Skill එක හදාගන්න එක නිකන් YT බලලා විතරක් කරගන්න බෑ. මොකද Skill ගොඩක එකතුවක් ඕනේ. අනික රෝල් එකෙන් එකට ඕන වෙන skill වෙනස් වෙනවා. ඒ ඒ රෝල් එකේ experience නැත්තම් උඩට යනකොට හිර වෙන්න පුළුවන්.
Intern / ASE - සාමානයෙන් communication skill, සාමාන්‍ය ටාස්ක් එකක් code කරන්න, අනිත් team members ලත් එක්ක ශේප් එකේ වැඩ කරන්න තමයි ඕනේ. ඕන අලුත් tech එකක් ඉගෙන ගන්න.
SE - මේකෙත් ගොඩක් වෙලාවට ASE ටිකම තමයි, හැබයි responsibility වැඩියි. උදා:- හරියට deployment දාන්න, ASE/intern ලට උදව් කරන්න වගේ.
SSE - මේකේ ආවම leadership skill ඕනේ. සමහර වෙලාවට පොඩි team එකක් හම්බවෙන්න පුළුවන්. team එකේ අයට වැඩ බෙදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දෙන ටාස්ක් එකක් technically design කරන්න පුලුවන් වෙන්න ඕනේ
ATL / TL / ARCHITET - මේවට කාලයක් තිස්සේ වැඩ කරලා technical skill තියෙන්න ඕනේ. communication, negotiation skill හොදට තියෙන්න ඕනේ. සමහර වෙලාවට non-technical අය දෙන requirement කොහොමද හදන්නේ, මොනවද කරන්න බැරි, ඇයි බැරි. මොනවද වෙන විදි කරන්න පුළුවන් වගේ ඒවා පැහදිලි කරන්න පුලුවන් වෙන්න ඕනේ.
ගොඩක් වෙලාවට එක skill එකක් නෙවේ, skill set එකක් ඕනේ වෙනවා. ඔය ඔක්කොම youtube හරි tutorial බලලා හදාගන්නවා කියලා එකක් නැ. වැඩ කරලා කාලයත් එක්ක එන්න ඕන දේවල්.
ඉක්මනට ප්‍රොමෝට් වෙන්න ඕනෙනම් මේ ටික කරන්න
- තමන්ගේ රෝල් එකට අදාළ වැඩ ටික ඉස්සෙල්ලා හරියට කරන්න
- තමන්ගේ උඩ රෝල් එක කරන අයගේ වැඩ බලලා, ටික ටික ඒවා කරන්න සපෝර්ට් කරන්න
- communication skill හදාගන්න