සීනියර් වෙන්නේ දැනුම සහ හැකියාව අනුව..
අවුරුදු ගාන වැඩක් නෑ.... අවුරුදු දෙකකින් උනත් සීනියර් වෙන්න පුලුවන් (නමූත් මේක වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි..හේතුව ඒ අවශ්‍ය දැනුම ගන්න කල් යනවා)
හැකියාව තිබුන පමණින් වෙන්නත් බෑ මොකද අත්දැකීම් අනුව තමයි අපි ප්‍රශ්නයක් දිහා එක එක කෝන වලින් බලන්නේ... සීනියර් කෙනෙක් ට එහෙම නැත්නම් වැඩ කරන්න බෑ..
කොහොම උනත් ඉස්සෙල්ලම තමන් ඉන්න ලෙවල් එකට වඩා වැඩි ලෙවල් එකකින් තමන්ගේ වැඩ ටික කරන්න ඕන (ප්‍රොමෝට් වෙන්නත් බලපාන මූලිකම දේ මේක)
ඊට පස්සේ ටීම් එකේ සීනියර් උන්ට උඹ ගැන විස්වාසයක් ඇති වෙන්න ඕන.. ජූනියර් උන් අතර උඹ පොරක් කියන එක ඒත්තු යන්න ඕන (earn respect)
මූ කිව්වා නම් හැබැයි ඒක හරි වෙන්න ඇති කියල අනිත් අයට හිතෙන ලෙවල් එකට රෙපියුටේෂන් එක හදාගන්න ඕන...
හිටපු ගමන් ඔය වගේ චානස් සෙට් වෙනවා තමන්ගේ හැකියාව පෙන්නන්න..ඒ වෙලාවට වැඩේ ගොඩ දාලා පෙන්නන්න තනිවම...මේක තමයි මම හිතන්නේ වටිනම දේ....මේක හෑවොත් හෑවා තමයි..
මොකද මම දැකලා තියෙනවා ඒ වගේ අවස්ථා ගොඩක්..සමහර වෙලාවට ක්‍රිටිකල් ටාස්ක් එකක් හිර උනාම දෙන්න එකෙක් නැත්තම් ඒ වගේ හිතෙන උන් බලලා දෙනවා...ඒක ගොඩ දාන්න ඕන...අපේ එහෙම ඕන තරම් කැපිච්ච උන් ඉන්නවා...ඒවා ගොඩ දැම්මා කියන්නේ පොරක් කියලා ලේබල් එක වදිනවා ආයේ තමන් ගැන කටින් කියන්න ඕනෙත් නෑ ඊට පස්සේ..