🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    මට අනාගත විද්‍යාවකට අනුව උත්තර දෙන්න බෑ. දැනට පිළිගත් මතය බිත්තරය. බිත්තරය දැම්මේ කිකිලියෙක් නොවන පක්ෂියෙක්. මේ ක්‍රියාවට කියන්නෙ පරිණාමය කියල

    බුදුහාමුදුරුවන්ට
    • බ්‍රහ්මදත්ත මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
    කියල ගහක් යටට වෙලා කොයිතරම් කල්පනා කරත් ඒ කාලයේ තිබුන දැනුමේ හැටියට උත්තරයක් හිතාගන්න බැරිවුණා. දැන් ඒකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනවා.

    විශ්වයේ ආරම්භය තවමත් 100%ක් පිළිගත්ත මතයක් නැතිවුනාට; ඒක විද්‍යාවේ හැම දේම වැරදියි අවුරුදු 200+ ඉස්සර හිටපු අය තමයි හරි කියල කියන්න පදනමක් කරගන්න එපා
    ------ Post added on Aug 1, 2023 at 8:43 AM

    ඔව් එකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනව. බිත්තරය
    මම ඇහුවෙ මචන් මිනිසාගේ ආරම්භය නෙවෙයි. හැමදේකම ආරම්භය ගැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    විද්‍යාවත් රිග්‍රෙස්වෙවී යනවා. බිග්බැන්ග් එකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒකට කලින් මොකක්ද තිබ්බෙ ? ඒ නිසා තමා තමා තථාගතයන් වහන්සේ ඇත නැත කියන අන්ත ප්‍රතික්ෂේප කරලා පටිච්චසමුප්පාදය ඉදිරිපත්කලේ.

    "Everything exists': That is one extreme. 'Everything doesn't exist': That is a second extreme. Avoiding these two extremes, the Tathagata teaches the Dhamma via the middle:

    From ignorance as a requisite condition come fabrications. From fabrications as a requisite condition comes consciousness. From consciousness as a requisite condition comes name-&-form. From name-&-form as a requisite condition come the six sense media. From the six sense media as a requisite condition comes contact. From contact as a requisite condition comes feeling. From feeling as a requisite condition comes craving. From craving as a requisite condition comes clinging/sustenance. From clinging/sustenance as a requisite condition comes becoming. From becoming as a requisite condition comes birth. From birth as a requisite condition, then aging & death, sorrow, lamentation, pain, distress, & despair come into play. Such is the origination of this entire mass of stress & suffering.
    -කච්චානගොත්ත සූත්‍රය
    ජීවි කොටස් ටික අයින් කරන්න.
    මේ ලෝකෙට, ගස්, ගල් වගේ දේවල් වලට මුලක් නැද්ද ? තියනවද ?

    එකේ ඇතිවීම නැති වීම ඔය විදියට පැහැදිලි කරන්න බලන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බුදුහාමුදුරුවන්ට
    • බ්‍රහ්මදත්ත මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ..
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
    • ඒ බ්‍රහ්මදත්ත ගේ තාත්ත (බ්‍රහ්මදත්ත) මිනිසෙක් ...
    කියල ගහක් යටට වෙලා කොයිතරම් කල්පනා කරත් ඒ කාලයේ තිබුන දැනුමේ හැටියට උත්තරයක් හිතාගන්න බැරිවුණා. දැන් ඒකට විද්‍යාවෙන් උත්තරයක් තියෙනවා.

    විශ්වයේ ආරම්භය තවමත් 100%ක් පිළිගත්ත මතයක් නැතිවුනාට; ඒක විද්‍යාවේ හැම දේම වැරදියි අවුරුදු 200+ ඉස්සර හිටපු අය තමයි හරි කියල කියන්න පදනමක් කරගන්න එපා

    පලමුව, ග්‍රීන්තන්ඩර් කිසිම තැනක විද්‍යාව (ඒ තුලින්) වැරදියි කියලා කියලා තිය ද? ඒක ටොප්කොල්ලගෙ හිතලුවක්. එහෙමත් නැතිනම් ඇත නැත කියන අන්ත වලින් හිතන්න පුරුදු වෙලා කියන දේවල් වැරදියට වටහා ගැනීමක්.

    ග්‍රීන්තන්ඩර් සත්‍ය (හරි) කියලා "දෙයක්" (emphasis on දෙය) තියනවා කියන එක ප්‍රතික්ෂේප කරන චින්තනයට වැටෙන කෙනෙක්. දැන් හිතන්න එපා ඒ කියන්නෙ මූ හරි වැරැද්ද ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි අදහස් කරන්නෙ. ඒ වෙනුවෙට සත්‍ය යනු යම් අර්ථයක් සැලසීම නිසා පිලිගන්නා කරුණක්. අරමුණු සැලසීම අතුරින් සියලු දුක් නැතිකිරීම උතුම්ම අරමුණක්ය කියන තැන ඉඳන් තමා අදහස් ප්‍රකාශ කරන්නේ. එහෙම කෙනෙක් විද්‍යාව වැරදියි මේකමයි හරි (ඉදමේව සච්චං මෝඝ මඥ්ඥන්ති) කියලා කියයි කියලා හිතනවා ද?

    දෙවනුව, කල්පනා කරලා තර්ක කරලා එලඹෙන පිලිතුරක් නෙමෙයි බුදුරදුන් එතන දුන්නේ. තමන්ගේ හැකියාවක් මත පදනම්වෙලා ලබපු අත්දැකීමකින් තමා පිලිතුර දුන්නේ. එතනදි බුදුරදුන්ට තිබුනේ තාර්කික (බුද්ධිවාදී) පදනමක් නෙමෙයි, ආනුභූතිකවාදී පදනමක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ජීවි කොටස් ටික අයින් කරන්න.
    මේ ලෝකෙට, ගස්, ගල් වගේ දේවල් වලට මුලක් නැද්ද ? තියනවද ?

    එකේ ඇතිවීම නැති වීම ඔය විදියට පැහැදිලි කරන්න බලන්න.

    මුල ගැන කතා කරනවා මූල පරියාය සූත්‍රයෙන්. එතන සියල්ලේ මුල විදිහට පෙන්වන්නේ නන්දිය. එතන නන්දිය කියන වචනයෙන් අදහස් කරන්නේ තණ්හාව. තණ්හාව තමා ගස් ගල් ලෝකෙ කියන සංකල්ප වල මුල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    මුල ගැන කතා කරනවා මූල පරියාය සූත්‍රයෙන්. එතන සියල්ලේ මුල විදිහට පෙන්වන්නේ නන්දිය. එතන නන්දිය කියන වචනයෙන් අදහස් කරන්නේ තණ්හාව. තණ්හාව තමා ගස් ගල් ලෝකෙ කියන සංකල්ප වල මුල.

    තණ්හාව නිසාද ලෝකේ ගස් ගල් ඇතිවෙනේ ??
    කාගේ තණ්හාවද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    තණ්හාව නිසාද ලෝකේ ගස් ගල් ඇතිවෙනේ ??
    කාගේ තණ්හාවද ?

    ලෝකය කියන්නෙ පුද්ගලයාගෙන් බාහිරව පවතින "දෙයක්" විදිහට සූත්‍ර විග්‍රහ කරන්නේ නැහැ. ලෝකය හටගන්නෙ පුද්ගලයා ලෝකය දැනගැනීමත් (හඟීමත්) සමගයි.

    ඒ ඒ පුද්ගලයාගේ තණ්හාව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ලෝකය කියන්නෙ පුද්ගලයාගෙන් බාහිරව පවතින "දෙයක්" විදිහට සූත්‍ර විග්‍රහ කරන්නේ නැහැ. ලෝකය හටගන්නෙ පුද්ගලයා ලෝකය දැනගැනීමත් (හඟීමත්) සමගයි.

    ඒ ඒ පුද්ගලයාගේ තණ්හාව.
    මට තව මතකයි කර්මය වගේ දෙයක් ගැන කිව්ව ඩිලාන්ම අහපු ගස් වලට ජීවය තියෙනවද කියන ප්‍රශ්නෙට උත්තරේ විදියට. ඒක ගැන විශේෂයෙන් කතා කරල නෑ ඒත් මූලික අදහසෙන් ඒක ගන්න පුලුවන් කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    මට තව මතකයි කර්මය වගේ දෙයක් ගැන කිව්ව ඩිලාන්ම අහපු ගස් වලට ජීවය තියෙනවද කියන ප්‍රශ්නෙට උත්තරේ විදියට. ඒක ගැන විශේෂයෙන් කතා කරල නෑ ඒත් මූලික අදහසෙන් ඒක ගන්න පුලුවන් කියන එක.
    ගස් වල ජීවයක් තියනවා කියල කියන්නේ මම නේ.
    බුද්දාගමේ එහෙම එකක් නෑ නේ.

    දැන් බුද්ධාගමේ විදියට තන්හාව නිසා ගස් , ගල්, පස වාතය ඇතිවෙනේ , පවතින්නේ කොහොමද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ගස් වල ජීවයක් තියනවා කියල කියන්නේ මම නේ.
    බුද්දාගමේ එහෙම එකක් නෑ නේ.

    දැන් බුද්ධාගමේ විදියට තන්හාව නිසා ගස් , ගල්, පස වාතය ඇතිවෙනේ , පවතින්නේ කොහොමද ?

    මූලපරියාය සූත්‍රයේ පිලිතුර තියනවා. පපංචචකරණය කියලා කියන්නත් පුලුවන්. පපංචකරණය කියන්නෙ ඉහත කාරණයම පැහැදිලි කරන තවත් ක්‍රමයක්.

    දැන් දිලාන්ට තේරෙන්න ඕනෙ මෙතන මේ කියන්නේ උග්‍ර භෞතිකවාදී විග්‍රහයක් නෙමෙයි කියන එක. ඒක තේරුම් නොගෙන "නෑ මට අරකම (භෞතිකවාදී) පෙන්නන්න" කිව්වොත් ඉදිහියට කතාකරගෙන යන්න කතා අපහසුයි.

    Edited
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ගස් වල ජීවයක් තියනවා කියල කියන්නේ මම නේ.
    බුද්දාගමේ එහෙම එකක් නෑ නේ.
    ඔව් ඔව් ඔයා තාම ඒක කිව්වේ. එකට සූත්‍රයක් එදා කිව්ව ඒක ගැන මම කිව්වේ.
    දැන් බුද්ධාගමේ විදියට තන්හාව නිසා ගස් , ගල්, පස වාතය ඇතිවෙනේ , පවතින්නේ කොහොමද ?

    මම හොයලා නෑ ඒ ගැන. @greenthunder සූත්‍ර වලින් දෙන උත්තරයක් තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    මූලපරියාය සූත්‍රයේ පිලිතුර තියනවා.
    පපංචචකරණය කියලා කියන්නත් පුලුවන්.

    දැන් දිලාන්ට තේරෙන්න ඕනෙ මෙතන මේ කියන්නේ උග්‍ර භෞතිකවාදී විග්‍රහයක් නෙමෙයි කියන එක.
    උග්‍ර භෞතික විද්‍යාවක් නෑ ..

    සරලව කියන්නකෝ ඔයා කිසි ජීවයක් , විඥානයක් නැති ගස් , ගල් , පස , වාතය කියන දේවල් හටගෙන පවතිනේ කොහොමද තණ්හාව කියන දේ නිසා ??

    කාගේ තන්හාව ද බලපාන්නේ ?? :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    උග්‍ර භෞතික විද්‍යාවක් නෑ ..

    සරලව කියන්නකෝ ඔයා කිසි ජීවයක් , විඥානයක් නැති ගස් , ගල් , පස , වාතය කියන දේවල් හටගෙන පවතිනේ කොහොමද තණ්හාව කියන දේ නිසා ??

    කාගේ තන්හාව ද බලපාන්නේ ?? :rofl:

    ඒ ඒ පුද්ගලයාගේ තණ්හාව.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    උග්‍ර භෞතික විද්‍යාවක් නෑ ..
    මට එදා මේ පහල ප්‍රශ්නෙට දුන්න උත්තරේ අනුව නන් ඔයාගෙ ඉන්නෙ හැම දේම පිසිකල් සහ කෙමිකල් රිඇක්ශන් කියන තැනනෙ.
    උබ කොහොමත් ඉන්නෙ මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එකේ හැම දෙයක්ම පිසිකල් සහ කෙමිකල් රිඇක්ශන් කියන තැන නේද?

    ඔව් ඒ වගේ දෙයක් තමයි. හැබැයි හැමදේම අපිට හිරිය්ටම තාම විස්තර කරගන්න බැරුව ඇති..

    විස්තර කරගන්න බැරිවෙච්ච පලියට එක අත්භූත / අධ්‍යාත්මික වගේ ගොඩකට දාන්නේ නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    ඔව් ඔව් ඔයා තාම ඒක කිව්වේ. එකට සූත්‍රයක් එදා කිව්ව ඒක ගැන මම කිව්වේ.

    මම හොයලා නෑ ඒ ගැන. @greenthunder සූත්‍ර වලින් දෙන උත්තරයක් තමා.
    ඕක තමයි අවුල..
    ලෝකෙයේ ආරම්භයක් ගැන කතා කරද්දී මනුස්සයා , සත්වය කියා ලෝකේ තියා දේවල් කීපයක් විතරක් අරගෙන තණ්හාවක් පටලවගේන කතා කරාම අර අනිත් දේවල් වල ඇතිවීම ගැන උත්තර නෑ .
    විද්‍යාව ට එහෙම නෑ . විද්‍යාවේ ඕව ගැන වෙන්න පුලුවන් විදි ගැන අදහස් කියල තියනව.. පරීක්ෂණ කරනවා. ඉස්සරහට යනවා..

    තමගේ මතය බිද වැටෙන එක වලක්වන්න බොරුවක් maintain කරනේ නෑ බුද්ධාගමේ වගේ.

    උදා :
    සසරට මුලක් තිබුනොත් බුදුදහමෙ ප්‍රධාන දේශනා දෙකක් වෙන "කර්ම දේශනාව සහ නිර්වාණ ධාතුවෙහි සදාතනික බව" බිද වැටේ.

    මේක හරියට flat earth සංගමේ බිද වැටෙයි කියලා බයට දිගටම ලෝකේ පැතලි කියලා විශ්වාස කරනවා වගේ කතාවක්. :rofl:

    ඒ ඒ පුද්ගලයාගේ තණ්හාව.
    මොන ඒ ඒ පුද්ගලයාගේ තන්හාව නිසාද ගස් ගල් , පොලව පවතින්නේ ? :rofl:

    දැන් සෙනසුරු , අගහරු , එකේ තියන් ගල් , පස් වායු පවතින්නේ කාගේ තණ්හාවක් නිසාද??
    ------ Post added on Aug 1, 2023 at 10:05 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    ලෝකෙයේ ආරම්භයක් ගැන කතා කරද්දී මනුස්සයා , සත්වය කියා ලෝකේ තියා දේවල් කීපයක් විතරක් අරගෙන තණ්හාවක් පටලවගේන කතා කරාම අර අනිත් දේවල් වල ඇතිවීම ගැන උත්තර නෑ .
    දීපූ උත්තරේ තේරුන් ගන්න බැරි උනා නෙවෙයි නෙ. :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,910
    163,926
    113
    එකමත් එක රටක
    දීපූ උත්තරේ තේරුන් ගන්න බැරි උනා නෙවෙයි නෙ. :rolleyes:
    උත්තර නෑ බන්.

    දැන් උබ්වත් කියපන් කෝ ඉතින් තන්හාව නිසා කොහොමද ගස් ගල් , පොලව පහල උනේ , පවතින්නේ ?
    කාගේ තන්හාව නිසා ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    විද්‍යාව ට එහෙම නෑ . විද්‍යාවේ ඕව ගැන වෙන්න පුලුවන් විදි ගැන අදහස් කියල තියනව.. පරීක්ෂණ කරනවා. ඉස්සරහට යනවා..
    මේකත් එක අන්තවාදයක් තමා . විද්‍යාට උත්තර දෙන්න පුලුවන් ටෙස්ට් කරන්න පුලුවන් දේවල් වලට විතරයි. ටෙස්ට් කරන්න බැරි දේවල් වලට විද්‍යාවෙන් උත්තර දෙන්න බෑ.

    උත්තර නෑ බන්.

    දැන් උබ්වත් කියපන් කෝ ඉතින් තන්හාව නිසා කොහොමද ගස් ගල් , පොලව පහල උනේ , පවතින්නේ ?
    කාගේ තන්හාව නිසා ද ?
    ඇයි මම කලින්ම කිව්වනෙ මම ඕක ගැන හොයල නෑ කියල.
    ------ Post added on Aug 1, 2023 at 10:11 AM
     
    • Like
    Reactions: dilann

    Similar threads