🎬💸 "Mission: Impossible 8" සිනමාපටයේ රූපගත කිරීම් අර්බුධකාරී තත්ත්වයක. නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාවට ළගා වේ. 🎥🔥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    tom-cruise-mission.jpg


    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️


    ලබන අවුරුද්දේ තිරගත කිරීමට නියමිතව තිබෙන "Mission: Impossible" සිනමාපට මාලාවේ අටවන දිග හැරුම වන "Mission: Impossible 8" හි (මීට පෙර මෙම සිනමාපටය "Mission: Impossible - Dead Reckoning - Part 2" ලෙස නම් කර තිබුණ ද මේ වන විට ඒ සදහා වෙනත් නාමයක් යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා) රූපගත කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. "Mission: Impossible" සිනමාපට මාලාවට අයත් අවසන්වරට තිරගත වූ සිනමාපටය වන "Mission: Impossible - Dead Reckoning - Part 1" බොක්ස් ඔෆිස් වශයෙන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අතකර ගැනීමට අපොහොසත් වූ අතර නිෂ්පාදන වියදම (production budget) ලෙස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 291 කට ආසන්න මුදලක් වැය කළ ද එම සිනමාපටයට, ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ලෙස උපයාගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 567.5 ක් පමණක්. එම ආදායම ඊට පෙර තිරගත වූ "Mission: Impossible" සිනමාපටය වූ "Mission: Impossible – Fallout" ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායමට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 225 කින් අඩු අගයක් තමයි ගනු ලැබුවේ.



    පසුගිය වසරේ මාර්තු මාසයේදී, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් "USS George H.W. Bush" නම් "Nimitz-class aircraft carrier" ගනයේ යුධ නෞකාවෙහි සිදුකළ "Mission: Impossible 8" සිනමාපටයේ රූපගත කිරීම් අතරතුර නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නාවිකා හමුදා නිලධාරීන් සමග ඡායාරූපවලට පෙනී සිටි "ටොම් කෲස්"

    1280px-US_Navy_110129-N-3885H-158_USS_George_H.W._Bush_%28CVN_77%29_is_underway_in_the_Atlantic_Ocean.jpg


    7663190.jpg


    RVGRU767AZGCRHJXYM6N2FAXN4.jpg




    ටොම් කෲස්, සිනමාපටයේ අධ්‍යක්ෂ සහ තිර රචක "Christopher McQuarrie" සහ තවත් නාවික හමුදා නිලධාරියෙකු සමග

    1000w_q95.jpg


    කොරෝනා වසංගතය හේතුවෙන් කීපවරක්ම රූපගත කිරීම් අතරමග නතර කිරීමටත්, කල් දැමීමටත් සිදුවීම, "Mission: Impossible - Dead Reckoning - Part 1" සහ ""Mission: Impossible 8" යන සිනමාපටයන් ද්විත්වයේම නිෂ්පාදන වියදම් අධික ලෙස ඉහළ යාමට මූලික වශයෙන් හේතු වුණා. ඊට අමතරව පසුගිය වසරේදී, හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ වෘත්තීය සංගමය වන 'SAG-AFTRA' (Screen Actors Guild and American Federation of Television and Radio Artists) සංවිධානයත්, තිර පිටපත් රචකයන්ගෙ වෘත්තීය සංගමය වන 'WGA (Writers Guild of America)" නම් සංවිධානයත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මාස ගණනාවක් මුළුල්ලේ සිදුකළ අඛණ්ඩ වැඩවර්ජනය ද "Mission: Impossible 8" සිනමාපටයේ රූගත කිරීම අතරමග නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා.

    කෙසේ වෙතත් හොලිවුඩයෙන් ලැබෙන නවතම වාර්තාවලට අනුව "Mission: Impossible 8" සිනමාපටය පිළිබදව ද මේ වන විට අසන්න ලැබෙන්නෙ එතරම් හොද ආරංචීන් නොවේ. මේ නවතම ආරංචිවලට අනුව සිනමාපටයේ රූපගත කිරීම් සදහා යොදාගත් ඇමරිකානු ඩොලර් මිලියන 29 කට අධික සබ්මැරීනයක් රදවා තිබූ 'gimbal' එකක් (මෙය සිනමාපටවල යොදාගන්න දැවැන්ත පසුතල රදවා තැබිය හැකි සහ ඒවා අවශ්‍ය පරිදි චලනය කිරීමට භාවිතා කරන දැවැන්ත ආධාරක හෝ වේදිකාවන් ලෙස හැදින්වීමට පුළුවන්) පහළට එන ආකාරයෙන් ක්‍රියාකරවන අවස්ථාවක සබ්මැරීනයේ බර හේතුවෙන් එම 'gimbal' එක සිරවී ගොස් තිබෙනවා. මේ සිදුවීම නිසා සබ්මැරීනය රදවා තිබූ මෙම gimbal' එක සම්පූර්ණයෙන්ම පාහේ අලුත්වැඩියා කිරීමට සිදුවී තිබෙන අතර මෙම අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට සදහා තවත් සති කීපයක් වැයවෙතැයි ද පැවසෙනවා.



    "Gimbal' එකක් සදහා නිදසුන්

    "Interstellar" සිනමාපටයේ ඇතුළත් වූ "Ranger' නම් ෂටල යානය හැසිරවීමට භාවිතා කළ "Gimbal' එක.

    ranger-set.png

    interstellar-bts-ship-2.jpg

    public




    "The Hunt for Red October" සිනමාපටයේදී යොදාගත් 'gimbal' එකක් මත ඉදිකළ, චලනය කළ හැකි දැවැන්ත පසුතලය

    334jwg2gidh81.png

    මේ හේතුවෙන් මෙම සබ්මැරීනයට අදාළ ජවනිකාවෙහි දර්ශනයන් සැලසුම්ගත කර තිබූ ආකාරයෙන් රූපගත කිරීමට නොහැකි වී යාම නිසා අලුත්වැඩියා කටයුතු සහ ඒ සදහා වැයවන අමතර දිනයක් පාසාම නළු නිළියන්, සිනමාපටයේ තාක්ෂණික සහ අනෙකුත් කාර්ය මණ්ඩලයන් මෙන්ම වෙන්කර ගත පසුතලයන් සදහා ඩොලර් මිලියන ගණනක අමතර වියදමක් දැරීමට ද "Paramount' සමාගමට මේ වනවිට සිදු වී තිබෙනවා. කාරණාවන් මෙසේ සිදු වීම නිසා "Mission: Impossible 8" සිනමාපටයේ නිෂ්පාදන වියදම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ආසන්න අගයකට මේ වන විට ළගා වී තිබෙනවා. මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා නිපදවූ සිනමාපටයට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ 2015 වසරේ තිරගත කළ "Star Wars: The Force Awakens" සිනමාපටයයි.

    2015 වසරේ ඇමරිකානු ඩොලරයේ අගයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 447 ක මුදලක් (2024 වසරේ ඇමරිකානු ඩොලරයේ අගයට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 575 කි) මේ සිනමාපටයේ නිෂ්පාදන වියදම ලෙස වැය වී තිබෙනවා. ඉදිරියේදී "Mission: Impossible 8" සිනමාපටය ද ලොව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සිනමාපටයන් ගොන්න අතරට එක් වේවි. කෙසේ වෙතත් මේ වන විට පැන නැගී ඇති විශාලතම පැනය වන්නේ මේ සා විශාල නිෂ්පාදන වියදමක් දරා නිපදවූව ද "Mission: Impossible 8" සිනමාපටයට බොක්ස් ඔෆිස් වශයෙන් ලාභ‍යක් ඉපැයීමට හැකියාවක් තිබේ ද? යන්නයි.



    වැඩිදුර තොරතුරු



    "Mission: Impossible 8" පිළිබදව මීට පෙර පළ කළ ලිපිය


    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎥

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    1b+ wenna wei profit krnna nan ..
    8n nawaththuwot hodai.. fast series eka wage ala karaganna natuwa
    අලුත් එකේ script එක හොද වුනොත් හොදයි. "Dead Reckoning - Part 1" වල script එක හෙන අවුල්. පට්ට cringe dialogues ෆිල්ම් එකේ සමහර සීන්ස්වල තිබ්බෙ. අනිත් එක nuclear war එකක් වේවි කියන plot point එක. අන්තිමට ආපු ෆිල්ම් 4 ම ස්ටෝරි එක අන්තිමේ කැරකිලා ආවෙම වෙන්න තියෙන nuclear war එකක් නවත්තන්න ට්‍රයි කරන තැනටමනෙ. :D
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    මේකත් මිනිස්සුන්ට එපා වෙලා ඇත්තේ ....
    පොදුවෙ හුගක් අයට Franchises, sequels ෆිල්ම්ස් එපාවෙලා තියෙන්නෙ. හුගක් අය හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලනවා හුගක් අඩුයි වියදම වැඩි නිසා. අනිත් හේතුව ඉස්සර වගේ ෆිල්ම් හෝල්ස්වල මාස 3, 4 ක් එකදිගට ෆිල්ම්ස් පෙන්නවා වෙනුවට දැන් ස්ටූඩියෝවලින් කරන්නෙ හෝල්ස්වල පෙන්නන්න අරන් මාසෙකින් විතර ෆිල්ම් එක කෙලින්ම streaming වලට රිලීස් කරන එක. ඔය හින්දා හුගක් අය ෆිල්ම්ස් බලන්න streaming services වලට එනකම්ම බලන් ඉන්නවා. මේ අවුරුද්දෙ රිලීස් වුණු හොදම reviews හම්බුණු Fall guy, Furiosa වගේ big budget ඇක්ෂන් ෆිල්ම්ස් box office වල flop වෙන විදිහට ඉස්සරහට ෆිල්ම් හෝල්ස් ඔක්කොම වගේ වහන්න වෙන සයිස් එකක් තියෙන්නෙ.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    පොදුවෙ හුගක් අයට Franchises, sequels ෆිල්ම්ස් එපාවෙලා තියෙන්නෙ. හුගක් අය හෝල්වලට ගිහිල්ලා ෆිල්ම්ස් බලනවා හුගක් අඩුයි වියදම වැඩි නිසා. අනිත් හේතුව ඉස්සර වගේ ෆිල්ම් හෝල්ස්වල මාස 3, 4 ක් එකදිගට ෆිල්ම්ස් පෙන්නවා වෙනුවට දැන් ස්ටූඩියෝවලින් කරන්නෙ හෝල්ස්වල පෙන්නන්න අරන් මාසෙකින් විතර ෆිල්ම් එක කෙලින්ම streaming වලට රිලීස් කරන එක. ඔය හින්දා හුගක් අය ෆිල්ම්ස් බලන්න streaming services වලට එනකම්ම බලන් ඉන්නවා. මේ අවුරුද්දෙ රිලීස් වුණු හොදම reviews හම්බුණු Fall guy, Furiosa වගේ big budget ඇක්ෂන් ෆිල්ම්ස් box office වල flop වෙන විදිහට ඉස්සරහට ෆිල්ම් හෝල්ස් ඔක්කොම වගේ වහන්න වෙන සයිස් එකක් තියෙන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    පසු තලයට මොකටද ඔච්චර කැටයම්

    AI ජෙනරේට් කරපම් කෝ 😋
    හොලිවුඩ් ෆිල්ම් හදද්දි සමහර දේවල්වලට A.I. පාවිච්චි කරන ගැන film industry එක ඇතුළෙන් ම ලොකු විරෝධයක් තියෙනවා. ඒකයි A.I. පාවිච්චි කරන හරියට regulate කරන්න කියලා කරපු ඉල්ලීමත් 'SAG-AFTRA' ස්ට්‍රයික් එකේ ප්‍රධාන ඉල්ලීම් අතර තිබුණෙ. "Late night with the devil" ෆිල්ම් එකේ සීන් එකකදි A.I. arts පාවිච්චි කරපු එක ගැනත් ලොකු කේස් එකක් ගියා පහුගිය දවස්වල. අනික ටොම් කෲස්ගෙ ෆිල්ම්ස්වල හුගක් වෙලාවට ඇක්ෂන් සීන්ස් එහෙම practically shoot කරන්නයි ට්‍රයි කරන්නෙ තනිකරම CGI මත්තෙ යැපෙනවට වඩා.
     

    Similar threads