දන්න කියන කපල් එකක් ඉන්නව. පුතාගේ පන්තියේ හොඳම යාලුවගේ දෙමව්පියන්. අපිට සතියට දෙතුන්පාර හම්බෙනවා. ළඟක් වෙනකන් හොඳින් හිළටියා ඒත් දැන් ඒ දෙන්න රන්ඩුවෙනවා. හේතු කියන්නේ නෑ. පළවෙනි පාරට මම ඒ ගෙදර ඉද්දී වලියක් පටන්ගත්තා. මම බොහොම අමාරුවෙන් ශේප් කරා.
ඊයේ ඉස්කෝලෙදී පුතාගේ යාලුව යාලුවන්ට කියලා අම්මයි තාත්තයි රන්ඩු වෙනව ඩිවෝස් වෙන්න වගේ හදන්නේ කියල.
මට මේ මිනිස්සු නිතර හම්බෙනවා. කතාකරලා අහන්නත් හිතෙනවා ඒත් අනුන්ගේ ප්රශ්ණ වලට අතදාන්න දැන් වැඩිය ආස නෑ.
ඒ ළමයත් පව්. ඒ මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු. දැක්කේ නෑ දන්නේ නෑ, වගේ මගෑරලා ඉන්න හිතෙන්නෙත් නෑ.

ලංකාවේ ඔහොම මරාල සෙට්ල් කරලා අන්තිමට උන් හොඳින් ඉඳලා මම වැරදිකාරයා වෙච්ච, නැත්නම් නිකරුනේ මාව මිතුරුකමින් අයින්කරපු අවස්තාත් තියෙනවා.
උඹළගේ අදහස මොකක්ද?