දත් කැක්කුමට රෝහල් ගත වූ හංසිකා නිසල දේහයක් ලෙස නිවසට රැගෙන එයි
By Dasatha News 4
1 minute
දත්කැක්කුමක් ඉවසා ගත නොහැකිව රෝහල් ගතකළ තරුණියක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මොරවක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර, මොරවක, පරගල ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නවරත්න නැමැති 29 හැවිරිදි තරුණියක්.
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුපත්වීමක් බලාපොරොත්තුවෙන් සිටි මෙම තරුණිය වසරක අධික කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මැයට පසුගිය දා දත්වල ඇති වූ වේදනාවක් හේතුවෙන් එය ඉවසාගත නොහැකිව ප්‍රතිකාර සඳහා දෙණියාය රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ලබාදුන් එන්නත් සහ අනෙකුත් ප්‍රතිකාරවලින් පසුව පෙරේදා (29) අලුයම ඇය මියගොස් තිබෙනවා.


