හෙළකුරු, හෙළPay සහ PayHere ඇතුළු ඩිජිටල් නිර්මාණ බලගන්වන අපගේ Bhasha සමාගම දැන් ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය ලබාගත් සමාගමක්! 
️
මිට වසර දෙකකට පෙර අපගේ PayHere සේවාවට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් උගත් පාඩම් පෙරදැරිව, අපගේ දත්ත ආරක්ෂණ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව අප මෙම ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිය ලබාගැනීමට කටයුතු කළේ, අපගේ සියලු ඩිජිටල් නිපැයුම් හා සේවාවල දත්ත ආරක්ෂාව පරිශීලක ඔබට සහතික කිරීමේ අරමුණින්.
ඉතිං මින් ඉදිරියට අපගේ නිපැයුම් සහ ඩිජිටල් සේවා භාවිතා කරන ඔබ අපගේ සේවා පරිශීලනයේදී ලබාදෙන සංවේදී තොරතුරු සහ පෞද්ගලික දත්ත, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දත්ත ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා වන බව මෙම සහතිකය තහවුරු කරනවා.
ඒ නිසා හැමදාම විශ්වාසයෙන් අපගේ සේවාවන් භාවිතා කළ ඔබට, දැන් මෙම ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නිසා තව තවත් විශ්වාසයෙන් අපගේ නිපැයුම් සහ සේවා භාවිතා කළ හැකියි.
ඔබ අපගේ නිපැයුම් සහ සේවාවන් කෙරෙහි තබා ඇති විශ්වාසයයට සහ ආදරයට ස්තූතියි!
#Bhasha #ISO27001 #DataSecurity #Certified