Aiyye account eka hack unawathda
?
Budu bane mukuth nadda mey gana 
ආයු වඩ්ඩන සූත්‍රය
බෞද්ධ ආහාර සංස්කෘතියට අනුව භික්ෂුවගේ සිවු පසයට අයත් ආහාරය සුවිශේෂිතය. කුසගින්න වනාහි බරපතළම රෝගය (ජිගච්ඡා පරමා රෝගා) ලෙසින්ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදු දහමින් පෙන්වා දෙයි. ජීවිතයක ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පඤ්ච බලයම ආදි රැඳී ඇත්තේ ආහාරය මතය. සෑම ජීවිතයක ඉපදීම හා ජීවිතය රඳා පවතිනුයේ ආහාරය පදනම්කරගෙනය. බුදුදහම ආහාරයේ තුලිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකික්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දී ඇත. ආහාර ගැනීම හා පාලනය බොහෝ රෝගයනට පිළියමක් ලෙසින් ද ආයුවඩ්න සූත්‍රයට අනුව සඳහන් කළ හැකි වේ. ඉන් දුක් වේදනා නැති වේ. ආහාර පහසුවෙන් දිරවීම ආයුෂ පාලනයට පිටිවහලක් වන බව ද එම සූත්‍රය පෙන්වා දෙන අතර ශරීරයට යෝග්‍ය ආහාර ගැනීම පමණ දැන ගැනීම හා කලින් ගත් ආහාර දිරවීමෙන් පසුව ගැනීම තුළින් ආයුෂයේ ද වර්ධනයක් වන බව තවදුරටත් එම සූත්‍රයේ සඳහන් ය.
මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ලාභය නිරෝගී බව යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ව්‍යාධිය වනාහි සත්වයා කෙරෙහි එළඹෙන දුක්ඛ මූලයක් බව පළමුවැනි ධර්ම දේශනාවේදී ම බුදුරදුන් විසින් පැහැදිලි කළහ. ජීවිතය රෝගයනට ආකරයක් බඳුවේ යැයි දේශනා කරමින් ජීවිතය හා රෝගය අතර ඇති සමීප බව ලෝකයාට වටහා දුන් සේක. දිවියක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ප්‍රත්‍ය හතර අතරට බෙහෙත් පරිෂ්කාරය ඇතුළත් කරමින් නීරෝගී බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂූන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. එබැවින් ආහාරයේ සරල බව හා අනුභව කළ යුතු ආකාරයත් එක් අතකින් නිරෝගී දිවියට ඉවහල්වන කරුණක් බව ද අවධාරණය කර තිබේ. උදරය පුරණය අරමුණු කරගත් පැවිද්ද වනාහි කුම්භිල බයක් ලෙස එනම් කිඹුල් බියක් ලෙසින් බුදුදහම පෙන්වා දෙයි. මෙයින් අදහස් කරනුයේ කිඹුලන් වෙසෙන විලකට බට කෙනෙකු ඔවුන් විසින් කා දමන්නාක් මෙන් කෑදරකමින් යුතුව ආහාර ගනු ලබන භික්ෂුව වහා පිරිහෙන බවය. මෙම ඔවදන අංග කීපයකින් භික්ෂුනට පමණක් නොව ගිහියනට ද වැදගත්ය. රසය පදනම්කොට අසහනයට පත් ජනයා එහි ගැලී තමනට රස බොජුන් නොලැබේය යන ශෝකයෙන් කල්යවන අතර ඇතැම් පිරිස් එම භෝජනයේ ගැලී අතෘප්තිමත්ව අසහනයට මෙන්ම විවිධ ව්‍යාධීනට ලක්ව අපමණ දුක් විඳිති.
@asliyanage දියවැඩියාව හැදුනද?
බුදුන් කොහොමත් කිව්වේ කෑම වේල් දෙකක විතරක් ගන්න කියල , රෑට කන්න එප කිව්වේ හෙතුවක් ඈතුව
------
Post added on May 22, 2024 at 8:46 AM