2002-3 කාලේ වගේ ඩයලොග් සිම් එකක් ගන්න ගියා කොමිනිකේසන් එකකට ඌ සිම් ගේන්න ගිහින්. ඉස්සර දැන් වගේ සිම් ස්ටොක් නැහැ දෙකයි තුනයි විකුනන්න තියෙන්නෙ. බලන් ඉදලා ඉදලා ටිකක් වෙලා යද්දි මූ ආව.. මල්ලි මාර වැඩේ 1 මිනිට් ඉන්කමින් ෆ්රී සිම් එක නැහැනේ 30 සෙසන්ඩ් ඉන්කමින් ෆ්රී එක තියෙනවා 1500යි කිව්වා. ඉස්සර ඩයලොග් පටන් ගත්තම කාලේ විනාඩ්යේ එකයි තත්පර 30 එකයි කියල දෙකක තිබුනේ ඒ කාලෙන් පස්සේ රු 7 ක් ද කොහෙද එන කෝල් වලටත් කැපුනා. එන කෝල් වල නම්බර් එක පෙන්නෙ නෑ ඒකට වෙනම ගෙවල ගන්න තිබ්බේ. 

