මේකයි සීන් එක බන්. මම සාමාන්‍යයෙන් ඔයාලා වගේම ගණන් වලට දක්ෂයි. දක්ෂයි කියන්නේ phd උපාධි ගහල නෙමෙයි. එදිනෙදා අවශ්‍යවෙන ගණිත කර්ම කර ගන්න පුළුවන් මනෝමයෙන් ඔයාලා වගේම. Maths වලට O/L A එකකුත් තියෙනවා. මාර සීන් එක කියන්නේ කවුරු හරි මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒක එකපාරට මනසින් හදා ගන්න බැරුව යනවා. දැන් අද වුණ සීන් එක තමයි අපේ ගෙදර පොඩි වැඩකට බාසුන්නැහේ කෙනෙක් ආවා. කඩෙන් ඇණ වගයක් ගේන්න ඕන වෙලා මිනිහා මගෙන් ගණන් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් 130 ඒවා 15ක් කීයද කියල මගෙන් එකපාරට ඇහුවා. මට ඒක එකපාරටම මනසින් හදාගන්න බැරුව ගියා. 130 දහයෙන් වැඩි කරලා ආයේ ඒකෙන් බාගේ අරන් 130 දහයෙන් වැඩිකරපු එකට එකතු කරලා 1950යි කියල කියන්න බැරි වුණා. මට ඉස්සර මෙහෙම නෑ. මෙහෙම වෙන්නේ කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවම තමයි. මාර ප්‍රෙෂර් එකක් එනවා ඔලුවට. ඔයාල දන්නවනේ මට සෝෂල් ෆෝබියා තියෙනවා කියල. ඒක නිසාද මෙහෙම වෙන්නේ? මම විස්වාස කරන විදිහට ඒක දැන් ගොඩක් දුරට හොඳයි. හරියට Simpson කාර්ටුන් එකේ වගේ මේ වගේ වෙනවා මාව කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන්.
එක අතකට හිතෙනවා මම පට්ටම අවාසනාවන්තයෙක් කියල. හැබැයි මම එහෙම හිතන්නේ නෑ positive attitude එක තියෙනවා මං ගැනම. අනේ මන්ද බන් එපා වෙනවා. ඇයි බන් මට මෙහෙම වෙන්නේ ?
ඔයාලා ගොඩක් වාසනාවන්තයි. මම කිව්වදේ ඔයාලා compliment එකක් විදිහට බාර ගෙන ඔයාල ඔයාලා ගැනම සතුටු වෙන්න. 
එක අතකට හිතෙනවා මම පට්ටම අවාසනාවන්තයෙක් කියල. හැබැයි මම එහෙම හිතන්නේ නෑ positive attitude එක තියෙනවා මං ගැනම. අනේ මන්ද බන් එපා වෙනවා. ඇයි බන් මට මෙහෙම වෙන්නේ ?

බාසුනුන්නැහැටත් තියෙනවද අහන්න තිබ්බෙ ....