හෙට කොළඹ රවුමක් දානවා කන්න.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    හෙට මන් බත්තරමුල්ලට යනවා foriegn ministry එකට වැඩකට.ව්

    ඒක කරගන මිරිහානේ මේ තැනට යනවා රුපියල් 200 ලු බන් මේ තඩි ප්ලේට් එකක්.කන්න ඕන බලන්න.



    ඊට පස්සෙ යනවා කිරුලපන තෝසෙ කඩේට.මේක පට්ට ප්‍රසිද්දයි.චිකන් මසාලා තෝසේ එකක් කන්න ඕන.



    ඒක කාලා ගෝල්ෆේස් පැත්තට යන්න ඕන ඉස්සෝ වඩයක් කාලා ඉදලා බඩ බස්සගන්න.

    ඒක කාලා යන්න ඕන කොල්ලුපිටියේ තියන unlimited කන්න දෙන කඩේට.මේකේ මන් එක දවස් දෙකක් කෑවා රුපියල් 350 බිත්තර ෆ්‍රයිඩ් රයිස් එක ඕන තරම් බෙදාගන්න පුලුවන්.චිකන් කෑල්ලත් දාලා 500.ඇති තරම් බත්,චිලි පේස්ට්,සෝස් දෙනවා.ප්ලේස් එක හරියටම තියෙන්නේ රාජය ඉංජිනේරු සංස්තාව ලග ඇතුලේ පාරේ කෙලින්ම පොඩි දුරක් යද්දි.



    කාලා යන්න ඕන මරදානෙ ricorn එකට චිකන් චීස් කොත්තුවක් ගන්න.ඒකනම් ගෙදර ගෙනත් කනවා. ස්කෝලේ යන කාලේ කෑවයින් පස්සේ කන්න බැරි වුනා.ආයි පට්ට රහයි දන්නවනේ.



    ෆොටෝස් දාන්නම් ගත්තොත් මේකෙම.තාත්තගෙන් 3000ක් විතර ඉස්සන්න වෙනවා හෙට කන්න.තව අඩුවට කන්න ප්ලේස් ටිකක් කියන්න දන්නවනම් කොළඹ අවට.