"අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති" ,...
"මහණෙනි අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ සැරිසරන්නාවු සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග කෙළවර කොට ඇත්තේ ය පූර්ව කෙළවරක් පැනවිය නොහැක"..... යනුවෙන් අනමතග්ග සංයුත්තය සූත්‍රයෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ මේ සසරේ ඇති නොනිමි සොබාවය නිමක් නැති ස්වභාවය පැහැදිලි කර දීමටය,,.........
පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි, තිරිසන් අපායේ එකිනෙකාගේ දුක කියා පෑමට හෝ හඳුනා ගැනීමට කිසිවකු නොමැත පවතින්නේ එකිනෙකා කා කොටා ගනිමින් මරාගනිමින් කුසට අහරක් සොයා ගනිමින් වර්ගයා බෝ කිරීම පමණි, ඉහත අවස්ථාවේදී ගොදුර විඳින වේදනාව කොපමණ ඇද්ද පණපිටින් යම්කිසිවකු තමාව ගිල දමා දී මරණ බය දැනෙන වේදනාව අනන්තය අප්‍රමාණය, ඉතා කුඩා තැලුමකට සීරිමකට වුවද මහත් සේ බිය වන කම්පාවන අප යම්කිසිවක් නිසා අපගේ ජීවිතය තොර වනු බව දැනුනහොත් කෙතරම් බිය වනවාද? තමා උපමාවට ගෙන මෙහිදී ඇතිවන මරණ බිය සහ වේදනාව තේරුම් ගත හැක,
ඉතා විශාල පුණ්‍ය ශක්තියකින් මනුෂ්‍යයන් වී ඉපද තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වෙන වටපිටාවක වත්වීමට වාසනාව ලද අප අප්‍රමාණ භාග්‍යවන්තයෝ වන්නෙමු, මේ ආත්මභාවයේ දී අවම වශයෙන් සෝවාන් වීමට හෝ නොහැකි වුවහොත්,රාග ද්වේශ මෝහයෙන් මත් වී සිටින අප ඔබ සැවොම බිහිසුණු සතර අපායට පතිත වීම වැළැක්විය නොහැක, අද ඔබ ආදරය කරන මව පියා භාර්යාව සතර අපායේ දී එකිනෙකා හා මෙලෙස මුණ ගැසිය හැක එවිට මේ මගේ ආදරණීය යාය කියා වැළඳගැනීමට සිපගැනීමට උත්සාහ කරන්නේද නැත ඒ බව මතකයක් ද නැත තමා ආදරයෙන් සැලකූ ආදරයෙන් හදා වඩා ගන්නා ලද එකිනෙකා ගොදුරු කරගනිමින් මරාදමන තිරිසන් අපාය තුළ ගැලවීමක් නොමැත,
කුඩා කාලයේ සිට ඔබ නළවමින් ඔබ ආහාර නොකන විට "හබුන් කටයි බත්දෙකටයි මගේ පුතා ඔක්කොම කයි " යනුවෙන් බන්ඩිය පිරෙන්නට අම්මා කොතෙකුත් බත් කවා ඇත, ඔබගේ දුක ඇසීමට මිනිසුන් ඔබ අවට බොහොමයක් ඇත ලෙඩට දුකට බෙහෙත් ගැනීමට ස්ථාන ඇත, රැකවරණය ඇත ආදරණීයයන්ගේ ආදරය ආරක්ෂාව ලැබෙනු ඇත සීතලෙන් වැස්සෙන් පින්නෙන් බේරීමට නිවාස ඇත, එවන් සැප සම්පත් ලැබීමට මනුෂ්‍ය ආත්මයක ඉපදීමට අතිශය පිනක් තිබිය යුතුමය, තිරිසන් අපාය හාත්පසින්ම වෙනස්ය, වැසි දිනයක සීතලෙන් වෙවුලමින් අහර සොයා යන කෙසඟ පූසෙකු දුටුවෙමි, අහෝ !!! ඌ ලබන උණුසුමක් සෙනෙහසක් ආදරයක් අහරක් නැත, අතිශයින්ම කටුක වේදනා පහස ලබයි,
ක්ෂණ සම්පත්තිය උරුම කොටගෙන මනුෂ්‍ය ආත්මයක ඉපිද ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වන වටපිටාවක ඝෝර වූ කටුක වූ ඉමක් පරක් තෙරක් නොපෙනෙන මේ සසරෙන් එතෙරවීමට සියලු දෙනා වීර්යය කරත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,,!!!
------ Post added on Jul 31, 2023 at 7:07 AM