සඟ සතු තෙල් ද පරිභෝග කළ බැවින් මෙසේ කර්කශ වූ ශරීරයක් ඇති යක්ෂ ආත්මයක් ලැබූ බව වදාළ සේක

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    ☸️
    සුචිලෝම යක්ෂයා වූ භික්ෂූව
    බුදුරජුන් ජීවමාන කාලයෙහි ගයා ප්‍රදේශයෙ හි සුචිලෝම නම් කර්කශ වූ ඉදිකටු බඳු ලෝමගස් ඇති යක්ෂයෙක් විය. දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ භවනට වැඩ ඔහු දමනය කොට සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. පෙර පිරූ පාරමී ඇති මොහු මෙලෙස ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක් වීමට හේතුව මෙසේ වදාළ සේක. මොහු කාශ්‍යප සම්බුදු සසුනෙහි භික්ෂුවක්ව සිටිය දී දිනක් දිගු මාර්ගයක පැමිණ, බොහෝ දහඩිය දා තිබිය දී ඇඟ පිරිසිදු කර නො ගෙන ඇඳට තම ඇතිරිල්ලක් ද නො ගෙන සාංඝික ඇතිරිල්ල මත අනාදරව ඇල විය.
    වසර විසි දහසක් පැවිදි දම් පිරුවත් මේ වරද මතු වී දහඩිය එන රෝම කූප ඉදිකටු බඳු වූ යක්ෂයෙක් වී ඉපදුනි. ඒ දිවියේ ද සසර දී පිරූ පාරමී ඇති බැවින් මගඵල නිවන් සුවය ලැබූ සේක. මේ සඳහන් කළේ සාරත්ථප්පකාසිනී නම් සංයුක්ත නිකායට්ඨ කථාවේ 233 පිටුව අනුව ය. නමුත් සුත්ත නිපාතට්ඨ කථාවේ 271 පිටුවේ මොහු පෙර උපාසකයෙකුව සිටිය දී බණ ඇසීමට ගොස් සඟ සතු ඇතිරිලි කිළිටි කළ පවින් ඉහත ආත්මය ලැබූ බව පෙන්වා ඇත.


    ------ Post added on Aug 29, 2023 at 6:12 AM

    කසුප් බුදුන් කල උපාසකයෙක්ව සිටි එක්තරා යකෙක් මාසයේ අට දිනක් විහාරයට ගොස් දහම් අසයි. එක් දවසක් දහම් අසන වේලාව නිවේදනය කළ විටදී, සංඝාරාමයෙහි දොරටුව අසල (ඉදිරිපිට පිහිටි) තම කුඹුරෙහි (වල් නෙලීම්) ආදී වැඩකටයුතු කරමින් සිට, ඒ හඬ අසා, ‘නෑමට ගියොත් පමා වේ’ යැයි (සිතා) කිලිටි සිරුරෙන් ම, පාමොක් දේසනා කරන සාලාවට පිවිස, මාහැඟි බුමුතුරුණෙහි නොසැළකිලිමත්ව වැතිරී නිදාගත්තේය. සංයුත්ත නිකාය (කටපාඩමෙන්) දරණ හිමිවරු ‘මොහු උපාසකයෙකු නොවේ’ යැයි කියති. ඔහු එසේ කළ දෙයින් හා වෙනත් (අයහපත්) කටයුතුවලින් නිරයෙහි පැසී, ගයා පොකුණුතෙර, යකෙක්ව ඉපදුණේය. ඉතිරි විපාක පරිදි දැකීමට නොහෙන තරම් විරූපී විය. සිරුරෙහි ඉඳිකටු වැනි ලොම් (රෝම) විය. ඔහු ඉඳිකටුවලින් අනින්නාක් මෙන් ජීවත් වන්නන්ට හිංසා පමුණුවයි. මෙසේ ඉඳිකටු මෙන් වූ රෝම ඇති බැවින්, ‘සුචිලොම’ යකු යැයි නම ලැබීය.


    ------ Post added on Aug 29, 2023 at 6:12 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    නොදැන කන ගිනි
    කරලෝම සුචිලෝම කියලා යක්ෂයෝ දෙන්නෙක් ගැන අහලා තියෙනවද?
    කරලෝම කියන යක්ෂයාගේ ඇඟේ ලෝම දැලිපිහි වගේ. අත පය එහෙ මෙහෙ කරන කොට වැදිලා කැපෙනවා. ඉදගන්න බෑ කැපෙනවා. එයාට ඒ විපාකය ලැබිලා තියෙන්නේ මහා ලොකු දෙයක් කරලා නෙවේ. මනුෂ්‍යයෙක් විදිහට හිටි කාලයේ මඩ ගාගෙන ඇවිත් විහාරස්ථානයක බිම ඉදගෙන අපවිත්‍ර කිරීම නිසා.
    සුචිලෝම කියන යක්ෂයාගේ ඇඟේ ලෝම ඉදිකටු වගේ. හැම වෙලේම ඇඟේම ඇනෙනවා. ඒ විහාරස්ථානයක පහනේ තිබූ තෙල් ඔලුවේ ගාගැනීමේ විපාකයක්.
    ඔබට හිතෙන්නේ මේ කතා බොරු කියලද? ඔය වගේ පොඩි දේකට ඔය වගේ විපාකයක්? ඔබට එහෙම හිතෙනවාද? කර්ම විෂය අචින්ත්‍යයි.
    අනෙක් අතට ක්ෂුද්‍ර ජීවියෙක් බලාගන්න බැරි ඇස් දෙකක් තියාගෙන, 20 - 20000 Hz අතර පරාසයක සද්ද විතරක් අහන්න පුලුවන් කන් දෙකක් තියාගෙන ඉන්න අපි මොනවද මේ ලෝකේ ගැන දන්නේ. මේ ලෝකෙන් සියයට එකක ප්‍රමාණයක්වත් අපි දන්නේ නෑ. සියල්ල දන්නේ, සියල්ල දකින්නේ බුදු රජාණන් වහන්සේ. එහෙව් බුදු රජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් බලන්න ඕනෙ ඒ කියන්නේ මොකද, ඒකෙන් ගත යුත්ත මොකක්ද කියලා මිසක් කියපු දේ ඇත්තද නැත්තද බලන්න අපි කවුද?
    මෙතනින් පේන්නේ සාසනික දේපල කියන්නේ කොයි තරම් භයානක දෙයක්ද කියලා. ඒ ගැන තේරුමක් නැතුව අපි විහාරස්ථාන අපිරිසිදු කරනවා. විහාරස්ථානවල තියෙන ගස්වල ගෙඩි කඩනවා. පන්සලේ දේවල් පාවිච්චි කරනවා. කනවා. බොනවා. මොන තරම් දේවල් කරනවද? සාසනය සතු, සඝ සතු දෙයක් වෙන කෙනෙක්ට අයිතියක් නෑ. සමහර විට කෙනෙක් සාසනය සදහා යමක් පූජා කරන්නේ තමන්ගේ කුසට නොකා නොබී, මහා ශ්‍රද්ධාවෙන්. බුද්ධ ශ්‍රාවකයන්ට නිවන පූර්ණය කර ගැනීමට අනුග්‍රහ පිනිස. එවැනි දෙයක් ගැනීම වරදක් නෙවේද?
    නොදැන කළ වරද මින් මතු නොකර ඉමු.
    දැන දැන ගිනි නොකමු.


    ------ Post added on Aug 29, 2023 at 6:15 AM
     
    • Like
    Reactions: Tz4400

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
    ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වන මහා අකුසල කර්මයක්.
    ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වනවා. සැබවින්ම ආර්ය උපවාදය වර්තමාන සමාජයේ ඕනෑ තරම් සිදුකර ගන්නවා.
    උඩඟුකමින් ඔද වැඩී මානයෙන් මත්වෙලා කටයුතු කිරීමෙන් දෙලොව දියුණුව වනසා ගන්නා පුද්ගලයන් එදා අද මේ සෑම සමාජයකම ජීවත් වූ බව පෙනෙනවා.
    වර්තමාන සමාජයේ වැරැදි හැසිරීම් නිසා කොපමණ අකුසල කර්ම සිදුකර ගන්නවාද?.
    ඒ අනුව සිතුවිලි නිසා කරගන්නා අකුසල මොන තරම් බරපතල ලෙස පුද්ගලයන් පිරිහීමට පත් කරනවා ඇත්ද?
    බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම තමයි ආරිය උපාවාදයේ ඉහළින්ම තිබෙන කාරණය. දෙවැනි කාරණය ධර්මයට අපහාස කිරීම, තුන්වැන්න මහා සංඝ රත්නයට අපහාස කිරීම.
    බොහෝ විට සමාජයේ ගැවසෙන තරුණ පිරිස් අන්‍යන්ගේ අවධානය තමන් දෙසට යොමු කරවා ගැනීමෙන් කිසියම් උද්දාමයක්, සතුටක් ලැබීමට අලුත් සමාජ දර්ශන හදන්න වැයම් කරනවා.
    තමාගේ මතය සමාජ ගත කිරීමට ත්‍රිවිධ රත්නයට අවමන් වන ආකාරයට කටයුතු කොට අනිවාර්යයෙන් අපාගත වන අකුසල කර්ම ද සිදු කර ගන්නා බව කිව යුතුයි.
    ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයාට දුකින් නිදහස් වීමට ඉතා පැහැදිලි පිරිසුදු මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
    බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන ලද අවස්ථා එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේද සිදුවුණා.
    කේවට්ට පුත්‍ර සාති නමැති භික්ෂුව කිව්වා විඤ්ඤාණය භවයෙන් භවයට ගමන් කරනවා කියා. ඒක මහා මිත්‍යා දෘෂ්ටියක්.
    භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලද්දේය..
    “මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා විඥනය උපදීද‚ ඒ ඒප්‍රත්‍යයාගේ නාමයෙන්ම ඒ විඤඤණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද‚ රූප නිසාද‚ විඤඤණයක් උපදී. එය .චක්ඛු විඤඤණය.යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද‚ ශබද නිසාද විඤඤණයක් උපදී. එය ශ්‍රොත විඤඤණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද‚ ගඳ නිසාද‚ විඤඤණයක් උපදී. එය ඝාණවිඤඤණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද‚ රස නිසාද‚ විඤඤණයක් උපදී. එය ජිවිහා විඤඤණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්‍ශ නිසාද විඤඤණයක් උපදී. එය කායවිඤඤණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්‍මනිසාද විඤඤණයක් උපදී. එය මනොවිඤඤණයයි ව්‍යවහාරයට යයි.
    ,මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා යමිසේ ගිනන ඇවිලේද‚ ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂටය (දර) නිසා ගින්න ඇවිලේද‚ එය කාෂට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගිනන ඇවිලේද‚එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද‚ එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද‚ එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි. ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද‚ එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද‚ එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.
    මහණෙනි‚ එපරිද්දෙනම යමි යමි ප්‍රත්‍යයක් නිසා විඤඤණය උපදීද‚ ඒ ඒ ප්‍රත්‍යයයන්ගේ නාමයෙන්ම ඒ ඒ විඤඤණය ව්‍යවහාරයට යයි.”
    (ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/මහා තණ්හා සංඛය සුත්‍රය වැඩිදුරටත් කියවනු මැනවි)
    කෙතරම් අවවාද කළත් මේ භික්ෂූව නිවැරැදි මඟට අවතීර්ණ වූයේ නෑ. තව තමන්ගේම මතවල ජීවත් වුණා.
    අද වර්තමානයේ බුදුන් උපන්නේ ලංකාවේ කියමින් සිදුකරගන් ලබන ආර්ය උපවාද සුළු කොට තැකිය නොහැක.
    පසුගිය කාල වකවානුවේ ඇසුන නළුනිලියන්ගේ,දේශ පාලකයන්ගේ හඩපට ආර්ය උපවාදයන්ට මනාව සාක්ෂි සපයනවා.
    බුදු හිමියන්ට අපහාස කිරීම, ග්‍රන්ථ කර්තෘවරුන් වැනි අය විසින්, මෙරට බොහෝ පිරිසක් අතරට පැමිණීමට කථා කිරීමට අවස්ථාව ඇති උගතුන් යයි සම්මත පිරිස් විසින්,
    ශිෂ්‍යයන් සමූහයකට අමතන ගුරුවරුන් විසින් බොහෝම සරල කාරණයක් ලෙස සලකා ආර්යයන්ට ගැරහිම් කරන අවස්ථා තිබෙනවා.
    මෙලෙස අපහාස කිරීම ව්‍යාපාරයක් ලෙසට කැරගෙන යනවා.
    මෙබඳු එක් කතුවරයෙක් කලකට පෙර මෙරට ජීවත් වුණා. ඔහුගේ මරණය අවසිහියෙන් යුතු ඉතා කටුක ශෝචනීය සිදුවීමක් වූයේ බුදුරජාණන් වහන්සේට කළ උපහාසයට මෙලොවදීම පල විපාක දීමක් වශයෙනුයි.
    ඊළඟ කාරණේ තමයි ධර්මයට අපහාස කිරීම
    මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගෙනහැර දක්වතොත් කලකට ඉහත මෙරට පැතිර ගිය අන්තරාභව වාදය පෙන්වා දෙන්නට පුළුවන්.
    මෙරට සිටි එක්තරා උගත්, ව්‍යක්ත රට පිළිගත් භික්ෂුවක් අන්තරා භවයක් ඇති බව කතා කරන්නට පටන් ගත්තා. මෙහිදී කියැවුණේ කෙනෙක් මැරුණම නැවත ඉපදීම අතර තවත් භවයක් තිබෙන බවයි. ඒ අන්තරාභව කාලයේදී මළවුන් හමු වී කතාබස් කිරීම් ආදිය කරන බවට මෙහිදී මත පළ කළා. මෙය බුදුදහමට පටහැනි අමූලික මිථ්‍යා දෘෂ්ඨියක්.
    මේ වාදය නිසා බෙහෝ දෙනෙකු මෙකී මිථ්‍යා දෘෂ්ටිය වැළඳ ගත්තා.
    අප මතක තබා ගත යුතුයි අන්තරා භවයක් කියා දෙයක් මේ ලෝකයේ නෑ. මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්‍රතිසංදියක බැස ගන්නවා.
    පසුගිය කාල වකවානුවේ පාලි වචන සංදි විසංධි කරම්න් වචනවල අර්ථ වෙනස් කරමින් බන කියාන ගියා.
    එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් අනෙක් පැත්තෙන් ධර්මයට කරන අපහාසයක්. මේකත් මහා බරපතල ආර්ය උපවාද කර්මයක් බව කවුරුත් අවබෝධ කරගත යුතුය.
    ඇතැම් පුද්ගලයන් කිසිදු වග විභාගයකින් තොරව තම තමන්ගේ ඒ ඒ මොහොතෙහි සිතෙහි හට ගන්නා ආවේග වලට ඉඩ දෙමින්, හුදු විනෝදයට ඉඩ දෙමින් , විශේෂයෙන් දුර දිග නොබලා කටයුතු කරමින් ආර්ය උපවාදය අකුසල කර්මය සිදු කැර ගන්නවා.
    ඇතැම් විට තරුණ මදයෙන් මත් වූ තරුණ පිරිස මේ වරද කර ගන්නට ඉඩ තිබෙනවා.
    එසේම ඇතැම් අන්‍යාගමිකයන් ද තම තමන් අදහන ලබ්දීන් කෙරෙහි මානයෙන් බුදු දහම කෙරෙහි අපහාස කිරීමට යෑමෙන් මේ වරද කර ගන්නා වාර අනන්තවත් සමාජයේ දීම ඇතිවන බව කණගාටුවෙන් කිව යුතුව තිබෙනවා.
    ආර්ය උපවාද අකුසල කර්මය තමන් අතින් සිදු වී තිබේදැයි දැන ගැනීමට කෙනෙකුට සිතුනහොත් ඔහු කළ යුතු වන්නේ ආර්යයන් වහන්සේ යනු කවුරුන්දැයි නිවැරැදිව සොයා බලා අවබෝධ කැර ගැනීමයි.
    සූවිසි ගුණවලින් පැවසෙන බුද්ධ රත්නයේත්, ධර්ම රත්නයේත් , සංඝ රත්නයේත්, අප්‍රමාණ ගුණ කදම්භය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා. ඉන් නොනැවතී ත්‍රිවිධ රත්නය යනු කවුරුන්දැයි යන්න වඩාත් හොඳින් සොයා බැලීම වැදගත් වනවා.
    “යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ “
    බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ්‍රාවක යුගල සතරක් වේ. වෙන්වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයාය. සෝවාන් වූ ශ්‍රාවකයාය ආදි වශයෙන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් වහන්සේට අයිති වේ.
    එම නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කුමන හෝ ආර්යයන් වහන්සේට සිදුවන උපවාදයකින් ඉහත අකුසලය සිදුවනු ඇති බව මතක තබා ගත යුත්තක්.
    බුදු දහම හැම විටම එහි පස්සික වූ දහමක්, ඉන් අදහස් කෙරෙන්නේ පැමිණ විමසා බැලීමට ඇති ඉඩකඩ හැම විටම බුදු දහමේ විවෘත බවයි. බුදු දහමේ කිසි විටෙකත් රහසක්, සැඟ වූ දහම් කරුණක් අඩංගු වන්නේ නෑ. සියලුම දේට හේතුවක් , හා එම හේතුව නිසා හට ගන්නා ඵලයක් සොයා ගත හැකි වනවා. විශේෂයෙන් ආර්ය උපවාද අකුසල කර්මයේ ඵලවිපාක පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ යුතු වනවා.
    බුද්ධ රත්නයට, ධර්ම රත්නයට , සංඝ රත්නයට කවුරුන් අතින් හෝ කිසියම් අපහාසයක්, උපහාසයක්, ගැරැහීමක් සිදු වූ විට එම අකුසලය ඵල දෙන ප්‍රධානතම මූලිකම ක්‍රමයක් ලෙසට මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නොමැති වී යාම පෙන්වා දීමට පුළුවන්.
    මෙසේ වූ විට ධර්මය තම තමන් කෙරෙහි නොපිහිටා සිටීම පැහැදිලිවම දකින්නට පුළුවන්.
    අංගුත්තර නිකායේ එන අක්කෝස සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ආර්ය උපවාදයේ ආදීනව මැනවින් විස්තර කැර තිබෙනවා.
    ඒ අනුව ආර්ය උපවාදයක් වූ තැනැත්තෙකු කෙරෙහි මෙබඳු පළ විපාක ද ලැබෙන්නට පුළුවන. එබඳු පුද්ගලයන්ගේ ශරීරය පුරා ලප ඇතිවීමට පුළුවන්. එමෙන්ම දරුණු කුෂ්ඨ රෝග හට ගන්නවා. දරුණු පිළිකා හට ගන්නට පුළුවන්. එමෙන්ම මරණයට මොහොතකට හෝ පෙර සිහි මුලාවීම සිදුවීමටත් ඉඩ තිබෙනවා. ආර්ය උපවාද අකුසල කර්මය සිදුකර ගත් තැනැත්තා ගේ වස්තුව දේපල භවභෝග සම්පත් විනාශ වනවා. උඩු සුළඟට දමන ලද දූවිල්ලක් සේ විනාශ වීම ද දක්නට ලැබෙනවා.
    පැවිදි භික්‍ෂුවකට ආර්ය උපවාද අකුසල කර්මය සිදු වුවහොත් පැවිද්ද එපාවනවා.
    එමෙන්ම ගරුකාපත්තිවලට එනම් ශාසනයේ තිබෙන මහා බරපතල ඇවැත්වලට පත්වනවා. මේ අනුව ඉතා පැහැදිලි කරුණක් තිබෙනවා.
    එනම් ආර්ය උපවාද අකුසල කර්මය සිදු වූ තැනැත්තෙකුට සුවපත් , සුවදායි , සහනශීලි මරණයක් සිදු නොවන බවයි. යම් කෙනෙකු අතින් ආර්යඋපවාද අකුසල කර්මය සිදු වූ පසු ඉන් ගැලවෙන්නේ ඉන් මිදෙන්නේ කෙසේද? කියන ගැටලුව තිබෙනවා. අප කවුරුත් දන්නා පරිදි ආනන්තරිය මහා පාපකර්මයක් සිදු වුවහොත් ඉන් ගැලවීමක් ඇත්තේ නෑ. නමුත් ආර්ය උපවාදයක් වුවහොත් ඉන් ගැලවීමේ හැකියාව තිබෙනවා.
    මෙහිදී කළ යුතු වන්නේ තමන් අතින් වැරැද්දක් ගැරහීමක්, පරිභවයක් සිදු වූ ආර්යයන් වහන්සේට හෝ ස්වරණමාලී මහා සෑය ළඟට ගොස් දන ගසා වැද නමස්කාර කොට සමාව ගැනීමයි.
    අත්හරින්න කියන්නේ උබලට නේ.
    උන් අල්ලන් ඉන්නේ.
     
    • Like
    Reactions: Tz4400

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට කිසියම් අපවාදයක් සිදුකොට ආර්යඋපවාද අකුසල කර්මය සිදු කරගත් අයකු තමා එම අකුසලය සිදු කැරගත් බව අවබෝධ කොට ගත් සැනෙන්
    “කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
    අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
    අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
    අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර “
    බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි. මේ ගාථාව උදේ සවස බුදුන් වැඳීමෙන් අනතුරුව කීමේ අදහස ද මෙයයි.
    මෙසේ සමාව ගැනීම සිතට එකඟව , අවංකව කළ යුතුයි.
    මුල් සිතෙන්ම සිත පහදවා ගෙන කළ යුතුයි.
    එසේ සමාව ගතහොත් එම පුද්ගලයාට මේ ජීවිතයේදී ආර්ය උපවාද කර්මය ප්‍රහාණය කැර මාර්ගඵල ලබා ගැනීමේ වාසනාව උදා කැර ගත හැකියි.
    නැතහොත් එම කර්මය ඵළ විපාක වශයෙන් මරණින් මතු අවීචි මහා නරකාදියට රැගෙන යනවා.
    එදා දඹදිව ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීව මානව වැඩ වසන සමයේදී “ කෝකාලික “ නම් පාපී භික්‍ෂුව ආර්යඋපවාද අකුසල කර්මය සිදු කැර ගැනීම පිළිබඳ මෙහිදී උදාහරණ කොට දක්වන්නට පුළුවන්. කෝකාලික භික්‍ෂුව වස් සමාදන් වනවා. ඒ භික්‍ෂුවට අවශ්‍ය වූයේ හැකිතාක් පිරිකර එක් රැස් කැර ගැනීමයි. සැරියුත් , මුගලන් අගසව් වහන්සේලා යනු එවක දඹදිව ප්‍රසිද්ධ මෙන්ම මහජනතාවගේ අප්‍රමාණ බුහුමනට පාත්‍ර වූ මහ රහතන් වහන්සේ දෙනමක්. එමෙන්ම අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් පිරිපුන් ආර්යයන් වහන්සේ දෙනමක්.
    ‘කෝකාලික ‘ භික්‍ෂුව පණිවිඩයක් යවා සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනම කැදවා ගන්නවා. උන්වහන්සේලා වඩින බව ආරංචි වූ සැනින් මිනිසුන් මහා පරිමාණයෙන් පිරිකර රැගෙන එනවා. ‘කෝකාලික ‘ භික්‍ෂුවගේ අදහස වනුයේ උන්වහන්සේලා මහ රහතන් වහන්සේලා නම් ලැබෙන පිරිකර සියල්ල හැර දමා යාවීය යන හැගීමයි. නමුත් මෙහිදී එසේ සිදු වන්නේ නෑ. උන්වහන්සේලා පිරිකර සියල්ල, බෙදා දෙනු ලබනවා. එසේ පිරිකර බෙදා දීම පිළිබඳව කෝකාලික භික්‍ෂුව වෛර බැද ගන්නවා. හිත දූෂ්‍ය කර ගැනීමට ආර්යඋපවාද අකුසල කර්මය සිදුවීමට ප්‍රමාණවත් .
    මෙහිදී එය සිදුවනවා. සිතින් තමා ආර්යඋපවාද අකුසලය පටන් ගන්නේ. කටින් ප්‍රකාශ කිරීමෙන් එය සම්පූර්ණ වනවා.
    ‘කෝකාලික ‘ භික්‍ෂුව සිත දූෂ්‍ය කැරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. මෙවිට බුදුරජාණන් වහන්සේ කට ප්‍රවේශම් කැර ගන්න. ඔවැනි කරුණු කටින් පිට කරන්න එපා යනුවෙන් දේශනා කරනවා. චේතනා කර්මයට මුල් වූවත් එය කටින් පිට කිරීමේ භයානක බව බුදුරජාණන් වහන්සේ මැනවින් දන්නා නිසයි. එසේ පිටවීම වැළැක්වීමටයි කටයුතු කෙළේ. එහෙත් ‘කෝකාලික ‘ භික්‍ෂුව කටින් ද සැරියුත් , මුගලන් මහ රහතන් වහන්සේලාට චෝදනා කොට ආර්ය උපවාද අකුසලය සිදුකැර ගත්තා.
    ‘කෝකාලික ‘ භික්‍ෂුවට එම අකුසල කර්මය දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් ලෙස පළ විපාක දුන්නා. එය සිදු වුයේ ඔහුගේ ශරීරයේ රෝම කූපයක් ගානේ ගෙඩි හට ගැනීමෙන් ඔහු මරණින් මතු “පදුම” කියන අවීචි මහා නරකාදියේ උපන්නා. කෙනකුට කිසියම් ආර්යයන් වහන්සේ කෙනකු පිළිබඳව නරක චේතනාවක් පහළ වීගෙන එන අවස්ථාවේම එම චේතනාව සිතින් බැහැර කැර අකුසල කර්මය වලක්වා ගැනීමට පුළුවන්.
    මෙහිදී විශේෂයෙන් තම ආර්යයන් වහන්සේගේ ගුණ මෙනෙහි කොට සිත පහදවා ගත හැකියි. එවිට ආර්යඋපවාදය යටපත් වෙනු ඇති. එසේ නොකොට ආර්යඋපවාදය සිදු වූ අවස්ථාවක් පිළිබඳව සැළකූ කළ අප පෙර සඳහන් කළ ආකාරයට සමාව ගැනීමෙන් ආර්ය උපවාදයෙන් මිදෙන්නට හැකියි. මෙවිට ඔහුට ධර්ම මාර්ගයේ ඉදිරියට යෑමට බාධාවක් නෑ. මාර්ගඵල ලබා ගැනීම සඳහා මැනවින් බණ භාවනා කටයුතු දියුණු කැර ගත හැකියි. එහෙත් මෙහි දී විශේෂයෙන් සිහිපත් කැර ගත යුතු කරුණක් තිබෙනවා. ආර්ය උපවාදයෙන් මිදුණද එම අකුසල කර්මය ඔහු කෙරෙහි බලපවත්වනවා. ඉන් මිදීම සඳහා ධර්ම මාර්ගයේම ගමන් කළ යුතුයි.
    ධර්මය දැන හෝ නොදැන හෝ සිදුවන අකුසලය අකුසලයක්ම විනා අන් කිසිවක් නොවන බව වටහා ගත යුතු වනවා. විශේෂයෙන් මෙහි දී සැලකිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. පිරිසුදු බුදු දහම පවතින අප රටේ ඉපදීමට ලැබීමත් මහා කුසලයක හේතුවක්. එසේ වන කල අපට ධර්ම මාර්ගය විවෘතව ලැබී තිබෙනවා. මේ වාසනාව ලැබෙනුයේ ලොව ජනගහණය අතුරින් ඉතාමත්ම සුළු පිරිසකටයි. ‘ඒහි පස්සික ‘ යන බුදුවදන අනුව පැමිණ විමසා බැලීමෙන්ම මේ ධර්මයේ අති උතුම් බව හඳුනා ගන්නට පුළුවන්. වටහා ගන්නට පුළුවන්! එබඳු වු ධර්මයට , ආර්යයන් වහන්සේට , ගැරහීම අති භයානක අකුසල කර්මයක් බව වටහා ඉන් මිදීමට කටයුතු කිරීම බුද්ධිමත් සැමගේ මෙලොව, පරලොව දියුණුවට හේතු වනු ඇති.
     
    • Like
    Reactions: Tz4400

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ මේ කියන දේවල් බුදු දහමට අනුව විග්‍රහ කරන්න

    1. මනුස්සයෙක් සඟ සතු තෙල් පරිභෝජනය කිරීම
    2. සාදු කෙනෙක්ගේ ඇඳේ නිදා ගැනීම
     
    • Haha
    Reactions: dilann and Candid-B

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,230
    3,571
    113
    Kandy
    ගිහියන්ට අත්හරින්න කියලා පැවිද්දෝ ගොඩගහ ගන්නවා. අයියෝ සංසාරේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තට්ට ඒසිගේ පුතාලට ගොඩ ගහං තියෙන දේ හොරුන්ගෙන් පරිස්සංකරගන්න ගොතපු කතා තමයි🤣
    සිවුරයි පාත්තරෙයි විතරක් අයිති ඕකුන්ට වැඩිම වුනොත් දං වේලකට එහා දෙයක් දෙන්න එපා. උඹල දීපුවම තමයි අන්තිමට සඟ සතු දේපළ වෙලා අන්තිමට උඹලටම හෙන ගෙඩියක් වෙලා පාත්වෙන්නේ.

    අනික දානේ වුනත් දෙන්න ඕව අස්සේ යන්න ඕන නෑ. ඔය උත්ටවල් අස්සේ ගිහිල්ලා මඩ ගෑවුනත් පව් පිරෙනවා, පඩයක් ගියත් යකෙක් වෙලා උපදින එකේ ආතල් එකේ ගෙදරට වෙලා හිටපල්ලා. උන්ට බඩගිනි වුනාම පිඬු සිඟා වැඩලා අල්පේච්චව ජීවත් වෙලා නිර්වානේ අවබෝදකරගනියි.

    වැඩ්යෙන් උකදෙන දායක සබාව තමයි වැඩියෙන් සැප දීලා, වැඩියෙන් දනට පිනට දීලා ඔය දර්ශනේ ආගමක් කරලා හෑවේ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Candid-B and C_S_M

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දස අකැප වස්තු වල දහ වන එක.
    1. ජාත රූප රජත කප්ප-රන් , රිදී හා කහවණු පිළිගැනීම කැපය.
    තොපි ඕවා ඕකුන්ට පූජා කරලා භල්ලෝ භළළ්ළු වෙලා, ගූ ගොඩවල ජිලමැස්සෝ වෙලා අපා දුක් විඳිනවා.
    🤔 සල්ලි වැඩිනං බැංකුවේ දාපල්ලා පව් පුරවගන්නේ නැතිව.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    “මහණෙනි, සත්පුරුෂයා විසින් දන් දෙන ක්‍රම පහක් ඇත. ඒ පස කවරේද? ආනිශංස ඵලය අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානය දෙයි, ගෞරව සම්ප්‍රයුක්තව දානය දෙයි, සුදුසු කල්හි දානය දෙයි, නොමසුරුව දානය පිරිනමයි, තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් දානය දෙයි. මහණෙනි, මෙය සත්පුරුෂ දාන පසයි”
    (අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ
    සප්පුරිස දාන සූත්‍රය)
    බුදු, පසේබුදු, මහ රහත් යන බෝධි පතන උත්තමයෝ, සත්පුරුෂෝත්තමයෝ දන් දෙන ආකාර පහකි.
    ❶.සද්ධාය දානං – කර්මඵල අදහන නුවණින් හා ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.
    ❷.සක්කච්චං දානං – සකස් කොට ගෞරව සම්ප්‍රයුක්තව සියතින් දන් දීම.
    ❸. කාලේන දානං – සුදුසු කල්හි දානය දීම.
    ❹. අනග්ගහිතචිත්තෝ දානං – දාන වස්තුව කෙරෙහි බිඳක්වත් ආශාවක් නොමැතිව දන් දීම.
    ❺. අත්තානං ච පරං ච අනුපහච්ච දානං – තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් ලද ධනයෙන් දන් දීම.
    「1」සද්ධාය දානං
    බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් පිළිබඳව හද පතුලින් පිළිගෙන, හද පතුලින් විශ්වාස කොට, පරිත්‍යාගයේ ආනිශංස හද පතුලින් පිළිගෙන, ශීලය ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.



    සද්ධා දානයේ ආනිශංස
    ◄ ධනයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄ විශිෂ්ඨ රූප සම්පත් ලබයි.
    ◄ පැහැදීම් එලවන රූප සම්පත් ලබයි.
    ◄මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය උසස්ම වර්ණ
    සම්පත්තිය ලබයි.
    「2」සක්කච්චං දානං
    සකස් කොට දන් දීම. ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දීමට සුදුසු අයුරින් සැප කටයුතු දේ දන් දීම. අනුන් අතින් නොව තමන් අතින්ම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් පූජා කරයි.



    සක්කච්ච දානයේ ආනිශංස
    ◄ධනයෙන්, ධාන්‍යයෙන් භෝග සම්පතින්
    ආඪ්‍යවේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄තමන්ගේ අඹු දරුවන්, සේවකයන්, පිරිවර සුවච කීකරු අය වීම.
    「3」කාලේන දානං
    සුදුසු කල්හි දන් දීමේ ක්‍රම පහකි.
    ☛.ආගන්තුක දානය – ආගන්තුක වශයෙන් එන සංඝයාට දන් දීම.
    ☛.ගමික දානය – ගමනක් යන සංඝයාට දන් දීම.
    ☛.ගිලාන දානය – ගිලන් වු භික්ෂුවකට දන් දීම.
    ☛.දුර්භික්ෂ දානය – දුර්භික්ෂ අවස්ථාවක, දානය වරදින්න යන අවස්ථාවක දන්දීම.
    ☛.නවසස්‍යය දානය – තමන් උපයන සපයන දෙයකින් අග්‍රස්ථ දානය දීම.



    කාලේන දානයේ ආනිශංස
    ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් වු භෝග සම්පත් ලබයි.
    ◄ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන
    භාග්‍යවන්තයෙක් වීම.
    「4」අනග්ගහිතචිත්තෝ දානං
    දාන වස්තුව පිළිබඳවත් දානයෙන් පසු දිව්‍ය මනුෂ්‍ය ආදි සැප සම්පත් පිළිබඳවත් කිසිම ආශාවක් නොතබා දන් දීම.



    අනග්ගහිතචිත්තෝ දානයේ ආනිශංස
    ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄ මහත් භෝග සම්පත් ලබයි.
    ◄ තමන්ට ලැබෙන සම්පත් මසුරුකමින් තොරව පරිහරණයටත් පරිත්‍යාගයටත් සමර්ථ වේ.
    「5」අත්තානං ච පරං ච අනුපහච්ච දානං
    තමන් නොතැළි, අනුන් නොතළා දැහැමින් රැස්කරගත් ධනයෙන් දන් දීම. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්ප්‍රලාප යන අකුසල කර්ම පථ හතෙන් උපයා නොගත්ද, අධාර්මික වෙළඳාම් පහෙන් නොඉපයුවාවූද, තමන්ගේ නැණ නුවණින් උත්සාහයෙන් උපයාගත් යහපත් වු ධනය දන් දීම



    අත්තානං ච පරං ච අනුපහච්ච දානයේ ආනිශංස
    ◄ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.
    ◄මහත් භෝග සම්පත් ලබයි.
    ◄තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන්
    සොරුන්ගෙන්, ගින්නෙන්, වැස්සෙන්, සුළඟින්,අප්‍රිය පුද්ගලයන්ගෙන් ආරක්ෂා වේ.
    -------------------------------------------------------------
    එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ දාන අටක් ගැනද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සප්පුරිසදාන සූත්‍රයේදී දේශනා කරතිබේ.ඒ මෙසේය
    අට්ඨිමානි භික්ඛවේ, සප්පුරිසදානානි, කතමානි අට්ඨ:
    සුචිං දේති, පණීතං දේතී, කාලේන දේති, කප්පියං දේති, විචෙය්‍ය දේති, අභිණ්හං දේති, දදං චිත්තං පසාදේති. දත්වා අත්තමනෝ හෝති, ඉමානි ඛෝ භික්ඛවේ, අට්ඨ සප්පුරිසදානානීති.
    මහණෙනි, මේ සත්පුරුෂ දාන අටකි. ඒ කවර අටක් ද යත්;
    ❶.පිරිසිදු ලෙස දන් දෙයි.
    ❷.ප්‍රණීත ලෙස දන් දෙයි.
    ❸.කැප කාලයෙහි දන් දෙයි.
    ❹.කැප දෙයක් දන් දෙයි.
    ❺.නුවණින් විමසා දන් දෙයි.
    ❻.නිතර නිතර දන් දෙයි.
    ❼.දන් දෙන විට සිත පහදවා ගනියි.
    ❽.දන් දී සතුටට පත්වෙයි.
    මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දාන අට යි.
    -------------------------------------------------------
    තවද, සත්පුරුෂ දාන පහක් ගැන බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායේ
    පඤ්චක නිපාතයේ
    අසප්පුරිස දාන සුත්‍රයේදී දේශනා කර තිබේ.එනම්,
    ❶.සකස් කොට දන් දෙයි.
    ❷.ගෞරවයෙන් දන් දෙයි.
    ❸.සියතින් දන් දෙයි.
    ❹.බැහැර නොකරන දෙයක් මෙන් දන් දෙයි.
    ❺.දානයේ විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස කොට දන් දෙයි.
    එම සූත්‍රයේ ම අසත්පුරුෂ දාන පහක් ගැනද දක්වා තිබේ.
    “පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”
    ❶.ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය .
    ❷.දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය.
    ❸.සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය .
    ❹.නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය.
    ❺.මතුපුණ්‍යඵලයලැබීමේබලාපොරොත්තුව නැතිව දෙන දානය.
    අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය.
    දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍ර‍තිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍ර‍තිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍ර‍තිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍ර‍තිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.
    දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.ඒ නිසා අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය.
    ------------------------------------------------------------
    මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.