සුපිරි වැඩකරුවෙක් තමයි. නිවන් සුව ලැබේවා..
ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක්.
ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීතය කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.
1988 වසරේ දී සිහශක්ති සංගීත කණ්ඩායම ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැකිය.