පැය 24 වැඩ කළත් ගෙවන්නේ පැය 4කට විතරද..?
ඒක මාර අසාධාරණයිනේ..
ඒක ඇත්තටම එහෙම නම් මේකෙන් වෛද්‍යවරු යන එක පුදුම වෙන්න ඕන නෑ.
ඉන්නවා නම් තමයි පුදුම වෙන්න ඕන.
පැය 24 වැඩ කියන්නේ වැඩ කරන පැය 6 (8-12 & 2-4) අයින් උනාම අනික් 18 on call. වෙන දිහාවක යන්න බෑ හදිසියක් උනාම ඉන්න ඕනේ අනික් අය අල කරගන්න ඒවා හෝ ඒ අයට මැනේජ් කරගන්න බැරි ඒවා සෙට්ල් කරන්න යන්න. සමහර වෙලාවට බබා ඩිලිවර් කරගන්න බෑ හිර උනාම මම දුවලා තියෙනවා තියටර් එකට බබා අරන් දෙන්න සීසර් එකේදි. ෆෝසෙප් දාලා ගැබ්ගෙල ඉරුණම මම නින්දෙන් නැගිටලා දුවලා තියෙනවා ඒවා මහන්න.
අපේ සුලුතරයක් ඉන්නවා 8 ට ඇවිත් 10 ට ගෙදර පනින, වැඩ අස්සේ ළමයින්ගේ වැඩ වලට දෙමාපිය රැස්වීම් වලට යන. ඒ ගොඩක් teaching hopital වල. ඒ කරත් ඒ අයත් ඔන් කෝල් ඉන්නවා සැලකිය යුතු ප්‍රමාණයක්. අපේ අයගේ වැරදි තියෙනවා. ඒක පිලිගන්නවා. නමුත් බහුතරයක් එහෙම නෑ.
Software engineering , IT එක්ක බලද්දි මගේ පඩිය ගැන මම සතුටු නැහැ ලංකාවේදී ලැබුන.
අපේ වහල්ලුන්ට තේරෙන්නේ නැ. උන් කතාකරන්නේ නිකන් දෙන පර්මිට් එක තහනම් කලාම මේ ප්‍රශ්න සේරම හරියයි කියල. AMC, prometric exam discussion ග්‍රොඋප් වල බලන්න ඕන රටින් යන්න දගලන මොනතරම් සෙට් එකක් ඉන්නවද කියල.
මගෙන් ට්‍රේන් උනු හැම HO කෙනෙක්ටම මම කිව්වේ AMC, PLAB, USMLE කරලා මෙහෙන් පලයල්ලා කියලා මචං. මම සයිටම් එකෙන් ආව HO ලවත් ට්‍රේන් කරලා තියෙනවා, ERPM උන්ට ක්ලාස් කරලත් තියෙනවා. මේකේ උන් මොක කිව්වත් උන් හෙනම below average ඉන්නේ.
ඉස්සරහට ලංකාවේ මාරම බ්‍රේන් ඩ්රේන් එකක් එනවා doctors ලගේ. ඒකෙනුත් මාරම VOG ලගේ රික්තයක් එනවා. පොඩ්ඩක් බලන් ඉන්නකෝ ඉස්සරහට. හෙල්ට් සෙක්ටර් එකේ අත්තිවාරම ඉරි තලලා තියෙන්නේ. ටික කාලෙකින් කඩා වැටෙනවා හොඳටම.
------
Post added on Jul 27, 2023 at 2:35 PM
මං අහලා තියෙනවා ඔසී වල ඉන්න හුඟක් අය (නේටිව් අය පවා) පැතලොජි පැත්තෙන් ස්පෙෂලයිස්ඩ් වෙනවා වැඩියි, ඒකට හේතුව අනිත් ෆීඩ්ස් වලට සාපේක්ශව ඒ ෆීල්ඩ් එකේ වර්ක් ලෝඩ් එක අඩුයි, ලැබ් එකකට වෙලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න පුළුවන්, ඒ නිසා ලංකාවෙන් යන පැතලොජිස්ට් වගේ කෙනෙක්ට ඔසී වල "ලොකු ඩිමාන්ඩ්" එකක් නෑ, ඔපචුනනටීස් හොයා ගන්න සාපේක්ෂව අමාරුයි කියලා. මේකේ ඇත්තක් තියෙනවද?
ඒක ඇත්ත. උන් emergency වලට බයයි litigation issues නිසා. අපිට ගොඩක් ජොබ්ස් හැදෙන්නේ emergency වලින් තමයි. මෙන්න මේ ටික තමයි highly demand.
1. Emergency medicine
2. Obstetrics and Gynaecology
3. Anesthesia
4. Psychiatric
මට ඉතින් ඩිමාන්ඩ් කතා අදාල නෑ දෙවනියට ඩිමාන්ඩඩ් ෆීල්ඩ් එකේ ඉන්න නිසා.
------
Post added on Jul 27, 2023 at 2:37 PM