113 ෂුවර්.. ඒත් රට ගොඩදාන්න තව ලොකු බලයක් ඔ්නෑ..
අපේක්ෂා කරන ආකාරයේ සමාජ පරිවර්තනයක් ඇති කිරීමට හා බංකොලොත් ආර්ථිකයට පණ දීමට සරල බහුතරයක් ඇති ආණ්ඩුවක් පමණක් ප්‍රමාණවත් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ සඳහා වැඩි බලයක් සහිත ආණ්ඩු බලයක් බලාපොරොත්තු වන බවද හෙතෙම ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් කියා සිටියේය.
දැනටමත් මාලිමාව ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර අවසන් බවද පැවසූ ඔහු එකසිය දහතුනක සාමාන්‍ය ආණ්ඩුවකින් අපේක්ෂිත සමාජ වෙනස කිරීමට නොහැකි වනු ඇති බවත් ඒ සදහා වඩා ශක්තිමත් යක් අවශ්‍ය බවත් පැවසීය.
බංකොලොත් වූ රට යථා තත්ත්වයට පත් කිරීමට ශක්තිමත් බලයක් ඇති ආණ්ඩුවක් අවශ්‍ය බවත් කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ප්‍රතිවාදින්ට පෙරළා දැමිය නොහැකි විශාල ජනතා බලවේගයක් හා විශ්වාසයක් ඇතිව ශ්‍රී ලංකාවේ පළමු මහජන ආණ්ඩුව පිහිටුවීමට සූදානම් බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.