ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සුපිරි වැඩකරුවෙක් තමයි. නිවන් සුව ලැබේවා..

    ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
    මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
    ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක්.
    ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීතය කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.
    1988 වසරේ දී සිහශක්ති සංගීත කණ්ඩායම ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැකිය.


    1716727914-ananda-perera_L.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිහශක්ති එකෙ පීස් එකක් ගෙනාව අපේ අයිය
    රුපියල් 95කටද කොහෙද

    හෙන ෆේමස් ඒක

    කවරෙ පොටො එකෙ, වැලි ගොඩක,ඉන්ස්ට්ෘමන්ට්ස් ඔක්කොම ලනුවකින් බැදල, මුන් එක අදිනව
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    RIP
    මොනවා වෙලාද?
    වැඩි වයසක් නැහැ නේද?
    වයස කීයද දන්නෑ..නිවන් සුව ලැබේවා! 🙏
    ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතා මියයන විට 67 හැවිරිදි වියේ පසුවිය..