පිස්සු බලු රෝගෙ පරදවපු "Milwaukee protocol"

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    final1.png

    This is a story about a girl who recovered from Rabies after receiving an agressive treatement procedure called Milwaukee protocol
    කතාව පටන් ගන්නේ 2004 ඇමරිකාවේ Wisconsin වල. අපේ කතා නායිකාවගේ නම Jeanna Giese. ඒ වෙද්දි වයස අවුරුදු පහළොවයි. 8 වසරෙ ඉගෙන ගත්තෙ. එදා ඉරිද දවස පල්ලිය ඉද්දි උඩ වවුලෙක් පියඹ පියඹා හිටියා. කවුරුහරි ඌට ගැහුවා ඌ බිමට වැටුණා. ඊට පස්සේ මෙයා වවුලා අහුලගෙන පල්ලියෙන් එළියට යනකොටම වවුලා ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මේ ගැහැණු ළමයා අත ගසා දාලා වැඩිය ගණන් ගන්නේ නැතුව නැවත පල්ලිය ඇතුළට ගියා. අන්න එතනදි මෙයාගේ ශරීරයට රේබීස් වෛරසය ඇතුලත් වෙනවා. හැබැයි රේබීස් කියන්නේ ශරීරයේ immune system එකට පේන්නැති virus එකක්. virus එක ඇඟිල්ලෙන් මොළය දිහාට nervous සිස්ටම් එක ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිස්සු බලු රෝග වැළඳුණු සතෙක් හපා කෑවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට Vaccine එක ගන්න ඕනෑ. රෝග ලක්ෂණ පහළ වුනොත් රෝගියා සියයට සීයක්ම වගේ මැරෙනවා. මීට පස්සෙ හොඳ කරන්න පුළුවන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ. මම මේ කියන්න යන ප්‍රතිකාර ක්‍රමය හැරුණු කොට. ඉස්සර ලංකාවේ තිබ්බා කියන පෙරදිග වෛද්‍ය ක්‍රමවල කතා අහල තියෙනවා. දැන් නම් මං දන්න තරමට ඒවා හොයන්න නෑ.
    ඉතින් ආපහු කතාවට යමු. Jeanna Giese අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියාට පස්සෙ එයාලා තිබ්බ පොඩි තුවාලය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා හෝදලා එතනින් ඒක අමතක කරලා දැම්මා සති තුනක් විතර ගියා ඔන්න දවසක් Jeanna ගේ අත දිගේ කිතිකැවෙන අනින ගතියක් වගේ එකක් දැනෙන්න ගත්තා . තව සතියකට විතර පස්සේ උණ ගතිය ආවා. අත වෙව්ලන්න පටන් ගත්තා. කතා කරද්දි ගොත ගතියක් ආවා .Double vision පේන්න ගත්තා.
    මේ වෙද්දි Jeanna, Milwaukee children’ hospital ඇතුළත් කරලා හිටියේ. ඒක හිටියා rodney willoughby කියලා ඩොක්ටර් කෙනෙක්.එයා තහවුරු කරගත්තා මේක rabies මයි කියලා. මෙයා ඇත්තටම මෙහෙම ලෙඩ්ඩු දැකල තිබුනෙත් නෑ. ඒක නිසා එයා පොත් කියවලා තොරතුරු හොයන්න පටන් ගත්තා. මෙයා හොයා ගත්තා මැරෙද්දි බොහෝවිට ලෙඩුන්ගෙන් මොළයට physical damage එකක් වෙන්නෑ කියලා. වෙන්නේ වෛරස් එකෙන් මොලේ සිග්නල් අවුල් කරල nervous සිස්ටම් එක අවුල් කරල එ මගින් ශරීර අවයව විනාශ කිරීමක් කියලා. මෙයා හිතාගත්තා දැන් කරන්න තියෙන උපරිම දේ Jeanna ගී මොලෙන් එයාව බේරා ගැනීම. කියලා මේක කවුරුවත් ඉතිහාසය කරල තිබුනෙ නෑ .ඉතින් මෙයා තේරුම් ගත්ත දැන් කරන්න ඕන එකම දේ මොලේ shutdown කරන එක කියලා. එතකොට virus එකෙන් මොළේට වෙන බලපෑම අඩුයි .ඒත් එක්කම කාලයක් දෙනවා ශරීරයෙ immune system එකට virus එක පුලුවන්නම් හඳුනාගෙන එය පාලනය කරන්න. ඉතින් ඩොක්ටර් මේක කළා. medication දීලා Jeanna Giese කෘතිම කෝමා තත්ත්වයකට පත් කළා. දවස් හතකින් මෙයාව කෝමා එකෙන් එලියට ගන්නකොට එයාට හෙලවෙන්නවත් බෑ. ඇස් අරින්නත් බෑ. කොටින්ම vegetable එකක්. කට්ටිය බය උනා මේකට ද මෙයාව බේර ගත්තේ කියලා.. කොහොම හරි තව දවස් තුනකින් Jeanna ඇස් ඇරියා.එතන ඉඳන් එයා අවුරුදු 15ක අළුත උපන් බබෙක් වුණා. මාසෙකින් එයා rabies virus, free වුණා. එතන ඉඳන් අවුරුදු එකහමාරක් ගියා තනියම නැගිටින්න. තේරෙන විදිහට කතා කරන්නෙ ඊටත් වඩා කල්ගියා. දැන් අවුරුදු විසි ගානක් ඒ වුණත් එයාගේ mannerisms. සහ කතාව කලින්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් අන්න එහෙමයි Jeanna Giese, rabies හැදිල මැරෙන්න ඇතුව ගොඩ ආපු documented පළවෙනි පුද්ගලයා විදිහට ජීවත් වෙන්නේ. මේ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත Milwaukee protocol කියලා හඳුන්වනවා. මීට පස්සෙ මේක හය වතාවක් වෙනත් අය විසින් ට්‍රයි කරල තිබුනොත් සාර්ථක වුනේ නැහැ. හේතුව doctor රොඩ්නි යුස් කරපු ඖෂධ ඒ ආකාරයෙන්ම යොදා නොගැනීම කියලයි කියන්නේ. ඒ නිසා දැන් මේ protocol එක යොදා ගැනීමට වෙනත් අය මැලිකමක් දක්වනවා. ඉතින් අද කතාව තමා මේක. බල්ලෙක් හෝ පූසෙක් කෑවොත් වහාම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. බල්ලෙක් පූසෙක් විතරක් නෙමේ ඕනෙම mammal කෙනෙක් මේකට ඇතුලත්.

    final-2.png

    autumn-meadow-open-without-people-golden-ratio-fake-detail-trending-pixiv-fanbox-acrylic-palett-3398.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේක luck by chance කියල කියන්නෙ
    standard method එකක් නෙවෙලු
    එහෙමද? කොහොමහරි කොහොමත් මැරෙන එකේ මොකක්හරි දෙයක් ට්‍රයි කරල බලන එක වෛද්‍ය විද්‍යාවටත් හොඳයි වැරදිලාවත් බේරුනොත් ඒ මනුස්සයටත් හොඳයි
    මැරුණත් විඳවන්නෙ නැතුව මැරෙන්න පුලුවන් නේ බං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Sorry.. This doesn't mostly work. The Brazilians trialed out another variation of this named the Recife Protocol. Not much of a difference with the results.

    Sadly there aren't any treatment once the virus takes hold. But recently for the World Rabies Day (September 28th) some US researchers announced a new Monoclonal antibody which supposedly work. They demonstrated a lab made monoclonal antibody F11 , where a single dose of was effective much later in the course of infection, reversing signs of the disease after they were already apparent.
    That's good news.

    Mostly very little research is done on this area. Only a few scientists sequenced even the Glycoprotein of this virus, so how to stop or lock the virus in the prefusion state is relatively unknown. There's heaps of money for weapons & war but when it comes to much needed research, funding is scarce. :(

    This virus belongs to the family Rhabdoviridae which comprises over 140 different viral species, the most well-known being the Rabies lyssavirus, the principle cause of rabies.

    Here's a video from Kurzgesagt which I posted a long ago on a different post.

    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516

    මචං මේ වෛරස් එක ගැන රිසර්ච් නොකරන්නෙ වැඩිය දැනටමත් යම් ආකාරයක සොලූෂන් එකක් තියන නිසාද ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,648
    1
    6,338
    113
    මේ වෙනකම් rabies වලින් බේරුනේ එක්කෙනයි කියලා අහලා තිබ්බට ඒ කෙනාගේ කතාව මෙහෙමයි කියලා දැනගත්තේ අද..:sorry:

    TFS:love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    Sorry.. This doesn't mostly work. The Brazilians trialed out another variation of this named the Recife Protocol. Not much of a difference with the results.

    Sadly there aren't any treatment once the virus takes hold. But recently for the World Rabies Day (September 28th) some US researchers announced a new Monoclonal antibody which supposedly work. They demonstrated a lab made monoclonal antibody F11 , where a single dose of was effective much later in the course of infection, reversing signs of the disease after they were already apparent.
    That's good news.

    Mostly very little research is done on this area. Only a few scientists sequenced even the Glycoprotein of this virus, so how to stop or lock the virus in the prefusion state is relatively unknown. There's heaps of money for weapons & war but when it comes to much needed research, funding is scarce. :(

    This virus belongs to the family Rhabdoviridae which comprises over 140 different viral species, the most well-known being the Rabies lyssavirus, the principle cause of rabies.

    Here's a video from Kurzgesagt which I posted a long ago on a different post.

    Thank you for the Clarification machan !

    මචං මේ වෛරස් එක ගැන රිසර්ච් නොකරන්නෙ වැඩිය දැනටමත් යම් ආකාරයක සොලූෂන් එකක් තියන නිසාද ?
    මම හිතන්නෙ මේක බටහිර රටවල මිනිස්සුන්ට කලාතුරකින් තියන එකක් හින්දා වෙන්න ඕනෙ. ආසියානු , සහ දියුනු වෙමින් තියන රටවල තමා මේක බහුල. රිසර්ච් ගොඩාක් වෙන්නෙ බටහිර රටවලනෙ (y)
    ------ Post added on Oct 10, 2023 at 8:47 AM