තපුටා සහ අත්හැරීම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    ඔව් අපි හැමෝම පණට ආදරෙයිනෙ. සත්වයෙක් පුද්ගලයෙක් කරන්නාතාක් දේවල් කරන්නේ ඇල්ම පදනම් කරගෙන තමා (යමක් නරක වෙන්නෙත් සාපේක්ෂව යමක් හොදයි කියා හඟින/ඇල්ම නිසා).

    දිලාන්ට අනුව අත්හැරීම කොයි වගේ ද ?
    මම කිව්වේ මේ කතාවේ කියන්නේ අත්හැරීමෙන් දුකක් නැති කරගත්තා එකක් නෙවෙයි.
    කෑම දාල පණ බේරගත්ත එකක්.
    කෑම දැම්මම රාජාලියෝ ඒක බලන්නේ නැතුව දිගටම පන්නගෙන ආව නම් පණ බය නැති වෙන්නේ නෑ කැමති කෑම අත්හැරිය කියලා.

    ඌට පුලුවන් උනානම් කෑමත් බේරාගෙන ජීවිතෙත් බේරගන්න අන්න ආදර්ශයට ගන්න හොදයි.. උත්සහය වටිනවා අත්හැර පලායාමට වඩා .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    ඔව් ඉතින් අත්හරින්නත් උත්සහය තියෙන්න එපැයි. මස් කෑල්ල අල්ලගෙන හිටියත් උත්සාහයෙන්, මස් කෑල්ල අත්හැරියෙත් උත්සාහයෙන්. මේ කතාවෙ "පැල්පොලගෙ කපුටගෙ" අත්හැරීමේ උත්සහය නිසා ජීවිතය බේරුනා. ඉතින් ඒක උපමා කතාවක් විදිහට සුදුසු තැන්වලට ගන්න සුදුසුයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    "අත්හරින්න ඕන දේ අත්හරින්න මොන විදියට හරි හිත හදා ගන්න ඕනා. සරලවම ගත්තම දුක, සාංකාව, කාංසාව, වේදනාව, දෝමනස්ස, වැලපීම මේ හැම දේටම හේතුව වෙන්නෙ අතාරින්න බැරි කම. එක මොහොතක් හරි දුකක් නැතුව ජීවත් වෙන්න ඕනා කියලා හිතෙනවා නම් මේ නිසා අතාරින්න පුරුදු වෙන්න වෙනවා."

    කපුටා පණට ආදරේට කෑම දාල පැනල ගිය එක කරේ. ඌට ඒ කෑම එක රාජාලියෝ දාල ගියා නම් ආයිත් ගිහින් ගන්නවා.
    උපමාවක් පහදාගන්න ලේසි කරාට පැහැදිලි කිරීම එතනින් එහාට ගෙනියන්න පුළුවන්.

    උපමාවෙන් කියන අදහස තේරුණා නං ඒක අතාරින්න අල්ලාගෙන ඉන්න එපා. ඒක පොඩි උදව්වක් විතරයි කරන්නේ.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    උපමාවක් පහදාගන්න ලේසි කරාට පැහැදිලි කිරීම එතනින් එහාට ගෙනියන්න පුළුවන්.

    උපමාවෙන් කියන අදහස තේරුණා නං ඒක අතාරින්න අල්ලාගෙන ඉන්න එපා. ඒක පොඩි උදව්වක් විතරයි කරන්නේ.
    ඒ උපාමාව ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ.
    ඌ අතෑරපු කෑමක් නෑ . ඒක දාල බේරිලා ගිය එක කරේ. කෑමට තියන කැමැත්ත නැති කරල නෙවෙයි දාල ගියේ. පණට තියන කැමැත්තට

    ඔව් ඉතින් අත්හරින්නත් උත්සහය තියෙන්න එපැයි. මස් කෑල්ල අල්ලගෙන හිටියත් උත්සාහයෙන්, මස් කෑල්ල අත්හැරියෙත් උත්සාහයෙන්. මේ කතාවෙ "පැල්පොලගෙ කපුටගෙ" අත්හැරීමේ උත්සහය නිසා ජීවිතය බේරුනා. ඉතින් ඒක උපමා කතාවක් විදිහට සුදුසු තැන්වලට ගන්න සුදුසුයි.
    අත්හරින්න උත්සහයක් ඕන නෑ එතන. ඒක දාල බේරිලා ගිය එකනේ කරේ.
    එහෙම නැතුව ඒක හිතෙන අත්හැරිපු එකක් නෙවෙයි.
    මස් කෑල්ල අත්හැරියේ උත්සාහයෙන් නෙවෙයි බයට.

    හරකෙක් එළවන් ඉද්දි සරම පැටලෙන නිසා සරමත් දාල මොකෙක් හරි දිව්වොත් ඌ සරම අත්හැරිය නෙවෙයි උත්සහෙන් ;)
    ඒක දාල දුවල පණ බේරාගත්තා .
    ------ Post added on Jul 3, 2023 at 12:05 PM
     
    • Haha
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒ උපාමාව ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ.
    ඌ අතෑරපු කෑමක් නෑ . ඒක දාල බේරිලා ගිය එක කරේ. කෑමට තියන කැමැත්ත නැති කරල නෙවෙයි දාල ගියේ. පණට තියන කැමැත්තට

    අත්හරින්න උත්සහයක් ඕන නෑ එතන. ඒක දාල බේරිලා ගිය එකනේ කරේ.
    එහෙම නැතුව ඒක හිතෙන අත්හැරිපු එකක් නෙවෙයි.
    මස් කෑල්ල අත්හැරියේ උත්සාහයෙන් නෙවෙයි බයට.

    හරකෙක් එළවන් ඉද්දි සරම පැටලෙන නිසා සරමත් දාල මොකෙක් හරි දිව්වොත් ඌ සරම අත්හැරිය නෙවෙයි උත්සහෙන් ;)
    ඒක දාල දුවල පණ බේරාගත්තා .
    ------ Post added on Jul 3, 2023 at 12:05 PM
    🤣🤣🤣
    ඒක ඕකේ කියල තියෙනවා බං ආයේ උබ රිපිට් කරන්න දෙයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    🤣🤣🤣
    ඒක ඕකේ කියල තියෙනවා බං ආයේ උබ රිපිට් කරන්න දෙයක් නෑ.
    මොකද්ද මම රිපීට් කරේ ? :rofl:
    මූ මේ කතාවේ කෑම එක අත්හැරීම වර්ණනා කරල තියෙන්නේ එකින මරණ බය නැති උනා කියල.
    මරණ බය නැති උනේ ඒ අත්හරිමකින් නෙවෙයි.. රාජාලියෝ මූව අත හැරපු නිසා. කෑම එක පැත්තක තියල දිගටම එලෙව්වා නම් මරණ බය දිගටම තියනව. :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හරකෙක් එළවන් ඉද්දි සරම පැටලෙන නිසා සරමත් දාල මොකෙක් හරි දිව්වොත් ඌ සරම අත්හැරිය නෙවෙයි උත්සහෙන් ;)
    ඒක දාල දුවල පණ බේරාගත්තා .

    සරම පැටලී පැටලීත් දුවන්න පුලුවන්
    සරම ගලවලා දුවන්නත් පුලුවන්.

    ඔය දෙකෙන් කෝක කරන්න උත්සහ කරන්න ඕනෙ. පැටලෙන සරම අල්ලගෙනම දුවන්නෙත් උත්සහයක් නිසා, පැටලෙන සරම ගලවලා දාන්නෙත් උත්සහයක් නිසා. මස් කෑල්ල හොටේ තදකරගෙන ගියෙත් උත්සහය නිසා. මස් කෑල්ල හොටෙන් අතෑරියොත් උත්සහය නිසා. ඔන්න දිලාන් කවුරුහරි දුවනකොට දන්නෙම නැතිව සරම ගැලවිලා වැටුනොත් නම් එතන ඒ මොහොතේදී "සරම ගලවන්න" උත්සහයක් නැහැ.

    අර කතාකරන්න/සිංදු කියන්න උත්සහ කරන්න ගිහිං දන්නෙම නැතිව කේජු කෑල්ල කටින් වැටුන කපුටෙකුත් අපේ සාහිත්‍යයෙ ඉන්නෙ.

    Edited - more content and formatting.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මොකද්ද මම රිපීට් කරේ ? :rofl:
    මූ මේ කතාවේ කෑම එක අත්හැරීම වර්ණනා කරල තියෙන්නේ එකින මරණ බය නැති උනා කියල.
    මරණ බය නැති උනේ ඒ අත්හරිමකින් නෙවෙයි.. රාජාලියෝ මූව අත හැරපු නිසා. කෑම එක පැත්තක තියල දිගටම එලෙව්වා නම් මරණ බය දිගටම තියනව. :lol:
    කතාවේ අන්තිමට කියල තියෙන ජේදේ තමා උබ ආයේ රීපීට් කරන්නේ උඹේ වචන වලින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    සරම පැටලී පැටලීත් දුවන්න පුලුවන්
    සරම ගලවලා දුවන්නත් පුලුවන්.

    ඔය දෙකෙන් කෝක කරන්න උත්සහ කරන්න ඕනෙ. පැටලෙන සරම අල්ලගෙනම දුවන්නෙත් උත්සහයක් නිසා, පැටලෙන සරම ගලවලා දාන්නෙත් උත්සහයක් නිසා. මස් කෑල්ල හොටේ තදකරගෙන ගියෙත් උත්සහය නිසා. මස් කෑල්ල හොටෙන් අතෑරියොත් උත්සහය නිසා. ඔන්න දිලාන් කවුරුහරි දුවනකොට දන්නෙම නැතිව සරම ගැලවිලා වැටුනොත් නම් එතන ඒ මොහොතේදී "සරම ගලවන්න" උත්සහයක් නැහැ.

    අර කතාකරන්න ගිහිං දන්නෙම නැතිව කේජු කෑල්ල කටින් වැටුන කපුටෙකුත් අපේ සාහිත්‍යයෙ ඉන්නෙ.

    Edited - more content and formatting.
    මම මේ කියන්නේ අත්හැරීමේ උත්සාහය ගැන මිසක් ක්‍රියාවක් කරනන දාන ශක්තිය නෙවෙයි. එහෙම කරොත් හැමදේටම උත්සාහය දාන්න පුලුවන්.

    කතාවේ අන්තිමට කියල තියෙන ජේදේ තමා උබ ආයේ රීපීට් කරන්නේ උඹේ වචන වලින්.
    "තව දෙයක්. අතාරිනවා කියලා අපි අකැමැති දේවල් අතෑරලා වැඩක් නෑ. ස්වභාවයෙන්ම අකැමැති දේවල් අපි කොහොමත් අතාරිනවානේ. වැඩක් නැත්නම් වැඩක් නෑ. අතාරින්න පුරුදු වෙන්න ඕනා අකැමැති දේවල් නෙමෙයි කැමැති දේවල්. ඒකත් මතක තියා ගන්න."

    මූ කියන කැමති දේ අතහැරීමක් නෙවෙයි බන් කාක්කා කරන්නේ .
    ඌ ඒක දාල පණ බේරගන්න එක කරන්නේ.
    රාජාලියෝ ආයිත් ගියොත් ඌ කෑම එක ආයිත් ගන්නවා. උගේ කෑමට තියන කැමැත්ත අත්හරිය නෙවෙයි. අනික ඒ කෑම අත්හැරපු නිසා නෙවෙයි උගේ මරණ බය යන්නේ... එලවාගෙන ආපු උන් ටික මූව අත්හැරපු නිසා.
    ------ Post added on Jul 3, 2023 at 12:25 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මම මේ කියන්නේ අත්හැරීමේ උත්සාහය ගැන මිසක් ක්‍රියාවක් කරනන දාන ශක්තිය නෙවෙයි. එහෙම කරොත් හැමදේටම උත්සාහය දාන්න පුලුවන්.

    "තව දෙයක්. අතාරිනවා කියලා අපි අකැමැති දේවල් අතෑරලා වැඩක් නෑ. ස්වභාවයෙන්ම අකැමැති දේවල් අපි කොහොමත් අතාරිනවානේ. වැඩක් නැත්නම් වැඩක් නෑ. අතාරින්න පුරුදු වෙන්න ඕනා අකැමැති දේවල් නෙමෙයි කැමැති දේවල්. ඒකත් මතක තියා ගන්න."

    මූ කියන කැමති දේ අතහැරීමක් නෙවෙයි බන් කාක්කා කරන්නේ .
    ඌ ඒක දාල පණ බේරගන්න එක කරන්නේ.
    රාජාලියෝ ආයිත් ගියොත් ඌ කෑම එක ආයිත් ගන්නවා. උගේ කෑමට තියන කැමැත්ත අත්හරිය නෙවෙයි. අනික ඒ කෑම අත්හැරපු නිසා නෙවෙයි උගේ මරණ බය යන්නේ... එලවාගෙන ආපු උන් ටික මූව අත්හැරපු නිසා.
    ------ Post added on Jul 3, 2023 at 12:25 PM
    කැමති දේ ඊලග මොහොතෙ අකමැති දේ වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නෙ කන්ටෙක්ස්ට් එකට අනුවනෙ. ආයෙ කැමති වෙන්නත් පුලුවන්.

    හොදම උදාහරණය කෑම. බඩ පිරෙන්න කලින් කැමතිම දේ ඉස්මුරුත්තන් වෙන්න පිරුනට පස්සෙ දැක්කත් අප්පිරියයි කියන එක ආයෙ බඩගිනි උනාම කැමතිම එක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම මේ කියන්නේ අත්හැරීමේ උත්සාහය ගැන මිසක් ක්‍රියාවක් කරනන දාන ශක්තිය නෙවෙයි. එහෙම කරොත් හැමදේටම උත්සාහය දාන්න පුලුවන්.

    අත්හැරීම ට වඩා හොද උත්සාහය.

    ඉහත දෙවනි කෝට් එක මුල්කරගෙන තමා මම පෙන්වලා දුන්නේත් අපි කරන සෑම කොන්ශස් හැසිරීමකදිම උත්සහයක් තිබෙනවා කියනල. එතනදි මම හිතනවා දිලාන්ටත් පැල්පොලටත් කොමන් ග්‍රවුන්ඩ් එකක් හම්බෙනවා කියලා. අපේ ජීවිතයේ නානාවිධ හැසිරීම් වලට ඇති උත්සහයට අපි "වායාම" කියලා කියනවා. ඒක "නිවැරදි උත්සහයක් (සම්මාවායාම)" වෙන්නෙ කොහොමද කියන එක තමා ඔතන ඩිස්ඇග්‍රීමන්ට් එක.

    ඒකයි එතනදි දිලාන්ට අත්හරින්න තියන උත්සහය ප්‍රියමනාප නැත්තෙ. දිලාන්ගේ සම්මා වායාමය නෙමෙයි ශාසනයේ සම්මා වායාමය. ඕකෙ මුලට ගියාම අපි යැවෙන්නේ දිට්ඨි-සංකප්ප දෙකට. ඔතන තමා ෆන්ඩමෙන්ටල් බෙදීම තියෙන්නෙ දිලාන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    කැමති දේ ඊලග මොහොතෙ අකමැති දේ වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නෙ කන්ටෙක්ස්ට් එකට අනුවනෙ. ආයෙ කැමති වෙන්නත් පුලුවන්.

    හොදම උදාහරණය කෑම. බඩ පිරෙන්න කලින් කැමතිම දේ ඉස්මුරුත්තන් වෙන්න පිරුනට පස්සෙ දැක්කත් අප්පිරියයි කියන එක ආයෙ බඩගිනි උනාම කැමතිම එක.
    ඉතින් මෙතන ඌ කෑවේ නෑ එක අකැමති වෙන්න. පණට ආදරේ නිසා දාල දුවපු එක කරේ.
    ඒක උගේ බය මිසක් උගේ අත්හ්රීමේ ගුණයක් නෙවෙයි බන්.

    ඉහත දෙවනි කෝට් එක මුල්කරගෙන තමා මම පෙන්වලා දුන්නේත් අපි කරන සෑම කොන්ශස් හැසිරීමකදිම උත්සහයක් තිබෙනවා කියනල. එතනදි මම හිතනවා දිලාන්ටත් පැල්පොලටත් කොමන් ග්‍රවුන්ඩ් එකක් හම්බෙනවා කියලා. අපේ ජීවිතයේ නානාවිධ හැසිරීම් වලට ඇති උත්සහයට අපි "වායාම" කියලා කියනවා. ඒක "නිවැරදි උත්සහයක් (සම්මාවායාම)" වෙන්නෙ කොහොමද කියන එක තමා ඔතන ඩිස්ඇග්‍රීමන්ට් එක.

    ඒකයි එතනදි දිලාන්ට අත්හරින්න තියන උත්සහය ප්‍රියමනාප නැත්තෙ. දිලාන්ගේ සම්මා වායාමය නෙමෙයි ශාසනයේ සම්මා වායාමය. ඕකෙ මුලට ගියාම අපි යැවෙන්නේ දිට්ඨි-සංකප්ප දෙකට. ඔතන තමා ෆන්ඩමෙන්ටල් බෙදීම තියෙන්නෙ දිලාන්.
    ඔය මම උත්සාහය කියල කියල තියෙන්නේ දෙයක් සාර්ථකව කරගන්න තියන උත්සාහය. ඒක දාල දුවන උත්සහක් නෙවෙයි.

    අනිත් එක අත්හරින්න තියන උත්සහයක් ගැන මේ කතාවේ කියන්නේ නෑ ..
    ------ Post added on Jul 3, 2023 at 12:44 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය මම උත්සාහය කියල කියල තියෙන්නේ දෙයක් සාර්ථකව කරගන්න තියන උත්සාහය. ඒක දාල දුවන උත්සහක් නෙවෙයි.

    අනිත් එක අත්හරින්න තියන උත්සහයක් ගැන මේ කතාවේ කියන්නේ නෑ ..

    ඒක තම දිලාන් මම කලින් රිප්ලයි එකේදිම දිට්ඨිය ගැන කිව්වෙ. සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නෙත් දිට්ඨිය (දරන මතවාදය) මතනෙ දිලාන්.

    අත්හැරීම අරමුණ කරගත් දිට්ඨියකදි මස් කෑල්ල අත්හැරීම සුලු ජයග්‍රහණයක්. ජීවිතයත් අතාරින්න පුලුවන් උනොත් ලොකු ජයග්‍රහණයක් නේද ? රැස්කිරීම අරමුණු කරගත්ත දිට්ඨියකදි මස් කැල්ල අත්හැරීම පරාජයක්. මස් කෑල්ලත් එක්ක ජීවිතෙත් නැති වුනොත් ලොකුම පරාජයක්. මස් කෑල්ලත් එක්ක ජීවිතෙත් බේරුනොත් ලොකුම ජයග්‍රහණයක්.

    දිලාන්ගේ රිප්ලයි එකේ තිබුණ උත්සහය කියන එක අරගෙන, ඒක අපි කොන්ශස්ලි ක්‍රියාකාරී වෙන සෑම තැනකටම යෙදෙන හැටි පෙන්වාදීලා පිළිවෙලින් දිට්ඨියට ආපු එක තමා ග්‍රීන්තන්ඩර් කලේ. පැල්පොලට, හෙළයෙක්ට ග්‍රීන්තන්ඩර්ට මේ උපමාකතාව යහපත් වෙන්නත් දිලාන්ට අයහපත් හෝ සුදුසු නැති වෙන්නෙත් අපි දරන දිට්ඨි/මතවාද අනුව තමා.

    Edited - added last sentence and කොන්ශස්ලි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඉතින් මෙතන ඌ කෑවේ නෑ එක අකැමති වෙන්න. පණට ආදරේ නිසා දාල දුවපු එක කරේ.
    ඒක උගේ බය මිසක් උගේ අත්හ්රීමේ ගුණයක් නෙවෙයි බන්.

    ඔය මම උත්සාහය කියල කියල තියෙන්නේ දෙයක් සාර්ථකව කරගන්න තියන උත්සාහය. ඒක දාල දුවන උත්සහක් නෙවෙයි.

    අනිත් එක අත්හරින්න තියන උත්සහයක් ගැන මේ කතාවේ කියන්නේ නෑ ..
    ------ Post added on Jul 3, 2023 at 12:44 PM
    කන්නම ඕනි නෑ කැමැත්ත වෙනස් වෙන්න. ආසාවෙන් බලන් ඉන්න කෑම ඒක කන්න හදනකොට බස් ඒක ආවා වෙන්නත් පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    ඒක තම දිලාන් මම කලින් රිප්ලයි එකේදිම දිට්ඨිය ගැන කිව්වෙ. සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නෙත් දිට්ඨිය (දරන මතවාදය) මතනෙ දිලාන්.

    අත්හැරීම අරමුණ කරගත් දිට්ඨියකදි මස් කෑල්ල අත්හැරීම සුලු ජයග්‍රහණයක්. ජීවිතයත් අතාරින්න පුලුවන් උනොත් ලොකු ජයග්‍රහණයක් නේද ? රැස්කිරීම අරමුණු කරගත්ත දිට්ඨියකදි මස් කැල්ල අත්හැරීම පරාජයක්. මස් කෑල්ලත් එක්ක ජීවිතෙත් නැති වුනොත් ලොකුම පරාජයක්. මස් කෑල්ලත් එක්ක ජීවිතෙත් බේරුනොත් ලොකුම ජයග්‍රහණයක්.

    දිලාන්ගේ රිප්ලයි එකේ තිබුණ උත්සහය කියන එක අරගෙන, ඒක අපි කොන්ශස්ලි ක්‍රියාකාරී වෙන සෑම තැනකටම යෙදෙන හැටි පෙන්වාදීලා පිළිවෙලින් දිට්ඨියට ආපු එක තමා ග්‍රීන්තන්ඩර් කලේ. පැල්පොලට, හෙළයෙක්ට ග්‍රීන්තන්ඩර්ට මේ උපමාකතාව යහපත් වෙන්නත් දිලාන්ට අයහපත් හෝ සුදුසු නැති වෙන්නෙත් අපි දරන දිට්ඨි/මතවාද අනුව තමා.

    Edited - added last sentence and කොන්ශස්ලි.
    කැමති දෙයකට කැමැත්ත තියාගෙන දාල යන එක එකක්.
    දෙයකට තියන කැමැත්ත හිතෙන අත්හරින එක තව එකක්.

    සිද්ධාර්ථ ගිහිගෙයි අත් හරියේ ගිහිගෙයි ගැන තිබ්බ ආසාව හිතෙන අයින් කරල මිසක් එකට තිබ්බ කැමැත්ත තියාගෙන නෙවෙයි නේ.
    කාක්කා කෑම එක දාල ගියේ කෑමට තිබ්බ ආසාව අත් හැරලා නෙවෙයි .ඒ ආසාවට වඩා ජිවිත ආසාව වැඩි උන නිසා.

    ඔය අත්හැරීම් දෙක දෙකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    කැමති දෙයකට කැමැත්ත තියාගෙන දාල යන එක එකක්.
    දෙයකට තියන කැමැත්ත හිතෙන අත්හරින එක තව එකක්.

    ඔය අත්හැරීම් දෙක දෙකක්.
    ඉතින් උඩ කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වම ඕනි කෙනෙක්ට ඕක තමා හිතෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    ඉතින් උඩ කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වම ඕනි කෙනෙක්ට ඕක තමා හිතෙන්නේ.
    ඒ කාකකගේ කතාව බයේ දාල පැනල යන කතාවක්. ඌ ජිවිතේට තියන තන්හාවට ඒක දාල දුවන්නේ .