ලංකාවේ පැරණිම වලව්ව.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    ලංකාවේ පැරණිම වලව්වලෙස සැලකෙන කතළුව අටදාහේ වලව්ව​

    ඔබේසේකර පෙලපත ආරම්භ වන්නේ ගාල්ලේ අහංගම කතළුව ප්‍රදේශයේ පිහිටා ඇති අටදාහේ වලව්වේ වර්ෂ 1630දී පමණ ලංකාවේ වෙරලබඩ පෘතුගීසි පාලන අවදියේදී ලංකාවට පැමිණි යුරෝපයේ පෘතුගීසි රාජකීය සම්භවයක් ඇති පවුලකින් පැවතෙන්නෙකු ලෙස සැලකෙන පෘතුගීසි නාවික හමුදාවේ කපිතාන් වරයෙක් වූ දොන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි.
    එවක පෘතුගීසි නාවික හමුදාවේ වෙරලබඩ ක්‍රියාකාරකම් පිරික්සුම් පිණිස ලංකාවේ ගාල්ල වරායට පැමිණි හමුදා නිලධාරියෙකු වූ ඔහු මේ රමණීය දිවයින පිළිබඳව ලොබ බැඳගත්තේ, මෙහි නැවතීමට තීරණය කලේය.නිවසක් ඉදිකිරීම සඳහා වගාවටද සුදුසු බිම්කඩක් සෙවූ ඔහු අහංගම කතළුව ප්‍රදේශයේ ආසන්න වශයෙන් අක්කර 125ක පමණ සාරවත් ඉඩමක පොල් පැළ අටදාහක් වගාකොට එහි විශාල නිවසක්ද ඉදිකල අතර එම නිවස අටදාහේ වලව්ව නමින් ප්‍රකට විය.
    වර්ෂ 1630 ට ආසන්නව ඉදිවුණු මේ වලව්ව ලංකාවේ පැරණිම වලුව්ව ලෙස සලකයි. පසුව අහංගම කොරතොට ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක නායක හිමිනමක් හමුවූ ඔවන් ෆර්ඩිනැන්ඩස් තමා වෙත සිංහල නමක් ලබාදෙන ඉල්ලා සිටි අතර ඔහුගේ රාජකීය සම්භවයද සැලකිල්ලට ගත් එහිමියන් විසින් ඔහුට "ඔබේසේකර" යන නාමය ලබාදෙන ලදී.
    කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කන්ද උඩරටින් සංක්‍රමණය වූ කොස්ගොඩ වලව්වේ සෙනෙවිරත්න දිසානායක නම් රදල පවුලක තරුණියක් විවාහ කරගත්, වර්ෂ 1650 දී පමණ පෘතුගීසි පාලන අවසන් කාලයේදී ගාල්ලේ තල්පේ පත්තුවේ මුහන්දිරම් තනතුරට පත්වූ ඔවන් ෆර්ඩිනැන්ඩස්ගේ මෙම අටදාහේ වලව්ව ජනතා නඩු අසන උසාවියක් ලෙසද ක්‍රියාත්මක වී ඇත.

    මේ දැනටත් සුරැකි තියෙන එම වලවුවේ පින්තුර සහ වීඩියෝ දර්ශනයක්
    .















    අන්තර් ජාලය ඇසුරිනි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ සුපිරි.
    මේ වලව්ව ගරා වැටිලා වගේ තිබ්බේ කාලයක්, ඒ කාලේ මම කීප වතාවක්ම ගිහින් තියනව ඕකට. ගෙදර අය කිව්වා විදියට ඔය ඉස්සෙල්ලම හදපු වලව්වම නෙවෙයි ලු. ඕක කාලෙන් කාලෙට සුළු සුළු වෙනස් කම් වෙලා තමයි තියෙන්නේ ඔය.
    පරණ තවත් ගොඩනැගිලි ලින්, තෙල් හින්ද්දපු අර ලොකු ගල් එහෙමත් තියනව. දැන් නම් ලස්සනට මේක තියනව. මේ විදියට නම් තියනකොට ගිහින් නැ.

    පට්ට ත්‍රෙඩ් දාන්නේ මේ දවස් වල උඹ. සුපිරි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අඩෝ සුපිරි.
    මේ වලව්ව ගරා වැටිලා වගේ තිබ්බේ කාලයක්, ඒ කාලේ මම කීප වතාවක්ම ගිහින් තියනව ඕකට. ගෙදර අය කිව්වා විදියට ඔය ඉස්සෙල්ලම හදපු වලව්වම නෙවෙයි ලු. ඕක කාලෙන් කාලෙට සුළු සුළු වෙනස් කම් වෙලා තමයි තියෙන්නේ ඔය.
    පරණ තවත් ගොඩනැගිලි ලින්, තෙල් හින්ද්දපු අර ලොකු ගල් එහෙමත් තියනව. දැන් නම් ලස්සනට මේක තියනව. මේ විදියට නම් තියනකොට ගිහින් නැ.

    පට්ට ත්‍රෙඩ් දාන්නේ මේ දවස් වල උඹ. සුපිරි.
    තැන්ක්ස් අය්යා. තව ටික දවසකට විතරයි.
    ඔයාගේ වටිනා අදහසුත් එකතු කරන එක හරිම වටිනවා..... :love2: 👌
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    347568429_578208597806537_5850532924645559942_n.jpg



    mekath dakunu rate ekak da koheda. lagadi renovate karala.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle


    mekath dakunu rate ekak da koheda. lagadi renovate karala.



    මෙන්න මේකත් ලදී රිස්ටෝර් කරලා තියෙන්න. පට්ට ලස්සනයි...

    352777781_719754576826974_8336846728813709127_n.jpg


    353025360_719754606826971_3024622759566599214_n.jpg
    353053103_719754503493648_6338145127290322186_n.jpg



    මෙන්න මේකේ තව පින්තුර තියනව.. පොස්ට් ලින්ක්


    සෙක්කුව කියල කියන්නෙ බං ඒකට
    ඔව් ඔව් සෙක්කුවක් තමයි..