✝️🎬 ආගමික විශ්වාසයන් තුළ සැගවී ගිය ජිවිතයේ යථාර්තය පිළිබදව විමසා බලන අපූරු ටෙලි කතා මාලාව - "Midnight Mass" 🎥🛐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,912
    152,760
    113
    zFeNJsc.jpg


    කිරියෙ හුගක් අය මේ TV series එක සමහර විට කලින් බලලත් ඇති. මීට දවස් කීපෙකට උඩදි තමයි මට බලන්න හම්බුණේ. මේක කාලෙකට පස්සෙ බලපු මට හුගක් හිතට වැදුණු Mini TV series එකක් නිසා ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    මෑත කාලෙදි "Stephen King" ගේ නවකතා ඇසුරු කරගෙන නිර්මාණය වුණු හුගක් හොද මට්ටමේ සිනමා නිර්මාණ කීපයක්ම අධ්‍යක්ෂණය සහ තිර රචනය කරපු "Mike Flanagan" තමයි මේ "Midnight mass" කියන ටෙලි කතා මාලාවට අධ්‍යක්ෂණයෙන් වගේම සම තිර රචනයෙනුත් දායක වෙලා තිබෙන්නෙ. ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශයෙන් සැතපුම් 30 ක් පමණ ඈතින් සාගරයේ මධ්‍යයයට වෙන්නට පිහිටලා තිබෙන කුඩා ප්‍රමාණයේ දූපතක් වෙන "Crockett Island" (Crockpot) කියන දූපතේ තිබෙන ධීවර ගම්මානයක් සහ එහි වැසියන් පසුබිම් කර ගනිමින් තමයි මේ ටෙලි කතා මාලාවේ කතාව ගොඩ නැගෙන්නෙ. එක්තරා දිනක මේ දූපතට නන්නාදුනන ආගන්තුක පුද්ගලයෙක් සම්ප්‍රාප්ථ වෙනවා. එතැන් පටන් මේ ගම්මානයේ සිටින වැසියන්ට අත් විදින්න ලැබෙන අද්භූත ආකාරයේ සිදුවීම් සහ ඒ සිදුවීම මගින් ඔවුන්ගේ ජීවිතවලට් එල්ලවෙන බලපෑම මේ ටෙලි කතා මාලාව ඔස්සේ මූලිකව නිරූපණය කරනු ලබනවා.

    විවිධ ආගමික විශ්වාස අතර ඇති වන මතගැටුම් සහ ඒ ආගමික විශ්වාස අන්ධ භක්තියෙන් වැළද ගැනීමෙන් ලැබෙන ප්‍රතිවිපාක, ජීවිතය සහ මරණය යන කාරණාවල සැබෑ අර්ථය, අන්‍යොන්‍ය සම්බන්ධතාවල වැදගත්කම, මානසික පීඩනය සහ හුදෙකලාබව, ජීවිත කාලය තුළදී තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවුණු වැරදි නිසා හෘද සාක්ෂියෙන් එල්ල කරනු ලබන පීඩනය සහ ඉන් මිදීමට විවිධ පුද්ගලයන් දරණ ප්‍රයත්නයන් වගේ ගැඹුරු තේමාවන්, "Horror' ගනයට අයත් කතා අංගයක් (Story element) පසුබිම් කතාව ලෙස යොදා ගනිමින් සිදු කරන විමසා බැලීමක් තමයි මේ ටෙලි කතාව මාලාව මගින් සිදු කරන්නේ. ප්‍රබල සහ සංවේදී ජවනිකාවන් රැසකින්ම සමන්විත වුණු "Midnight mass" කියන මේ ටෙලිකතා මාලාවේ තිර රචනය, දෙබස්, අධ්‍යක්ෂණය, කැමරා කරණය වගේම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ විශිෂ්ට රංගනයනුත් මේ ටෙලි කතා මාලාවට වෙනස්ම ආකාරයේ සුවිශේෂීබවක් ලබා දෙන්න හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන් "Father Paul Hill" ගේ චරිතයට පණ පොවපු "Hamish Linklater" සහ "Bev Keane" කියන චරිතයට පණ පොවපු "Samantha Sloyan" ගේ අති විශිෂ්ට රංගනයන් මේ අතරින් වඩාත් ම කැපී පෙනෙනවා.



    vJ1OB8g.jpg



    cPZIgyU.jpg


    මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම ආගමික විශ්වාස මත පදනම් වුණු කතා තේමාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ටෙ ලි කතා මාලාවක් වීමට අමතරව හුගක් දෙබස්වලට බරවුණු දීර්ඝ ජවනිකාවලින් ඇතුළත් වුණු "slow burn" ගනයට අයත් වෙන ටෙලි කතා මාලාවක් වෙන නිසා සමහර අයට "Midnight mass" එච්චර අල්ලලා යන එකක් නෑ. හැබැයි එහෙම නොවී ටිකක් ඉවසීමෙන් පළවෙනි එපිසෝඩ් 2 බලන්න පොඩි උත්සාහයක් ගත්තොත් ආයෙ ඉතින් මේ ටෙලි සීරීස් එකෙන් අන්තිම වෙනකම්ම ඇහැ ඉවතට ගන්න හිතෙන හිතෙන එකක් නෑ. ඒ තරම්ම හොදට ප්‍රේක්ෂකයාව ටෙලි සීරීස් එකේ එපිසෝඩ් එකෙන් එකට ඇද බැද තබා ගන්න ගමන් සුවිශේෂ විදිහෙ ටෙලි අත් දැකීමක් ලබා දෙන ටෙලි සීරීස් එකක් තමයි "Midnight mass" කියන්නෙ. :yes: :)





    ✍️🎬 සටහන: @Stimulus mind 🎬✍️

    සැ.යු. : TV series එක නොබලපු අයට කතාව spoil නොවෙන විදිහට මේ TV series ගැන ඕගොල්ලන්ට තියෙන අදහස දක්වන්න කියලා කාරුණිකව ඉල්ලනවා. :)🙏

     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    zFeNJsc.jpg


    කිරියෙ හුගක් අය මේ TV series එක සමහර විට කලින් බලලත් ඇති. මීට දවස් කීපෙකට උඩදි තමයි මට බලන්න හම්බුණේ. මේක කාලෙකට පස්සෙ බලපු මට හුගක් හිතට වැදුණු Mini TV series එකක් නිසා ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    මෑත කාලෙදි "Stephen KIng" ගේ නවකතා ඇසුරු කරගෙන නිර්මාණය වුණු හුගක් හොද මට්ටමේ සිනමා නිර්මාණ කීපයක්ම අධ්‍යක්ෂණය සහ තිර රචනය කරපු "Mike Flangana" තමයි මේ "Midnight mass" කියන ටෙලි කතා මාලාවට අධ්‍යක්ෂණයෙන් වගේම සම තිර රචනයෙනුත් දායක වෙලා තිබෙන්නෙ. ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශයෙන් සැතපුම් 30 ක් පමණ ඈතින් සාගරය මධ්‍යයටට වෙන්නට පිහිටලා තිබෙන කුඩා ප්‍රමාණයේ දූපතක් වෙන "Crocket Island" (Crockpot) කියන දූපතේ තිබෙන ධීවර ගම්මානයක් සහ එහි වැසියන් පසුබිම් කර ගනිමින් තමයි මේ ටෙලි කතා මාලාවේ කතාව ගොඩ නැගෙන්නෙ. එක්තරා දිනක මේ දූපතට නන්නාදුනන ආගන්තුක පුදගලයෙක් සම්ප්‍රාප්ථ වෙනවා. එතැන් පටන් මේ ගම්මානයේ සිටින වැසියන්ට අත් විදින්න ලැබෙන අද්භූත ආකාරයේ සිදුවීම් සහ ඒ සිදුවීම මගින් ඔවුන්ගේ ජීවිතවලට් එල්ලවෙන බලපෑම මේ ටෙලි කතා මාලාව ඔස්සේ මූලිකව නිරූපණය කරනු ලබනවා.

    විවිධ ආගමික විශ්වාස අතර ඇති වන මතගැටුම් සහ ඒ ආගමික විශ්වාස අන්ධ භක්තියෙන් වැළද ගැනීමෙන් ලැබෙන ප්‍රතිවිපාක, ජීවිතය සහ මරණය යන කාරණාවල සැබෑ අර්ථය, අන්‍යොන්‍ය සම්බන්ධතාවල වැදගත්කම, මානසික පීඩනය සහ හුදෙකලාබව, ජීවිත කාලය තුළදී තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවුණු වැරදි නිසා හෘද සාක්ෂියෙන් ඇති කරන පීඩනය සහ ඒවායින් මිදෙන්න විවිධ පුදගලයන් දරණ ප්‍රයත්නයන් වගේ ගැඹුරු තේමාවන්, "Horror' ගනයට අයත් කතා අංගයක් (Story element) පසුබිම් කතාව ලෙස යොදා ගනිමින් සිදු කරන විමසා බැලීමක් තමයි මේ ටෙලි කතාව මාලාව මගින් සිදු කරන්නේ. ප්‍රබල සහ සංවේදී ජවනිකාවන් රැසකින්ම සමන්විත වුණු "Midnight mass" කියන මේ ටෙලිකතා මාලාවේ තිර රචනය, දෙබස්, අධ්‍යක්ෂණය, කැමරා කරණය වගේම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ විශිෂ්ට රංගනයනුත් මේ ටෙලි කතා මාලාවට වෙනස්ම ආකාරයේ සුවිශේෂීබවක් ලබා දෙන්න හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන් "Father Paul Hill" ගේ චරිතයට පණ පොවපු "Hamish Linklater" සහ "Bev Keane" කියන චරිතයට පණ පොවපු "Samantha Sloyan" ගේ අති විශිෂ්ට රංගනයන් මේ අතරින් වඩාත් ම කැපී පෙනෙනවා.


    vJ1OB8g.jpg



    cPZIgyU.jpg


    මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම ආගමික විශ්වාස මත පදනම් වුණු කතා තේමාවක් පාදක කරගෙන නිර්මාණය වුණු ටේලි කතා මාලාවක් වීමට අමතරව හුගක් දෙබස්වලට බරවුණු දීර්ඝ ජවනිකාවලින් ඇතුළත් වුණු "slow burn" ගනයට අයත් වෙන ටෙලි කතා මාලාවක් වෙන නිසා සමහර අයට "Midnight mass" එච්චර අල්ලලා යන එකක් නෑ. හැබැයි එහෙම නොවී ටිකක් ඉවසීමෙන් පළවෙනි එපිසෝඩ් 2 බලන්න පොඩි උත්සාහයක් ගත්තොත් ආයෙ ඉතින් මේ ටෙලි සීරීස් එකෙන් අන්තිම වෙනකම්ම ඇහැ ඉවතට ගන්න හිතෙන හිතෙන එකක් නෑ. ඒ තරම්ම හොදට ප්‍රේක්ෂකයාව ටෙලි සීරීස් එකේ එපිසෝඩ් එකෙන් එකට ඇද බැද තබා ගන්න ගමන් සුවිශේෂ විදිහෙ ටෙලි අත් දැකීමක් ලබා දෙන ටෙලි සීරීස් එකක් තමයි "Midnight mass" කියන්නෙ. :yes: :)





    ✍️🎬 සටහන: @Stimulus mind 🎬✍️

    සැ.යු. : TV series එක නොබලපු අයට කතාව spoil නොවෙන විදිහට මේ TV series ගැන ඕගොල්ලන්ට තියෙන අදහස දක්වන්න කියලා කාරුණිකව ඉල්ලනවා. :)🙏


    සුපිරිම කතාවක්. හැමොම බලන්න ඕනා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,912
    152,760
    113
    මිනිසා ආගම් වලින් ඉවත් විය යුතුයි
    එහෙමම අදහසක් නම් නෙවේ මේ TV series එකෙන් කියන්නෙ. ආගමික දේවල් වැරදියට වටහගන්න එකෙන් හරි, අර්ථ කථන දෙන එකෙන් හරි, අන්ධ භක්තියෙන් වැළදගන්න එකෙන් හරි සමස්තයක් විදිහට මිනිස්සුන්ට වෙන්න පුළුවන් අහිතකර බලපෑම ගැන තමයි මූලිකව මේ සීරීස් එකෙන් කතා කරන්නෙ. ඕකට අමතරව තව සංකීර්ණ තේමාවල් කීපයක් ගැනම මේ සීරීස් එකේදි කතා කරනවා. :yes: මේ සීරීස් එක හදපු "Mike Flanagan" පොඩි කාලෙ හැදුන වැඩුන කතෝලික ආගමික පරිසරයයි, කාලයක් තිස්සෙ තිබ්බ Alcohol addiction එකෙන් මිදිච්ච එකයි තමයි මේ සීරීස් එක ලියන්න හේතු වෙලා තියෙන්නෙ.