එතකොට ටෙක්සාස් මධ්‍යම රජයෙන් ගේම ඉල්ලන්නෙ කොහොමද. උන්ට වෙනම හමුදාවක් ඉන්නවද, සල්ලි තියනවද, USA වල දේශපාලන ව්‍යූහය ගැන කියපල්ලකො දන්න උන්.
මුකුත් දන්නති උන් දැන් ලංකාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඇමරිකාවෙ.. කියලා හැමිනෙන්නඩ තියාගන්ඩ එපා ත්රේඩ් එක දැම්මෙ මට දැනගන්ඩෝන හින්දනෙ
රටේ නම දැක්කාම දල අදහසක් එන්න ඔ්න.. ඇමරිකා එක්සත් ජනපද.. ගිවිසුමකින් තනි රටක් විදිහට පෙනී හිටින්න ගිවිසගත් රටවල් ගොඩක්..ගිවිසුම අත්සන් කරද්දි ඒ ඒ ජනපද තමන්ගෙ බලය අවශ්‍ය විදිහට තියෙන්න කොන්දේසි දාල ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ.
ෆෙඩරල් නීති සහ ස්ටේට් නීති වෙනම තියනවා. සමහර ජනපද වල තියන නීති සමහර ජනපද වල නෑ. අවශ්‍ය විදිහට ලෝ එන්ෆෝර්ස්මන්ට් ඒජන්සීස් තියනවා. උදාහරණය අපි ලංකාවෙ අයත් දන්න ටෙක්සාස් රේන්ජර්ස්ලා. කෘෂිකර්මය සහ සත්වපාලනය ලොකුවටම යන මොන්ටානා වගේ ජනපද වල Livestock agents ලා කියලා ගිණි අවි තියන තවත් යුනිට්ස් තියනවා. ජනපදවලට එයාලගෙම පොලීසි තියනවා. ලොස් ඇන්ජලීස්වල පොලීසියෙ කෙනෙක්ට නිව්යෝර්ක් ගිහිං පොලීසයිට බැඳුනත් එයාගෙ රෑන්ක් එක කලින් මොක උනත් ආයෙ මුල ඉඳලා යන්න ඔ්න.
අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය, නීතිය හා සාමය, පරිසරය සහ ඉඩම් බලතල, වාණිජ බලතල, ඡන්ද මේ සියලු බලය තියෙන්නෙ ඒ ඒ ජනපදවලට ඒ ඒ ජනපද ඇතුලෙ
Kohomath yudda karala texas ekata dinanna be. Hebeyi case eka thiyenne anith state kemathi wenne ne ehema yuddekata yanna. Denata state 25k texas ekata support kiyala prakasha karala thiyenawa. Support nethi state wunath yudda karanna kemathi wena ekak ne.
එක්සත් ජනපද වල ගිවිසුමට අනුව එක ජනපදයකට ආක්‍රමණයක් ආවොත් ඒ ජනපදයට බලය තියනවා අනිත් ජනපදවලින් උදව් ඉල්ලන්න. අනිත් ජනපද වලට බලය තියනවා ආණ්ඩුකාරයාගෙ සහ ජනපද රජයේ අභිමතය පරිදි තමන්ගෙ හමුදා උදව්වට යවන්න. මේ වෙනකොට ටෙක්සාස් වලට සපෝට් එකට ෆ්ලොරිඩා , ඔක්ලහෝමා වගේ ප්‍රාන්ථ කීපයක් එකතුවෙලා ඉන්නවා
හැබැයි මොකද්ද වගන්තියක් යටතේ ෆෙඩරල් ගවමන්ට් එකට තාවකාලිකව සියලු ස්ටේට් ආමි ෆෙඩරල් ජිඩිරික්ෂනල්වලට අරගන තමන්ට ඔ්න විදිහට පාලනය කරන්නත් පුලවුන්
------
Post added on Jan 26, 2024 at 3:01 PM