සම්පුර්ණ card numbers ලැබෙන්නෙ නැහැ කිසිම වෙලාවක PayHere වලටවත්. ඒක වෙන්නෙ මෙහෙම. PayHere payment gateway එකට කව්රුහරි card numbers enter කරලා payment එකක් කරද්දි, එයා ඒ card numbers ටයිප් කරන්නෙ කෙළින්ම bank payment gateway interface එකක. PayHere කරලා තියෙන්නේ ඒ bank payment gateway එකේ තියෙන card capturing interface එක iframe එකක් ඇතුළේ PayHere gateway interface එක ඇතුළේ බස්සලා තියෙන එක. එතකොට card numbers enter කරන්නෙ PayHere වල වගේ පෙනුනට ඇත්තටම card numbers enter වෙන්නෙ directly bank payment gateway එකට. CSS ටික match කරලා හදලා තියෙන නිසා, ඕක සාමාන්‍ය user කෙනෙක්ට පේන්නෙ නෑ, හැබැයි inspect elements ගිහිං බැලුවොත් එතන තියෙන iframe එකයි, ඒක serve වෙන bank payment gateway එකේ domain එකයි ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්.
Bank payment gateways වලින් ඔය වැඩේ කරගන්න iframe based integrations දෙනවා. එතකොට pay කරන කෙනාගෙ user experience එක better වෙනවා වගේම merchant website එකට, මෙතනදි නම් merchant වෙනුවට intermediary කෙනෙක් විදියට මේ වැඩේ technically කරන PayHere වලට, user enter කරන card numbers දැනගන්න ලැබෙන්නෙ නෑ. PayHere වලට දැනගන්න ලැබෙන්නෙ bank payment gateway එකෙන් payment එක process කරාට පස්සේ, payment status එක inform කරද්දි callback එකෙන් ලැබෙන information ටික විතරයි. එතන තියෙන්නෙ කලින් කිව්ව විදියට Card එකේ BIN number එක සහ අන්තිම digits 4 විතරයි. Merchant ගෙ reference එකට merchant portal එකේ පෙන්නන්න PayHere save කරගන්නේ ඒක විතරයි.
Full card numbers එහෙම ලේසියෙන් කාටවත් capture, process or store කරන්න bank payment gateway වලින් සහ Visa, Mastercard වගේ international card schemes වලින් අවසර දෙන්නෙ නෑ. එහෙම කරන්න නම් PCI DSS කියලා සංකීර්ණ certification එකක් තියෙනවා අරගන්න. ලංකාවෙ බැංකු නොවන ඒක අරං තියෙන අය ඉන්නේ දෙතුන්දෙනයි. මතක හැටියට Genie & LankaPay ලට තියෙනවා. හැබැයි PayHere, OnePay, Webxpay වගේ intermediaries ලට full card numbers අල්ලන්නෙවත් නැතුව iframe based integrations හරහා card payments process කරන්නත්, card tokenization technology එක හරහා subscriptions, auto charging වගේ services දෙන්නත් technically පුළුවන් නිසා, ඒ අයට PCI DSS අවශ්‍ය වෙන්නෙ නැහැ. Bank payment gateways වලින් කිසිම වෙලාවක full card numbers එයාලට expose නොකරන්න හැම තිස්සෙම banks සහ card schemes වගබලාගන්නවා.
payhere data dump wala card details thiyenawa. https://haveibeenpwned.com/