පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති" ,...
    "මහණෙනි අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ සැරිසරන්නාවු සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග කෙළවර කොට ඇත්තේ ය පූර්ව කෙළවරක් පැනවිය නොහැක"..... යනුවෙන් අනමතග්ග සංයුත්තය සූත්‍රයෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ මේ සසරේ ඇති නොනිමි සොබාවය නිමක් නැති ස්වභාවය පැහැදිලි කර දීමටය,,.........
    පහත දර්ශනය ද තිරිසන් අපායේ ඇති භයානකකම මොනවට කියා පාන උදාහරණයකි, තිරිසන් අපායේ එකිනෙකාගේ දුක කියා පෑමට හෝ හඳුනා ගැනීමට කිසිවකු නොමැත පවතින්නේ එකිනෙකා කා කොටා ගනිමින් මරාගනිමින් කුසට අහරක් සොයා ගනිමින් වර්ගයා බෝ කිරීම පමණි, ඉහත අවස්ථාවේදී ගොදුර විඳින වේදනාව කොපමණ ඇද්ද පණපිටින් යම්කිසිවකු තමාව ගිල දමා දී මරණ බය දැනෙන වේදනාව අනන්තය අප්‍රමාණය, ඉතා කුඩා තැලුමකට සීරිමකට වුවද මහත් සේ බිය වන කම්පාවන අප යම්කිසිවක් නිසා අපගේ ජීවිතය තොර වනු බව දැනුනහොත් කෙතරම් බිය වනවාද? තමා උපමාවට ගෙන මෙහිදී ඇතිවන මරණ බිය සහ වේදනාව තේරුම් ගත හැක,
    ඉතා විශාල පුණ්‍ය ශක්තියකින් මනුෂ්‍යයන් වී ඉපද තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වෙන වටපිටාවක වත්වීමට වාසනාව ලද අප අප්‍රමාණ භාග්‍යවන්තයෝ වන්නෙමු, මේ ආත්මභාවයේ දී අවම වශයෙන් සෝවාන් වීමට හෝ නොහැකි වුවහොත්,රාග ද්වේශ මෝහයෙන් මත් වී සිටින අප ඔබ සැවොම බිහිසුණු සතර අපායට පතිත වීම වැළැක්විය නොහැක, අද ඔබ ආදරය කරන මව පියා භාර්යාව සතර අපායේ දී එකිනෙකා හා මෙලෙස මුණ ගැසිය හැක එවිට මේ මගේ ආදරණීය යාය කියා වැළඳගැනීමට සිපගැනීමට උත්සාහ කරන්නේද නැත ඒ බව මතකයක් ද නැත තමා ආදරයෙන් සැලකූ ආදරයෙන් හදා වඩා ගන්නා ලද එකිනෙකා ගොදුරු කරගනිමින් මරාදමන තිරිසන් අපාය තුළ ගැලවීමක් නොමැත,
    කුඩා කාලයේ සිට ඔබ නළවමින් ඔබ ආහාර නොකන විට "හබුන් කටයි බත්දෙකටයි මගේ පුතා ඔක්කොම කයි " යනුවෙන් බන්ඩිය පිරෙන්නට අම්මා කොතෙකුත් බත් කවා ඇත, ඔබගේ දුක ඇසීමට මිනිසුන් ඔබ අවට බොහොමයක් ඇත ලෙඩට දුකට බෙහෙත් ගැනීමට ස්ථාන ඇත, රැකවරණය ඇත ආදරණීයයන්ගේ ආදරය ආරක්ෂාව ලැබෙනු ඇත සීතලෙන් වැස්සෙන් පින්නෙන් බේරීමට නිවාස ඇත, එවන් සැප සම්පත් ලැබීමට මනුෂ්‍ය ආත්මයක ඉපදීමට අතිශය පිනක් තිබිය යුතුමය, තිරිසන් අපාය හාත්පසින්ම වෙනස්ය, වැසි දිනයක සීතලෙන් වෙවුලමින් අහර සොයා යන කෙසඟ පූසෙකු දුටුවෙමි, අහෝ !!! ඌ ලබන උණුසුමක් සෙනෙහසක් ආදරයක් අහරක් නැත, අතිශයින්ම කටුක වේදනා පහස ලබයි,
    ක්ෂණ සම්පත්තිය උරුම කොටගෙන මනුෂ්‍ය ආත්මයක ඉපිද ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වන වටපිටාවක ඝෝර වූ කටුක වූ ඉමක් පරක් තෙරක් නොපෙනෙන මේ සසරෙන් එතෙරවීමට සියලු දෙනා වීර්යය කරත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා,,!!!

    ------ Post added on Jul 31, 2023 at 7:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක

    මොකද්ද ඉතින් අර්ථ දැක්වීම ??

    :baffled:

    Nsq4tav.jpg
     
    • Haha
    Reactions: dayt0na

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    මොකද්ද ඉතින් අර්ථ දැක්වීම ??

    :baffled:

    Nsq4tav.jpg
    මටත් හරි උත්තරයක් ත්රෙන්නේ නැති නිසා ඕක දැම්මේ , එකේ කමෙන්ට් වලින් දල අදහසක් ගන්න පුළුවන්
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    අපාය, දිව්‍ය ලෝකය වගේ සංකල්ප සිදුහත්කුමාරයා බමුණන්ගෙන් ඉගෙන ගත්ත දේවල්. නිවනට කිසි අදාලත්වයක් නෑ.
    ඔව් ඔව් අදාල නෑ . උඹ කියනවානම් ඇත්ත වෙන්න ඇති .. හැම බූරුවාම ධර්මය තමන්ට ඕන විදිහට අර්ථදක්වන එක තරම් අප්‍රසන්න කමක තවත් නෑ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් අදාල නෑ . උඹ කියනවානම් ඇත්ත වෙන්න ඇති .. හැම බූරුවාම ධර්මය තමන්ට ඕන විදිහට අර්ථදක්වන එක තරම් අප්‍රසන්න කමක තවත් නෑ .
    බුදුහාමුදුරුවෝ හින්දු බමුණු මත හැම එකක්ම ප්‍රතික්ෂේප කරලා නෑ. උදාහරණ සක්කර දෙයියා, බ්‍රහ්මයෝ, අපාය

    ඒකට වැරද්දක් කියන්නත් බැහැ. සක්කරයෙක් නැතෙයි කියනවට වඩා ලේසි සක්කරයා ඉන්නවා මමත් හොඳට දන්නවා කියන එක ☝️ :-D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් අදාල නෑ . උඹ කියනවානම් ඇත්ත වෙන්න ඇති .. හැම බූරුවාම ධර්මය තමන්ට ඕන විදිහට අර්ථදක්වන එක තරම් අප්‍රසන්න කමක තවත් නෑ .
    මිනිස්සුන්ගේ ඇගේ ඉන්න පනුවෝ තිරිසන් අපායටද අයිති ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඉතින් මිනිසා කියන්නෙම තිරිසන් අපායේ උදව්වෙන් වෙච්ච නිර්මාණයක්..
    තිරිසන් අපායක් නැති තැනක බුදු කෙනෙක්වත් නෑ .
    ඉපදෙනකොටම ඇග ඇතුලේ පණුවෝ ඉන්නවද නැත්තං ඉපදුණාට පස්සෙද පණුවෝ එන්නේ 🙄
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඉපදෙනකොටම ඇග ඇතුලේ පණුවෝ ඉන්නවද නැත්තං ඉපදුණාට පස්සෙද පණුවෝ එන්නේ 🙄
    කොහොම හරි තිරිසන් අපායෙන් මිදිලා මිනිස්සු වෙලා උපදින්න කියන එක තේරුමක් නැති කතාවක්..
    මිනිසුන්ට පැවැත්මක් නෑ අනිත් ජීවිත් නැතුව බන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    කොහොම හරි තිරිසන් අපායෙන් මිදිලා මිනිස්සු වෙලා උපදින්න කියන එක තේරුමක් නැති කතාවක්..
    මිනිසුන්ට පැවැත්මක් නෑ අනිත් ජීවිත් නැතුව බන්..
    ඉතින් එහෙම වෙන්න ඕනි කියල කොහෙද තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඉතින් එහෙම වෙන්න ඕනි කියල කොහෙද තියෙන්නේ.
    ඉතින් තිරිසන් අපාය කියල ඔය ආගමේ තියන එක මිනිස්සු ඇතිවෙද්දී ම තියන දෙයක්.. මිනිස්සුන්ගේ පැවැත්ම තීරණය කර ස්වභාවික පරිසරයේ දෙයක් මිසක් , අමුතු/ වැරදි කරන උන් යන තැනක් නෙවෙයි.
    ඕක නැතුව මනුස්සයෙක් කියල කෙනෙක් නෑ . :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බුදුහාමුදුරුවෝ හින්දු බමුණු මත හැම එකක්ම ප්‍රතික්ෂේප කරලා නෑ. උදාහරණ සක්කර දෙයියා, බ්‍රහ්මයෝ, අපාය

    ඒකට වැරද්දක් කියන්නත් බැහැ. සක්කරයෙක් නැතෙයි කියනවට වඩා ලේසි සක්කරයා ඉන්නවා මමත් හොඳට දන්නවා කියන එක ☝️ :-D

    බුදුරදුන් බමුණු මත එම්පිරිකල් ග්‍රවුන්ඩ් එකක් නැතිව ප්‍රතික්ෂේප කලෙත් නැහැ, අනුමත කලෙත් නැහැ. ඒක තමා මූලිකම කාරණය. ඒ එම්පිරිකල් ග්‍රවුන්ඩ් එකට යන්න පාරක් උන්වහන්සේ ඉතිරිකරලා ගිය එකයි අන්‍ය ශ්‍රාස්තෘවරුන්ගෙ සහ උන්වහන්සේගෙ වෙනස.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඉතින් තිරිසන් අපාය කියල ඔය ආගමේ තියන එක මිනිස්සු ඇතිවෙද්දී ම තියන දෙයක්.. මිනිස්සුන්ගේ පැවැත්ම තීරණය කර ස්වභාවික පරිසරයේ දෙයක් මිසක් , අමුතු/ වැරදි කරන උන් යන තැනක් නෙවෙයි.
    ඕක නැතුව මනුස්සයෙක් කියල කෙනෙක් නෑ . :rofl:
    ඕකෙ මොකද්ද අලුතෙන් තේරුන් ගන්න තිබ්බෙ කියල මම මේ කල්පනා කරන්නෙ. :rolleyes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඕකෙ මොකද්ද අලුතෙන් තේරුන් ගන්න තිබ්බෙ කියල මම මේ කල්පනා කරන්නෙ. :rolleyes:

    සමහරවිට මනුශ්‍ය ශරීරයත් අපායක්ය, අපාය නැතිව අපිට පැවැත්මක් නැහැය, අපාය සාමාන්‍ය දෙයක්ය වගේ කාරණයක්ද දන්නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඕකෙ මොකද්ද අලුතෙන් තේරුන් ගන්න තිබ්බෙ කියල මම මේ කල්පනා කරන්නෙ. :rolleyes:
    අපි හැදිලා තියන, අපි ජිවත් වෙන සිස්ටම් එක ඇතුලෙම තියන අනිවාර්ය දෙයකට මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච අපායක් කිය කියා දාන ගොන් පාට් එක.
    :rofl: