හරි බයයි. පූසා නිසා මට හරියට කෑමක් හොයාගන්නවත් නෑ. ඔබට පුළුවන්නම් මාව පූසෙක් කරන්න. ඔබට පින් සිදුවේවි. මට බයක් නැතුව ජීවත් වෙතෑකි.

    මීයා ගැන කරුණාවෙන් අර භික්ෂුව කල්පනා කරලා තමන්ගේ බලය අනුව මීයාව පූසෙක් බවට පරිවර්තනය කලා. පූසෙක් වුන මීයා හරිම සතුටින් දුවලා ගියා.

    දවස් කීපයක් ගතවුනා. ගස මුල වෙනදා වගේම වාඩිවෙලා ඉන්න භික්ෂුවට ඇහෙනවා කව්ද අඩනවා. බලද්දි අර පූසා වෙච්චි මීයා. භික්ෂුව ඇහුවා ඇයි අඩන්නේ කියලා.

    අනේ ස්වාමිනි, මාව පූසෙක් කලාට ස්තූතියි. ඒ වුනාට අර බල්ලා ඉන්නවා නේද, උගෙන් මට හරි කරදරයි. මාව කන්නමයි හදන්නෙ. මන් ඌට හරි බයයි. ඔබ වහන්සේට පුළුවන්නම් මාව බල්ලෙක් කරන්න.

    භික්ෂුව ඒකටත් එකඟ වෙලා මීයාව පූසාගෙන් බල්ලෙක් බවට පරිවර්තනය කලා. දැන් බල්ලා හරි සතුටින් දුවලා ගියා.

    ඔන්න තවත් ටික දවසක් ගත වුනා. භික්ෂුව විවේකයෙන් ගස මුල වාඩිවෙලා ඉද්දි දැක්කා අර බල්ලා වෙච්චි මීයා අඩ අඩා ඉන්නවා.

    අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මාව මීයෙක්ගෙන් පූසෙක් කලා. දැන් මන් බල්ලෙක්. බල්ලෙක් වෙලා සතුටින් ඉඳියේ ටික දවසයි. කොහෙන්ද ආපු සිංහයෙක් මාව කන්න පැන්නා. යන්තම් පණ බේරන් ආවේ. මන් දැන් සිංහයාට බයේ ජීවත් වෙන්නෙ. ඔබ වහන්සේට බැරිද මට අනුකම්පාවෙන් මාව සිංහයෙක් කරන්න. එතකොට මට බයක් නැතුව ජීවත් වෙතෑකි.

    භික්ෂුව ඒ සැරේ මීයාව සිංහයෙක් බවට පරිවර්තනය කලා. සිංහයා උජාරුවෙන් ඇවිදගෙන ගියා.

    මේ විදියට දවස් කීපයක් ගතවුනා. භික්ෂුව ගස මුල විවේක සුවයෙන් ඉද්දි සිංහයා බොහොම බයෙන් එතැනට ආවා. භික්ෂුව සිංහයාගෙන් බයෙන් ඉන්න එකට හේතු ඇහුවා.

    අනේ ස්වාමිනී, කියලා වැඩක් නෑ. සිංහයෙක් වුනාම මන් හිතුවෙ කාටවත් බයනැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මොන, දඩයම්කාරයෝ ටිකක් දැන් දවස් ගාණක් තිසේසේ මාව අල්ලන්න උත්සාහ කරනවා. මන් හැංගි හැංගි ජීවත් වෙන්නෙ. හරිම බයකින් ජීවත් වෙන්නෙ.

    භික්ෂුව ටිකක් වෙලා සිංහයා දිහා බලන් උන්නා.

    යාළුවා, ඔයා මීයෙක් වෙලා ඉඳියෙ. දැන් ඔයා කැලේ රජා සිංහයා. ඒත් ඔයා බයෙන් ජීවත් වෙන්නේ. මීයා කාලෙත් බයෙන් ජීවත් වුනේ. ඔයාට තේරෙන්නේ නෑ ප්‍රශ්නය තියෙන්නේ කොහේද කියලා. බය තියෙන්නේ ඔයාගේ ඇඟේ කියලයි ඔයා හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි බය තියෙන්නේ ඔයාගේ හිතේ. මීයා වුනාමත් බය තියෙන්නේ සිංහයා වුනාමත් බය තියෙන්නේ ඒකයි. ඔයාට බය නැතුව ජීවත් වෙන්න නම් ඔයා කරන්න ඕනා ඔයාගේ හිතේ තියෙන බය නැති කරගන්න එක. එහෙම නැතුව මොන ඇඟ ගත්තත් බය ඔයා එක්කම තියෙනවා.

    භික්ෂුව කියපු දේ මීයාට තේරුනා. මීයා කාලෙ පූසාට බයේ ඉඳියා. පූසා කාලේ බල්ලට බයේ ඉඳියා. බල්ලා කාලේ සිංහයාට බයේ ඉඳියා. දැන් සිංහයා වෙලත් බයේ ඉන්නවා. ඇත්ත තමයි මීයෙක් වුනත් හිතේ බය නැත්නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මීයා තේරුම් ගත්තා.

    හිතන්න, ඔබත් සමහර වෙලාවට මේ මීයා වගේ ඇති. හිතේ බය නිසා සමහර දේවල් කරන්න අරක තිබුණොත් හොඳයි, මේක තිබුණොත් හොඳයි කියලා හිතනවා ඇති. නැත්නම් තාම කාලේ ආවේ නැහැ කියලා ඔහේ නොයෙකුත් හේතු දාලා වැඩ කල් දාන ගතිය, වැඩ පාඩු කරන ගතිය ඔබ ළඟ ඇති. එහෙම නැත්නම් ඇත්තටම හොඳයි. ඒත් බහුතරයක් හිතේ තියෙන බයත් එක්ක ජීවිතේ අසාර්ථක කර ගන්නවා. සමහරක් විවාහක යුවළවල් නැත්නම් පෙම්වතුන් තමන්ගේ ජීවිතය කථා කරන්න තියෙන බය නිසා අවුල් කර ගන්න අවස්ථා දකින්න ලැබෙනවා. සමහරු රස්සාවේ ඉස්සරහට යන්න නැත්නම් ආර්ථික තත්වය දියුණු කරගන්න තියෙන අවස්ථා මගහැරගන්නවා. මේ බය නිසා. සමහරු අන්‍යොන්‍ය සබඳතා අඩාල කර ගන්නවා හිතේ බය නිසා. සමහරු අනාගතේ ගැන හිතලා බය වෙනවා. බය නිසා කොයිතරම් නම් අවස්ථා මඟහැර ගන්නවාද? හොඳට ඉංග්‍රීසි කථා කරන්න ලියන්න පුළුවන්කම තිබිලත් සමාජයෙන් ලැජ්ජාවට පත්වෙයි කියන බය නිසා ඉංග්‍රීසි කථා නොකරන, නොලියන අය අපි අතරෙ ඉන්නවා. මේ වගේ ගත්තම මේ හිතේ බිය නිසා හුඟක් මිනිස්සු සෑහෙන මානසික පීඩනයකින් ජීවත්වෙනවා. ඒකෙන් මිදෙන්න නොයෙක් දේ ඒ අය කරනවා. විකල්ප තෝරගන්නවා. සමහරු ඒ පීඩනයෙන් මිදෙන්න සියදිවි නසාගැනීමත් තෝරාගන්නවා.

    නමුත් ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔබ කලයුතු වන්නේ හිතේ බය නැති කර ගැනීමයි. ඒක ඕනෑකෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඔබ දැනටමත් එවැනි බයකින් පෙලෙනවා නම් උත්සාහ කරන්න ඒ බය නැති කරගන්න. තනිවම බැරිනම් ඒ සඳහා තව කෙනෙක්ගෙන් උපදෙස් ගන්න, විශ්වාසවන්ත අයෙකුගෙන්. ඒ බය නැති කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. සතුටින් ජීවත් වෙන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    I've seen an old Soviet cartoon that tells exactly the same story. I couldn't remember the name of the cartoon, but the wizard used to travel under an umbrella, just like Mary Poppins.
    ඔහොම එක සමාන කතා ගොඩක් තියනවා කියනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    0_miakhalifa_289867417_272246945102282_6956249966626845726_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භික්ෂුවට තේරුනා තමුන් එතන ඉන්න නිසා බයේ තමයි මීයා ඔළුව දදා බලන්නෙ කියලා

    මීයා භික්ෂුවට උත්තර දුන්නා අනේ මං මේ ගුලෙන් එළියට එන්නෙ නැත්තෙ ඔබ වහන්සේට බයේ නෙවෙයි. ඔය හරියේ ඉන්නවා පූසෙක් අන්න ඌට බයේ කියලා.
    ඒක හරියට තේරුනේ නැත්නම් වෙන දේවල් කරන්න බලයක් තිබුන කියල අපි විශ්වාස කරන්නෙ කොහොමද