විදර්ශනා භාවනාව වැඩීමේ ආනිසංස

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    විපස්සනා භාවනාවේ අනුහස් හැටියට විශේෂාංගයෙන් හදුන්වන්නට ඔනේ අටලෝ දහමින් කම්පා නොවිමේ ශක්තිය ඇතිවෙනවා .මේ ලෝකේ සියලු දෙනාම නිතරම පෙලෙන කරුණු අටක් තියෙනවා .ලාභ -ආලාභ දුක - සැප ,නින්දා - ප්‍රශංසා කියලා මේ කිසි දෙකට කම්පා වෙන්නේ නෑ විපස්සනා භාවනාව වැඩු තැනැත්තා.
    ඒ වගේම බොහෝ සෙයින් බොහෝ දෙනාගේ සිත,රාග,ද්වේශ ,මෝහ,ආදියෙන් නිතරම කැලඹෙනවා.ඒ කැලඹෙන ගතිය යට වෙනවා විපස්සනා භාවනාව වැඩීමෙන්.
    විපස්සනා භාවනාව වැඩීමෙන් මේ භව සංසාරේ මේ භව සංසාරයේ ආනාදිමත් සංසාරයේ හි ජති,ජාරා, මරණ ආදි දුකින් පිඩිත වූ ස්කන්ධ පරම්පරාව සිමා බවට පමුණුවන්නා එක මාර්ග ඵලයකින් උතුම් අවස්ථා වට පත්වෙන්නෙ විපස්සනා භාවනාව වැඩිමෙන් .එසේ වැඩූ තැනැත්තා සතර ආපයෙන් සදහටම මිදෙනවා .මේ සංසාර ගමන ආත්ම හතකට සිමා වෙනවා.ආත්ම හතක් ඇතුලට සියලු සංසාර ගමන අවසන් කරලා අරහත්වය සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා .
    ඒ වගේම විපස්සනා භාවනාව තවත් දියුණු කරගෙන උතුම් සෘකදගාමි කියන මාර්ග ඵල ලබා ගත්තම මනුලොවට එකපාරක් පමණක් ඇවිල්ලා රහත් වෙන තත්වය ට පත්වෙනවා .ඒ වගේම තුන්වන අවස්ථාව කියනවා ආනගාමි කියන මාර්ගඵල ප්‍රතිලාභ කරගත් තැනැත්තා විපස්සනා භාවනාව මාර්ගයේන් මේ සතර ආපාය ,මනුලොව ,දෙවිලොව සය කියන ස්ථාන එකොළහට එන්නෙම නෑ .ඒකාන්තයෙන්ම බඹලොව ඉපදිලා නැවත ආපහු නොඑන හැටියට එහිදී අරහත්වය සාක්ෂාත් කරගන්න සාමර්ථ වෙනවා.ඒ වගේම විපස්සනා භාවනාව වඩලා යම් කෙනෙක් අරහත්වය කියන උතුම් අවස්ථා ව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇති වෙන්නෙ නෑ.උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිදු කායික මානාසික දුක් පිඩාවක් ඇතිවෙන්නෙ නෑ .ඒ සියල්ලම මහාමෙරක් තරම් දරාගෙන ආයුෂ සංස්කාරය අවසන් වනතුරුම ජිවත් වෙලා පිරිනිවන් පා වදාරනවා .
    උන්වහන්සේට මේ සංසාර ගමන අවසන් වනවා.ජාති,දුක ,ජරා,ව්‍යාධි ,මරණ,ශොක ,පරිදෙව ,දොම්නස් ,උපයාසා ,දි ඒ සංසාර දුක් සම්පුර්ණයෙන් අහෝසි වෙලා අසංඛ්‍යත ධාතු සංබ්‍යාත අමා මහා නිවන සාක්ෂාත් කරගත්තා වෙනවා.
    මේ නිසා අරහත්වය ,පසේ බුද්ධත්වය ,සම්මා සම්බුද්ධත්වය දක්වාම ලෝකෝත්තර ධර්මයන් සක්ෂ්‍යාත් කරගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසංස ගෙන දෙනවා කියන එක කරුණාවෙන් සිහිපත් කළ යුතුයි.
    සාධු සාධු සාධු
    🙏

    🙏

    🙏

    !
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    විදර්ශනා කියන එකේ නිවැරදි තේරුම දන්නවද ?

    TFS

    "නිවැරදිව දැකීම, තත් ආකාරයෙන් දැකීම".

    OP එකේ තියෙන විදිහට ලෙහෙසියට විපස්සනා භාවනාව/විදර්ශනා භාවනාව කියලා කිව්වට විපස්සනාව කියන්නෙ භාවනාවෙන් ලබන ප්‍රතිඵලයක් කියලා තේරුම්ගත්තොත් වඩාත් ලෙහෙසි වෙයි. සතිපට්ඨාන භාවනාව තමා විපස්සනාව ලබා දෙන්න මූලික වෙන්නෙ.

    එහෙම අපහසුයි නම්, විපස්සනා භාවනාව වඩනවා කියන්නෙ පුරුදු කරන ලද සමාධිය යොදාගෙන තමන්ගෙ හිත කය නිරීක්ෂණය කිරීමත්, ඒ තුලින් අනිත්‍ය, දුක්ඛ අනාත්මාදී විදිහට අවබෝධය ලැබීමත් කියලා තේරුම් ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and S_M_S

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22

    Nalin de Silva sir nam kiyanne vidarshana kiyanne darshanaya nathi kirimata kiyala
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Nalin de Silva sir nam kiyanne vidarshana kiyanne darshanaya nathi kirimata kiyala

    මම නලීන් ද සිල්වාගෙ ලිපි ඒතරම් කියවන්නෙ නැහැ. ඒ නිසා එතුමා "දර්ශණය නැති කරනවා" කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා නොදැන අදහසක් ප්‍රකාශ කරන්න අපහසුයි. ග්‍රීන්තන්ඩර් බොහෝදුරට අයිතිවෙන්නෙ බුරුමයෙන් පටන්ගත්ත "විපස්සනා මුව්මන්ට්" එකෙන් ආභාෂය ලබපු තේරවාද ගුරුකුලයකට. ඒක ඇතුළේ ඉඳන් තමා ඉහත නිර්වචනය ලිව්වෙ.
     
    Oyage adahasata ithaama pin. Mama meka nikan damme. Namuth name hatiyata niwaradiwa dakima kiyana ekak enne na kiyala matath hithenawa. Mama e lipiya hoyagattoth oyatath daannam.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Oyage adahasata ithaama pin. Mama meka nikan damme. Namuth name hatiyata niwaradiwa dakima kiyana ekak enne na kiyala matath hithenawa. Mama e lipiya hoyagattoth oyatath daannam.

    ඔතන කන්ටෙක්ස්ට් එක වැදගත්. එතුමා මොන කරුණු කාරණා හිතේ තියාගෙනද ඕක කියන්නෙ, මොන වගේ පොයින්ට් එකක් drive home කරන්නද එහෙම අර්ථ දක්වන්නේ කියන එක වැදගත්. ඊටවඩා යමක් ඔය ගැන කියන්න බැහැ ඒ ලිපි කියවලා නැති නිසා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Nalin de Silva sir nam kiyanne vidarshana kiyanne darshanaya nathi kirimata kiyala
    අර සුදු අඳින, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්'ය කියන මහාචාර්ය නලින් ද සිල්වා ද?
    එයා නම් අපේ ත්‍රිපිටකය පිළිගන්න කෙනෙක් නෙවේ. බුදුන් උපන්නේ ලංකාවේ'ය කියන කෙනෙක්. (මම ඔහු ගැන දන්න විදිහට)
     
    • Like
    Reactions: NRTG and kinkon

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    අර සුදු අඳින, බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්'ය කියන මහාචාර්ය නලින් ද සිල්වා ද?
    එයා නම් අපේ ත්‍රිපිටකය පිළිගන්න කෙනෙක් නෙවේ. බුදුන් උපන්නේ ලංකාවේ'ය කියන කෙනෙක්. (මම ඔහු ගැන දන්න විදිහට)
    මට තේරෙන විදියට නම් විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක ඇත්ත. ඒත් ඒ පට්ටපල් බොරු කියන එක අපි බොරු කියන එකට වඩා වෙනස්. @greenthunder කියපු විදියට context එක හරිම වැදගත්. මම දන්නා තරමින් එතුමා බුදුන් ලංකාවේ ඉපදුනා කියල නෑ.
    එතුමා ගේ ලිපි www1.kalaya.org වලින් කියවන්න.

    මේ කියන්නේ මට තේරෙන විදියට
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම දන්නා තරමින් එතුමා බුදුන් ලංකාවේ ඉපදුනා කියල නෑ.
    එතුමා ගේ ලිපි www1.kalaya.org වලින් කියවන්න.
    ඔව් ඔයා හරි. මම කිව්වෙ මේ කොටස ගැන...
    (ඔහු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ශ්‍රී ලංකාවට රැගෙන ඒම ගැන දරන අදහස වැරදියි.)
    මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය.
    http://www1.kalaya.org/2015/07/blog-post_2.html?m=1
     
    eka gana kiyanna tharam danumak mata naha
     
    මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන ආව ධර්මය තමයි ලංකාවේ රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඇවිත්, බැමිණිටියා සාගතයෙන් පස්සෙ එකට සජ්ඣායනා කරලා, ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නැති බව තහවුරු කරගෙන ග්‍රන්ථාරූඪ කළේ.

    බුදුන් උපන්නේ ලංකාවේ'ය කියන අය කියනවා "මිහිඳු හාමුදුරුවෝ කියන්නෙ අශෝක රජුගේ දේශපාලනික වැඩකට ආව දූතයෙක්, ඔය ත්‍රිපිටකය වැරදියි, අපි මේ කියන ධර්මය තමයි හරි එක" කියලා.
    අර විස්තරයෙදි නලින් ද සිල්වාත් නොකියා කියන්නෙ ඒ කරුණමයි. ඉතිං ඔහු "විදර්ශනා" වචනයට දුන්න අර්ථයත් ඒ විදිහෙ එකක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.

    @greenthunder කියපු අර්ථය තමයි මමත් පිළිගන්නෙ.

    ...............................
    https://mahamegha.lk/2016/12/24/samatha-vidarshana-different/

    ■ සමථ භාවනාවේ දී සිදු කරන්නේ කුසල් අරමුණක සිත එකඟ කර ගනිමින් පංච නීවරණ සන්සිඳුවා ගැනීමයි. බුද්ධානුස්සති ආදි අනුස්සති භාවනාවන් ද සතර බ්‍රහ්ම විහරණ ආදි භාවනාවන් ද ඇතුළත් සමථ භාවනා අරමුණු බොහෝ ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. සමථ භාවනාව තුළින් නීවරණ සන්සිඳී සිත වැඩෙන බව (චිත්තං භාවීයතී) භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. සිත වැඩීම තුළින්, යම් රාගයක් ඇද්ද එය ප්‍රහාණය වන බව වැඩිදුරටත් පෙන්වා වදාළා. (යෝ රාගෝ සෝ පහීයති)

    ■ විදර්ශනා භාවනාවේ දී සිදු කරන්නේ යමක ඇති යථාර්ථය ඒ අයුරින් ම නුවණින් විමසමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි. ආයතන අනිත්‍ය භාවනාව, පංච උපාදානස්ඛන්ධ අනිත්‍ය භාවනාව, පටිච්ච සමුප්පාද අනිත්‍ය භාවනාව, ධාතු අනිත්‍ය භාවනාව ආදි විදර්ශනා භාවනා අරමුණු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩෙන බවත් (පඤ්ඤා භාවීයතී) වඩන ලද ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරුවන බවත් (යං අවිජ්ජා සා පහීයති) දේශනා කොට වදාළා.
     
    • Love
    Reactions: ChamodhK