ගොඩක් උන් අහලා තිබ්බ නිසයි මේක දාන්න හිතුවේ. උබලට මතකනේ මන් කලින් කොල්ලෙක්ට ලව් කළා මේකේ ෆොටෝස් එහෙමත් දැම්මා මන්. ඌව මන් මාස ගාණයි ආස්‍රේ කළේ. පස්සේ ටිකෙන් ටික මට සැක හිතෙන්න ගත්තා මුගේ යාළුවෙක් ගැන. ඒකයි මූයි හෙනම ක්ලෝස්. මම උගෙන් ඒ යාළුවා ගැන ඇහුවහම මට කිව්වේ ඒ උගේ හොදම යාළුවා අවුරුදු 8ක විතර ඉදන් ඌව ආස්‍රේ කරන්නේ කියලා. ඌ ලග ඉන්නකොට මගේ කෝල් එකක්වත් උස්සන්නෑ. මම ඕකට හේතුව ඇහුවහම කිව්වෙ නෑ නෑ ඌ මම ගේ කියලා දන්නෑ සැක හිතෙයි කියලා තමා මන් ඔයාගෙන් එන කෝල් උස්සන්නේ නැත්තේ කියලා. මමත් ඇත්ත කියලා ඉවසන් හිටියා. ඒත් මේ ලගදි මන් උගේ ෆෝන් එක හොරෙන් බැලුව. උන් දෙන්නාගේ whatsapp මැසේජස් ටික කියෙව්වා. දෙයියනේ මට සිහි නැති වෙන්න ආවා. මම අරූටත් බැනලා පැන්නුවා. පස්සේ අරූගේ යාළුවාට කෝල් අරගෙන විස්තරේ කිව්වා. ඌ කිව්වා ඌ එක්ක අවුරුදු 8ක ඉදන් relationship එකක් තියෙනවා කියලා. පස්සේ අපි දෙන්නා එකතු වෙලා හොයා ගත්තා මූ අවුරුදු 8කම අරූව රවට්ටලා සල්ලි එහෙම අරන්. මේ සීන් එක නිසා මායි ඌයි එන්න එන්න ලං වුණා ටිකෙන් ටික. දැන් අපි දෙන්නම අරූගේ පුකට පයින් ගහලා අපි දෙන්නා සෙට් වෙලා ඉන්නේ. ඌත් අරූට අවංකවම ආදරේ කළා මාත් එහෙමයි. මන් ඌට කිව්වා සම්බන්ධයක් පටන් ගන්න කලින් අපි ටිකක් ආස්‍රේ කරමු කියලා. ඒ අයියා ඇත්තටම හොඳ පොරක්, පොඩි අවුලකට තියෙන්නේ ඌ මට වඩා අවු 10ක් වගෙ වැඩිමල්. ඒත් වයස පේන්නේ නෑ තාම 25ක් වගේ පේන්නේ.
ඔන්න ඕකයි කතාව
@Absolute Zero @rukshrulz
ඔන්න ඕකයි කතාව
@Absolute Zero @rukshrulz


