මගෙ සහෝදරියක් සහ එයාගෙ සැමිය ගැන ගැටලුවක් තමයි යොමු කරන්නෙ..මේ ගැන අදහසක් දක්වන්න .. හැම විටම ගෙදර පිරිසිදුව තබා ගැනීම ඇගේ මුලු දවසෙම වැඩිම කාලයක් යොදන දෙයක් වෙලා...මිනිස්සු නිදාගන්න හදන වෙලාවල සමහර්විට මල්වලට වතුර දානව..මිදුල අතු ගානව ..රෑ මැද මකුලු දැල් කඩනව..ඇය ඒ හමදේම කරන්නෙ තම සැමියගෙ සතුට වෙනුවෙන්...දරුවන්ගෙ වැඩ නිසා හරි අත පසු උනත් සැමියා හිත නොසතුටින් තරහින් ඉන්න බව ඇයට දැනෙනව...මම හිතනව ඇය හුගක් හෙම්බත්..ඒ දෙදෙන ආදරෙන් ඉන්න බවක් නිදාගන්න බවක් නැති බවයි හිතෙන්නෙ...හැමවෙලේම ගෙදර පිලිවෙල විතරමයි ජීවිතේ..කෑම බීම පවා ඇය විසින් අනිත අයට වඩා මහන්සි වී තුන් වේලම උයනව වගේ..වැඩට ගන්නත් කැමති නෑ.මෙය රෝගී තත්වයක්ද?සුව වීමට කල් යනවද?මගෙ අදහස් දීමට වඩා මේ ගැන දන්න අයගෙන් විමසල කීමෙන් ඇයට හරි සැමියට හරි යහපතක් වේවි කියල හිතුන...


