ලංකාවේ පැරණිම වලව්වලෙස සැලකෙන කතළුව අටදාහේ වලව්ව
ඔබේසේකර පෙලපත ආරම්භ වන්නේ ගාල්ලේ අහංගම කතළුව ප්රදේශයේ පිහිටා ඇති අටදාහේ වලව්වේ වර්ෂ 1630දී පමණ ලංකාවේ වෙරලබඩ පෘතුගීසි පාලන අවදියේදී ලංකාවට පැමිණි යුරෝපයේ පෘතුගීසි රාජකීය සම්භවයක් ඇති පවුලකින් පැවතෙන්නෙකු ලෙස සැලකෙන පෘතුගීසි නාවික හමුදාවේ කපිතාන් වරයෙක් වූ දොන් ඔවන් ෆර්ඩිනැන්ඩස් ගෙනි.එවක පෘතුගීසි නාවික හමුදාවේ වෙරලබඩ ක්රියාකාරකම් පිරික්සුම් පිණිස ලංකාවේ ගාල්ල වරායට පැමිණි හමුදා නිලධාරියෙකු වූ ඔහු මේ රමණීය දිවයින පිළිබඳව ලොබ බැඳගත්තේ, මෙහි නැවතීමට තීරණය කලේය.නිවසක් ඉදිකිරීම සඳහා වගාවටද සුදුසු බිම්කඩක් සෙවූ ඔහු අහංගම කතළුව ප්රදේශයේ ආසන්න වශයෙන් අක්කර 125ක පමණ සාරවත් ඉඩමක පොල් පැළ අටදාහක් වගාකොට එහි විශාල නිවසක්ද ඉදිකල අතර එම නිවස අටදාහේ වලව්ව නමින් ප්රකට විය.
වර්ෂ 1630 ට ආසන්නව ඉදිවුණු මේ වලව්ව ලංකාවේ පැරණිම වලුව්ව ලෙස සලකයි. පසුව අහංගම කොරතොට ප්රදේශයේ බෞද්ධ විහාරස්ථානයක නායක හිමිනමක් හමුවූ ඔවන් ෆර්ඩිනැන්ඩස් තමා වෙත සිංහල නමක් ලබාදෙන ඉල්ලා සිටි අතර ඔහුගේ රාජකීය සම්භවයද සැලකිල්ලට ගත් එහිමියන් විසින් ඔහුට "ඔබේසේකර" යන නාමය ලබාදෙන ලදී.
කොස්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි කන්ද උඩරටින් සංක්රමණය වූ කොස්ගොඩ වලව්වේ සෙනෙවිරත්න දිසානායක නම් රදල පවුලක තරුණියක් විවාහ කරගත්, වර්ෂ 1650 දී පමණ පෘතුගීසි පාලන අවසන් කාලයේදී ගාල්ලේ තල්පේ පත්තුවේ මුහන්දිරම් තනතුරට පත්වූ ඔවන් ෆර්ඩිනැන්ඩස්ගේ මෙම අටදාහේ වලව්ව ජනතා නඩු අසන උසාවියක් ලෙසද ක්රියාත්මක වී ඇත.
මේ දැනටත් සුරැකි තියෙන එම වලවුවේ පින්තුර සහ වීඩියෝ දර්ශනයක්.
අන්තර් ජාලය ඇසුරිනි
