ජාතික ගීය විකෘති කරාට උමාරා කළු සුද්දිට නඩු..🙏👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

    ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එක් කල අතර ඊට සමාජ ජාලවල දැඩි විරෝධතාව එල්ල වෙමින් තිබේ.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍ර කර ගායනා කිරීමට නොහැකි බවයි.

    ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ජාතික ගීය ගායනා කිරීම සම්මත ක්‍රමයක් ඇති බවත් මෙම ප්‍රවණතා වන්ට ඉඩ දුනහොත් ඉදිරියේදී ජාතික ගීය නිරුවතින් ගායනා කළ ද තමන් පුදුම නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291
    113
    මොක්කහරි උනාම මොකෙක්හරි ඉන්නව නඩු පත්‍රිකා උස්සන්. සතියට එක මාතෘකාවයි මාසෙට එක නඩුවයි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Vidura kiyanne Pol talk dena pissek. Kisima wadakata nathi ekek.

    හැබැයි ජාතික ගීයේ වචන දන්නේ නැති එකියෙක්ට කියන්න කලින් ප්‍රැක්ටිස් කරන්න තිබ්බා. ඒකිගෙත් ලොකු සීන් ඇති, කාටවත් අඩු පාඩු පෙන්නලා දෙන්නත් බෑනේ මේකි ඉන්නෙ ජජ් ලෙවල් එකේ නෙ
     
    • Like
    Reactions: saja

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අර මෝඩාභිමානය අහන්න ගිය උන්ගේ වගේ මේක ගායනා කරද්දි නැගිටලා හිටපු උනුත් වැරදි නිසා ඔලුවෙන් හිටවලා තියමු :P
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති
    මුලින්ම නිකන් රටේ බදු සල්ලි විනාස කරන මේ වගේ අමාත්‍යංශ අහෝසි කරලා දන්න ඕන .
    ක්‍රීඩා,ආගමික,සංස්කෘතික මේවට රටේ බදු සල්ලි වලින් වියදම් වෙන අමාත්‍යංශ තීන්න බැහැ .
     
    • Like
    Reactions: c2r

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උමාර නරක් වුනේ ඉරාජ් පොන්නයා එක්ක සින්දු කියන්න බෑ කිව්වට පස්සේ. එතකන් බයියන්ට එයාගේ අවුලක් තිබුනේ නෑ. එයා කඩේ ගියෙත් බයි රජාට තමා
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ පහළ පොටෝ එකේ තියෙන්නේ එංගලන්තයේ අපි හිටපු ගෙදරට ඇතුල් වෙන තැන. බ්‍රිතාන්‍ය කොඩිය ගහපු සෙරෙප්පු, පාපිසි විතරක් නෙවෙයි යට ඇඳුම් ඉඳලා තව ගොඩක් නිශ්පාදන එහේ ගන්න තිබුනා.
    මේ කොඩිය ගේ ඉස්සරහට දාගෙන ඒක පාගගෙන එහෙට මෙහෙට යන කොට මට හිතුනේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේ. ඒත් අල්ලපු ගෙදර හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයට ඒක සාමාන්‍ය දෙයක් උනා. ඔහු හොඳ මිතුරෙක්.
    අරගලය වෙලාවේ මගේ අතේ අනිවාර්යයෙන් සිංහ කොඩිය තිබුනා. ඒක මං පාවිච්චි කළේ සංඛේතාත්මකව. මිනිස්සු පොදුවේ ගරු කරන ජාතික සංඛේතය අතේ තියා ගෙන අපි ඉස්සරහට ගියේ.
    ජුලි 9 ජනාධිපති නිල නිවසට යන වෙලාවේ අරගලය පුරාවට කොඩිය ගෙනිච්ච කෝටුව කැඩුණා. සෙනඟ අස්සේ ආයේ හොයන්නත් බෑ. මන්දිරයට කිට්ටු වෙනකොට වෙඩි තියන්න ගත්තා. වෙඩි තියලා තියෙන්නේ බිත්තියකට බව අපිට පෙනුනේ නෑ. කෝකටත් කියලා කොඩිය ගැටගහ ගත්තා ඔළුවේ. වෙඩි තියෙන වෙලාවක් ආවොත් කොඩිය හින්දා හරි ඔළුව බේරයි කියලා හිතුනා.
    මන්දිරයේ ඇතුලේ ගහපු පොටෝ එක පස්සේ බුකියට දැම්මම සමහරු ඒකට විවේචනයක් ගෙනාවා. කොඩියට අගෞරවයක් කළා කියලා. ඔළුවේ බැන්දත් ඒක එහෙම බෑළු.
    අපේ රටේ මිනිස්සුන්ගේ මේ සංඛේත එක්ක තියෙන බැඳීම වෙනස්. ජාතික ගීය, ජාතික කොඩිය වගේ දේවල් තියෙන්න ඕනේ විදියක් ගැන පොදු මතයක් තියෙනවා. ඒ රාමුවෙන් පනින්න ඉඩදෙන්නේ නෑ. බැනුම් අහන්න, ගුටි කන්න, නඩු වැටෙන්න වගේම හිරේ යන්න උනත් පුළුවන්. ඔය බුදු දහමට අපහාස කරපු කතාවත් ඒ වගේ තමයි. අපේ රාමුව පොඩියි. තදයි. එතනින් පිටට යන කොට එක එක බලවේග ක්‍රියාත්මක වෙනවා.
    ඉතිං සමහර රටවල මේ වගේ සංඛේත හෝ පොදු සම්මතයන්ට හැදුන තද රාමු නෑ. ඒ නිසා ඒවායේ සීමාවන් පුළුල්. වෙනස් කර ගන්න, තමන්ගේ කර ගන්න, විහිළු තහළු කරන්න ඉඩ තියෙනවා. ඒවා ඉවසන සමාජයක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් රට විනාශ වෙන්නේ නෑ කියලා ඒ මිනිස්සු දන්නවා. අවබෝධයක් තියෙනවා.
    හැබැයි අපේ එහෙම බෑ. නැවක සුක්කානමක පොටෝ එකක් ඇඳුමක තිබුනා කියලා ඒක ධර්ම චක්‍රය කියලා කාන්තාවකට අවුරුදු 3ක් නඩු කියන්න උනා. පසුගිය දවස් වල නතාෂට උනෙත් ඒකම තමයි. සිදුහත් කුමාරයාට සුද්ධෝදන රජතුමාගේ පුතා කිව්වා කියලා මාස ගාණක් හිරේ ඉන්න උනා. ඉවසීම අඩුයි.
    ජාතික ගීයත් විවිධ ක්‍රමේට අහන්න තරම් අපි තාම විවෘත නෑ. සංස්කෘතික චින්තන රාමුව පටුයි. ඒ නිසා වෙනස් කම් කරන අය පරිස්සමෙන්. අපහසුතාවට පත් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
    දේසේ හැටියට වාසේ කියනවා නේ.
    දේශය වෙනස් වෙයි කාලෙත් එක්ක, ආර්ථිකයත් එක්ක.
    පැතුම් කර්නර්