විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අක්කාගේ දරුවා ලෙඩ වෙලා.
    ඊයේ රෑ Admit කළා.

    රෑ එළිවෙනකම් වාට්ටුවේ අවදියෙන් හිටියා එක දොස්තර කෙනෙක්.

    මමත් එළිවෙනකම් හිටියා.

    උදේ හැමෝම Duty Off වෙලා ගියා.
    අර දොස්තර විතරක් ගිහින් විනාඩි 30න්
    ආපහු ඇවිත් වැඩ.

    අක්කා ගිහින් කතා කළා.

    එළිවෙනකම් ඉඳලත් ආපහු අද දවසේත් වැඩලු. රෑ එළිවෙනකන් හිටියා කියලා එකක් නෑලු. ඒ දොස්තර එයාගේ දරුවා සතියකින් දැකලා නෑලු.

    මොන පවක්ද බං ඒ..

    අවුරුදු 5ක් එක දිගට එහෙම කරන්න වෙනවලු.

    ඔහොම කරන්න වෙන්නේ විශේෂඥ වෙන්න යන අයටලු.

    මම කල්පනා කළේ මෙහෙම අමු කට්ටක් කාලා මේක කොරගන්න එකෙක් අලුතෙන් හැදෙන්න රටකට කොච්චර කල් යාවිද කියලා..

    පොඩි දොස්තරලා වගේ අයනම් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් හරි හැදුවත් මෙයාලා එහෙම හදන්න බෑනේ බං.

    අනික හැම දොස්තරම එකයි කියන එක නම් පොයිය. මේ වගේ අය දරුවෝ ගැන හැමදේම දන්නවා බං. උන් බලන් හිටියා වගේ ප්‍රශ්න අහන්නේ. අපි පණ බයේ දරුවා එක්ක ගියේ.
    බොරු කියන්න ඕන නෑ, ඒ දොස්තර එක්ක දරුවා අද උදේ හිනා වේවි ඉන්න විදිහ දැක්කම තමයි හිත ඩිංගක් නිදහස් වුණේ.

    මචං, මේ ඉන්න එවුන් මොන රෙද්දක් නිසා හරි රටෙන් යන එකෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට නේද කෙළවෙන්නේ...
    මට උදේ මාර කම්පාවක් දැනුනා බං.

    අපි මොකද්ද මේ කරගන්න යන්නේ කියලා.

    ( වාට්ටුවේ තව දොස්තරලා දෙන්නෙක් හිටියා. හැබැයි මේ දොස්තර තමයි දරුවා විලාප තියලා අඬද්දී අම්මාටත් කලින් දරුවා බැලන්ස් කළේ. උන් ඒකට කැම්රී දක්ෂයි බං. ක්ෂණික දරුවෝ නලවනවා. දුවලා පැනලා පට ගාලා වැඩත් කළා. දරුවාට ඩෙංගු නිසා එක්කගෙන ගියේ.)
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    තෝ ඊයෙ ටෙලිග්‍රෑම් බොටෙක්ගෙන් ගෑනුංගෙ රෙදි ගලව ගලව නේද හිටියෙ :unsure:
    ඒක මචං මටත් එවලා තිබුණ එකක්.
    උඹ කිව්වට පස්සේ මම ඒක අයින් කළා.
    සමාවෙයන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තෝ ඊයෙ ටෙලිග්‍රෑම් බොටෙක්ගෙන් ගෑනුංගෙ රෙදි ගලව ගලව නේද හිටියෙ :unsure:
    557363.jpg
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඩොක්කුන්ගෙන් ඩෙංගු වලට බේත් ගන්නෙ අමු ගවයො තමයි හිටං
    ප්‍රශ්නය තමන්ගේ වෙනකම් අපිට පුලුවන් බං සද්ද විද්ද පළඟ පතිරණ වෙන්න.

    ඊයේ රෑ එළිවෙනකම් දැකපු දේවල් එක්ක දැනුන කම්පාවට මේක දැම්මේ.

    දරුවෝ ඉන්න අපේ කොල්ලො දන්නවා ඇති මේ හැඟීම.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ප්‍රශ්නය තමන්ගේ වෙනකම් අපිට පුලුවන් බං සද්ද විද්ද පළඟ පතිරණ වෙන්න.

    ඊයේ රෑ එළිවෙනකම් දැකපු දේවල් එක්ක දැනුන කම්පාවට මේක දැම්මේ.

    දරුවෝ ඉන්න අපේ කොල්ලො දන්නවා ඇති මේ හැඟීම.
    ලෙඩකට බේත් ගන්න යන්න ඕන බේත් තියෙන තැනකට මිසක්, නැති තැනකට නෙවෙයි
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    Eka atta
    Hithapan cancer ekk hdunoth
    Aniwa wale
    මට තේරෙන්නේ නෑ බං මොකද්ද කියන්නේ කියලා.

    ඒ මිනිස්සුන්ගේ ඔලුවෙ තියෙන දැනුම, අවුරුදු ගානක් ගන්න අත්දැකීම් වලට පින්සිද්ද වෙන්න තමයි අපිට බයක් නැතිව දරුවෙක් ලෙඩ වුණාම එතනට ගිහින් භාරදීල බලන් ඉන්න පුළුවන්. එහෙම අය නැති වුණාම කොහේද යන්නේ කියලා හිතුනා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ලෙඩකට බේත් ගන්න යන්න ඕන බේත් තියෙන තැනකට මිසක්, නැති තැනකට නෙවෙයි
    ඔච්චර ගණන් හදන්නේ නෑ මචං මේ වගේ වෙලාවට. උඹට කියලා වැඩක් නෑ. මම ආවේ ඇරගන්න නෙවෙයි.
    දැනුන දේ කියන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ
    කවුද බං Registrar කියන්නේ..?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ

    pissuda awrudu 10-12 igena ganna one. specialize krnna monawa hri.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    dengue walata beheth na pako. symptoms walata beheth deela management thama krnne
    ඔව් බං. ඒ දොස්තර දරුවා බැලන්ස් කළා ක්ෂණිකව. පොඩි එකා විලාප තිය තියා අඬ අඬ හිටියේ..
    මම බයේ හිටියේ මූ අඬලා මොනවා හරි වේවි කියලා..

    අද උදේ මම එද්දී ලස්සනට හිනා වෙවී ඉන්නවා.

    ඒ දොස්තර පොඩි එකාගේ ඇඟේ චිත්‍ර ඇඳලා. ඌට මාර සතුටුයි ඒකට.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කවුද බං Registrar කියන්නේ..?
    Postgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට තේරෙන්නේ නෑ බං මොකද්ද කියන්නේ කියලා.

    ඒ මිනිස්සුන්ගේ ඔලුවෙ තියෙන දැනුම, අවුරුදු ගානක් ගන්න අත්දැකීම් වලට පින්සිද්ද වෙන්න තමයි අපිට බයක් නැතිව දරුවෙක් ලෙඩ වුණාම එතනට ගිහින් භාරදීල බලන් ඉන්න පුළුවන්. එහෙම අය නැති වුණාම කොහේද යන්නේ කියලා හිතුනා.
    Daruwek newei thotath echcharai
    Api okkoma lab ratsla ganata watena eka witharai wenne
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කන්න ඕන කට්ට නන් අප්‍රමානයි
    උනාට පස්සෙ කන්න ඕන කට්ටත් අප්‍රමානයි, එක අපිට තෙරෙන්නෙ නැ

    මගෙ නෑයෙක් ඉන්නව, පොර සර්ජන්
    උදෙත් වැඩ, රෑත් වැඩ
    මහ රෑත් යනව පොර ඔපරෙට් කරපු ලෙඩ්ඩු ගැන බලන්න

    හම්බ කරනව තමා,එත් ඉතින් නො ලයිෆ්
    පොරට ලැට් එකෙත් නින්ද යනව

    එක පාරක් ඇක්සිඩන්ට් උනා නින්ද ගිහිල්ල ගේ ලගම

    හෙන බක්තියෙන් ඉන්නෙ පොර, මිනිස්සු බේරනව කියල
    මිනිස්සු ඇවිල්ල පොරට වදිනව

    අති දක්ස බුවෙක්, , මූන පිච්චුන කේල්ලො, අසිඩ් ගහපුව එහෙම පුලුවන් තරම් ශෙප් කරල හදනව
    ප්ලාස්ටික් සර්ජන්,

    පොරගෙ ලැප් එක දැක්ක එහෙම පොටොස්
    හම්මො...